අාපු දවසේම දෙන්න බැරි වුනත්, පුළුවන් ඉක්මනින්ම ගෙනාවා. පසුගිය සතියේදී දිග ලිපියක් දුන්නා. ලිපියක් කිව්වේ ලිපි තුනක්ම දුන්නා ගෝස්ට් රයිඩර් පිලිබඳව. දැන් ඉතිං ග්‍රෑන්ට් වෝර්ඩ් කතා මාලාවෙන් අයින් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඒ චරිතය තවදුරටත් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් අනිත් අය තාමත් ඉන්නවා. හැබැයි ඔයාලාට දකින්න ලැබෙන්න ඇති අවසානයේ ලින්කන් හයිව් එක්ක උඩුගුවනේ ගුවන් යානයත් එක්ක පුපුරලා මැරුණයින් පසුව, ඩේසි ශීල්ඩ් වලින් පැනලා තනියම වැඩ කරන්න පටන් අරගෙන කියලා. අපි තාමත් දන්නේ නෑ ඇයි ඩේසි ශීල්ඩ් වලින් පැනලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතිං ශීල්ඩ් වලිනුත් ඩේසිගෙන් නගරයට හානි සිදුවෙන නිසා එයාව අල්ල ගන්න මෙහෙයුම් සිදු කලත්, ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති මුල් කතා සමයන් වල ස්කයිට (ඩේසි ඒ කාලේ ස්කයි නේ…) බලය ලැබුණට පස්සේ එයාගේ අත්වල ඇටකඩු පුපුරන්න ගත්තා කියලා. ඒ එයාගේ බලය නිසා ශරීරයට ඇතිවෙන අහිතකර බලපෑමක්. ඉතිං මෙයා මෙතනදීත් එලියේ වැඩ කරද්දී, කොටින්ම කිව්වොත් දැන් ඩේසි ශබ්ධ කම්පන වලින් පියාඹන්නත් පටන් අරගෙන තියෙන්නේ, මේ නිසා මෙයාගේ අත් වලට වගේම ශරීරයටත් ඒකෙන් ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ.
මේ විදියට ඩේසි තනියම හොරු අල්ලන්න යන අතරමගදී තමයි රොබී රේයස් හමුවෙන්නේ. රොබී හරියටම කවුද කියලා නියම ස්වරූපය ඩේසිට දැනගන්න ලැබුණට පස්සේ ඩේසි මෙයාව නිකංම අතාරින්නේ නෑ. එයා ගැන විස්තර හොයන්න එයා ඉන්න තැනට යනවා. ඒ වගේම පසුගිය සතියේ අපිට දකින්න ලැබුණු ගෑණු හොල්මන ගැනත් ලොකු ලොකු හෝඩුවාවන් කිහිපයක් අපිට දැනගන්න ලැබෙනවා. ඒත් කතාව ඉදිරියට මේ දේවල් එක්ක කොහොම ගලාගෙන යාවිද කියලා නම් හිතාගන්නවත් අමාරුයි. ඔයාලට දකින්න ලැබෙන්න ඇතිනේ මෙලින්ඩා (මේ) ට දැන් අනිත් අයට වගේ කට්ටියගේ මූණු අමුතු විදියට පේනවා කියලා. ඒ සම්බන්ධයෙනුත් ලොකු සිදුවීමක් වෙනවා.
මුලින්ම ලිපිය දිගට ලියපු නිසා දැන් වැඩි විස්තරයක් ලිපිය හරහා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජාමෙන් බේරෙන්න තමා මේ ටිකත් ලිව්වේ ඈ… . ඔන්න එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264) පිටපත් සඳහා වලංගු වේ.
Marvels.Agents.of.S.H.I.E.L.D.S04E02.720p.HDTV.x264-AVS
854 downloads
<< Previous Episode All Episodes Next Episode >>