
මේ හොලෝවීන් චිත්‍රපට මාලාවෙ තුන්වෙනි චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටය පලමු චිත්‍රපට වල කතාවට සම්බන්ධ නොවන වෙනස් කතාවක්. එක්තරා ආකාරයක මානසික ව්‍යාධියකින් පෙලෙන සෙල්ලම් බඩු නිශ්පාදකයෙක් තමා කතාවට මුල් වෙන්නෙ. අපි බලමු ටිකක් කතාව කොහොමද කියල.
වයසක මිනිහෙක් පිටිපස්සෙ කාරයකින් මිනිස්සු දෙන්නෙක් එලවගෙන එන තැනින් තමා කතාව ආරම්භ වෙන්නෙ. ලඟ තියෙන ගරාජයකට රින්ගක මේ වයසක මනුස්සය තමන්ගෙ ජීවිතේ බේරගන්නව. කොහොම හරි ගරාජයේ මුරකරුවා ගේ උදව්වෙන් මොහු රෝහල් ගතවෙනව. රෝහලේදිත් රූපවාහිනියෙ පෙන්වන දැන්වීමක් දැකල හොඳටම බයවෙනව. නමුත් මිනීමරුවන්ගෙ උත්සහය අතහැරක නෑ. ඔවුන් රෝහලටත් එනව.රෝහලේදි මේ වයසක මිහව මරල, මිනීමරුවත් රෝහල් බිමේදිම සියදිවි නසාගන්නව. ප්‍රධාන වෛද්‍යවරයට මේක ලොකු ගැටලුවක්. මොකද ඔහුගෙ සේවා කාලයෙදි මෙහෙම කිසිම සිද්ධියක් වෙලා නෑ.
මියගිය මිනිසාගෙ දුව එලී රෝහලට එනව. ඇයට තියෙන ගැටළුව තමා කාටවත් කරදරයක් නැති තමන්ගෙ පියාව මරන්න කාටහරි උවමනා උනේ ඇයි කියන එක. ඇය මේ ගැන හොයනකොට දොස්තරත් මේකට එකතු වෙනව. එලී ගෙ තාත්තගෙ වාර්ථා බලල ඔහු අවසානෙට ගියෙ කොහාටද කියල හොයාගන්නව. ඒ ඔහුගෙ සාප්පුවට තවත් වෙස් මූණු ගන්න වෙස්මූණු නිශ්පාදනාගාරයයි යන්නෙ. මේ කර්මාන්තශාලාව තියෙන්නෙ එක්තරා විදියක අද්භූත නගරයක. රාත්‍රි කාලයට කාටවත් එළියටවත් එන්න දෙන්නෙ නැති පාලනයක් තියෙන්නෙ.
මේ කර්මන්තශාලාවෙන් වෙස්මූණු ගන්න ආපු තවත් කට්ටියක් එක්ක මේ දෙන්නත් කර්මාන්තශාලාව බලන්න යනව. එතනදි එලීගෙ තාත්තගෙ කාරෙක මේක ඇතුලෙ තියනව දැකල කර්මාන්තශාලාවට සැකය යොමු වෙන්නෙ. අවසානෙදි දොස්තර මාහත්තය දැනගන්නව මේ සෙල්ලම් බඩු නිශ්පාදකය මහා පරිමාණ මනුශ්‍ය ඝාතනයකට සූදානම් වෙනබව. මේ වෙනකොට තමන් ලඟ හිටපු එලීත් නැතිවෙලා. එලී ට මොනව වෙයිද?, දොස්තරට මේ ව්‍යසනය නවත්වන්න පුවන් වෙයිද? දැනගන්න චිත්‍රපටය නරඹන්න. චිත්‍රපටය ගන්න විදිය මුලින්ම කිව්වනෙ.
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
36 downloads



