Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Superman/Batman: Apocalypse (2010) with Sinhala Subtitles |සුපර්ගර්ල් පෘතුවියට. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ අය අද මේක ඩවුන් කරගෙන බලන්නකො. 2010 වසරෙ සැප්තැම්බර් 28 නිකුත්වෙච්ච මේ සිනමාපටයට මේ වෙනකොට IMDb අගය 7.1ක් ලැබිලා තියෙනවා. පැය 1යි විනාඩි 18ක් පුරාවට ඔයාලට කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ඇනිමේෂන් එකක් කියලා කියන්න පුළුවන්.

කතාව ගෙතීගෙන යන්නෙ අපේ සුපර්මෑන්ගෙ ඥාති සොහොයුරිය වෙන කාරා සොර්-එල්, එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න විදිහට සුපර්ගර්ල් වටා. මේකෙදි අපිට හම්බෙන්නෙ DC විශ්වයේ ඉන්න ප්‍රබලම සතුරෙක් වෙන ඩාක්සයිඩ්ව. දැනට ලැබෙන ආරංචි අනුව මේ අවුරුද්දෙ එන BvS ෆිල්ම් එකෙත් ඉදිරියට එන ජස්ටිස් ලීග් ෆිල්ම් එකට අදාලව ඩාක්සයිඩ් සඳහන් වෙනවලු. එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙනකම් හැමෝටම ජය වේවා…!!!

මීට පෙර පලවූ ලිපිය…

ඔන්න ඉතින් කාලෙකට පස්සේ සුපර් මෑන් අයියගේ අලුත් බයිස්කොප් එකක් අරගෙන ආවා. මට ඉතින් කාටුන් වලින් තොර ලොකයක් නෑනේ. මොනවා උනත් මේ අලුත්ම බයිස්කොප් එක මගේ හිතට ගොඩක් ඇල්ලුවා. මොකද මට කාලෙක ඉඳල තිබ්බ පරණ ප්‍රශ්ණයකට උත්තර මේ බයිස්කෝප් එකෙන් හම්බවුනා.

කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. හදිස්සිය්ම අමුතු පිටසක්වල යානාවක් අපේ පෘතුවියට කඩාවැටෙනවා .ඉතින් අපේ සුපර්මෑන් අයියාගේ යාලුවා, බැට්මෑන් ඕක හොයන්න එනවා. එතකොට ඒයාට ලැබෙනවා සුපර් මැන්ගේ වහකදුරු වගේ වෙන ශක්තිමත් Kryptonite පාෂාණ කැබලි. මේ යානාවේ එන්නේ ලස්සන නංගි කෙනෙක්. එයා අහම්බෙන් වගේ අපේ බැට් මැන් ගේ වාහනය ඇතුලට වැටෙනවා. අන්තිමට මෙයා ලොකු විනශයක් කරනවා. මේ කවුද කියල අඳුනගන්න බැට්මැන් පුදුම දුකක් විදිනවා. කොහොම හරි අන්තිමට ඒකට උදව් වෙන්නේ අපේ සුපර්මැන් අයියා. අන්තිමට බැලින්නං මේ අපේ සුපර් මැන් අයියගේ සහොදරි. හැබැයි කොච්චර කලත් අපෙ බැට් අයියා ඉන්නේ හරිම සැකෙන්. එකට හෙතුව සුපර් සහෝදර දෙන්නගෙ ඩී.එන්.ඒ වල වෙනස. කොහොම උනත් මේ නංගිටත් පොඩි අස්පට් ඒකක් තියෙනවා. ඒක තමයි තමන්ගේ ශක්තිය පලනය කරගන්න බැරි එක. කොහොම හරි දවසක් මෙයාව අදුරේ බලවේගය විසින් පැහැරගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන්නෙ මොකක්ද කියල ඔයාලා බලලා මට කියන්න. :) සති අන්තෙ අපේ නංගිලා මල්ලිලාට දුවල පුතාලට හොඳ තෑග්ගක්.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය අකිල ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Superman/Batman: Apocalypse (2010) on IMDb

 

 

600 MB (720p.BR) කොපිය මෙතනින් ගන්න

824C3063A5D905A099FA353541E5E5C4698BD2E1

1.20 MB (1080p.BR) කොපිය මෙතනින් ගන්න

ED995AD49033D5D15713A00E5225BC7270AD0AF4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>