Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Police Academy 5: Assignment: Miami Beach (1988) with sinhala subtitles |මියාමි වෙරළේ වික්‍රමය. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

Police Academy 5-Assignment-Miami Beach (1988)

හැරිස්ගෙ උපරිම උත්සහය ලසාර්ඩ්ව කොහොමහරි පන්නගන්න. මේ උත්සහය ලේසියෙන් අත හරින්නෙ නෑ. ලසාර්ඩ්ගෙ ඔෆිස් එකෙන් මොනවමහරි දෙයක් හොයාගන්නම් කියල රෑක හොඳ  පරීක්ෂාවක් කරනව. ඒ වගේම ලසාර්ඩ්ව අයින් කරන්න ලේසිම ක්‍රමයත් හොයාගන්නව. ඒ ලාසර්ඩ් විශ්‍රාම යායුතු වයස පහුවෙලා කියන එක. ලසාර්ඩ් හට් දශකයේ හොඳම පොලිස් කොමඩන්ට් විදියට සම්මාන ලැබෙනකොට ඔහුට විශ්‍රාම යන්නත් සිදුවෙලා.

සම්මාන ලැබුනත් විශ්‍රාම යන්න වෙන නිසා සිත් තැවුලෙන් ඉන්න ලසාර්ඩ්ගෙ හිත හදන්නෙ කට්ටිය උත්සහ කරන්නෙ මෙතනදි එයාලටත් කරන්න දෙයක් නෑ කියල දන්න නිසා. ඒත් ඔවුන් දන්නව මේකත් මොකක් හරි හැරිස් ගෙ ගැටක් කියල. ඒත් කරන්න දෙයක් නෑ. සම්මාන උත්සවේ තියෙන්නෙ මියාමි වෙරළෙ. අපේ යාලුවො ටිකත් ලසාර්ඩ්ගෙ උදවුවට එහෙට යන්න තීරණය කරනව. හැරිසුත් තමන්ගෙහොඳ හිත පෙන්නන්නත් එක්ක මේ ගමනට එකතුවෙනව. ඒත් මියාමි වලය යන්නෙ කොහොමද කියල දැනගන්න ඔයාල චිත්‍රපටය බලන්න ඕන. මේ අතරෙ නගරයේ කෞතුකාගාරය කඩල දියමන්ති හොරකමක් වෙනව.

දියමන්ති උස්සපු හොරුත්, ලසාර්ඩ් ඇතුලු කණ්ඩායමත් මියාමි වලට යන්නෙ එකම ගුවන් යානයෙ. මෙතනදි ලසාර්ඩ්ගෙයි හොරාගෙයි බෑග් දෙක මාරු වෙනව දෙකම එක වගේ නිසා. හොර නායකය ලඟට ගිහින් දෙන්නෙ ලසාර්ඩ්ගෙ බෑග් එක.එතකම් දන්නෙ නෑ බෑග් මාරුවෙලා කියල. ඊලඟ උත්සහය බෑග් එක හොයාගන්න එක. ඒත් පරක්කු වැඩියි. බෑග් එක හම්බ උනත් ඩියමන්ති හන්ගල තිබුණ කැමරාව ලසාර්ඩ් අතට එනව. හොතන්නෙ මේක තෑග්ගක් කියල.

අන්තිමේදි දියමන්තිත් එක්ක ලසාර්ඩ්වත් ප්‍රාණ ඇපයට අරගෙන හොරු ටික පනිනව. ඒත් ලසාර්ඩ් හිතන්නෙ මේක උත්සවේම කොටසක් කියල. ඒක නිසා පැනල යන්න හොඳම විදිය කියල දෙන්නෙත් ලසාර්ඩ්මයි. මුන්ව අල්ලගෙන ලසාර්ඩ්වත් බේරගන්න සැලසුමක් හැදුවත් හැරිස් මුදුනා වෙලා  ඔක්කොම අවුල් කර ගන්නව විතරක් නෙමේ හොරු ටික හැරිස්වත් හරගෙන යනව.

ඒකෙ වාසිය තියෙන්නෙ හයිටවර්ලට. මොකද බධාවක් නැතුව තමන්ට ඕන විදියට මෙහෙයුම් කරන්න පුලුවන්. කට්ටියවම අල්ලගන්නතුරු ලසාර්ඩ් දන්නෙ නෑ මේ ඉන්නෙ ඇත්තම හොරුය කියල. කොහොම උනත් ජීවිතේ පරදුවට තියල හැරිස්ව කිඹුලෙක්ගෙන් බේරගත්ත නිසා හයිට්වර්ව කැප්ටන් කෙනෙක් විදියට උසස් කරනව. මේකත් yify torrent එකෙන්ම බාගෙන ඔබත් රසවිදින්න.

Police Academy 1 (1984)

Police Academy 2: Their First Assignment (1985)

Police Academy 3: Back in Training (1986)

Police Academy 4: Citizens on Patrol (1987)

Police Academy 5: Assignment: Miami Beach (1988) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි YIFY පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>