Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Neighbors 2: Sorority Rising (2016) with Sinhala Subtitles |මෙහෙමත් අසලවැසියෝ නැවතත් [සිංහල උපසිරසි සමඟ] *50*

$
0
0

Neighbors 2-Sorority Rising (2016) - 50

ඔන්න යාලුවනේ දිර්ඝ කාලයකට පස්සෙ පට්ටම කොමඩියකුත් එක්ක මගේ හාෆ් සෙන්චරියත් අරගෙන මම ඇවිල්ලා ඉන්නෙ. ඔයාල ගේ ඉල ඇට කුඩු කුඩුවෙන කම් හිනස්සවලා යන්න. මේක පට්ටම පට්ට කොමඩියක් මේක ගැන ඔයාලට අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ මොකද කිව්වොත් මෙකේ පලමු වැන්න ඔයාලා අනිවාර්යෙන්ම නරබලා ඇති බලපු අයට නම් මේක ගැන අලුතින් කියන්න ඕන වෙන එකක් නැහැ. මොකද කිව්වොත් මේ බයිස්කෝප් එකේ තියෙන ආතල් ඒ අය දන්න නිසා. මුලින්ම මම ඔයාලට කියන්න ඕන අද මට විශේෂ දවසක් මොකද කිව්වොත්. අද මම ඔයාලට ලබා දෙන්නෙ මගේ 50 වැනි උපසිරැස නිසා. මේ ගමනට මට මගේ බයිස්කොප් එකේ උපසැරිස කණ්ඩායම ඒ වගේම බයිස්කොප් රසික රාසිකාවියෝ ඔබ මහත් ශක්තියක් මට ලබා දුන්නා.  මම හදිසියේ මේ ලිපිය ලියන්නෙ මම මේක භාරගෙන දැනට මාසයකටත් වඩා කාලයක් ගත වෙනවා. මම පොඩි මතක් කිරිමක් කරන්නම් මගේ උපිසැරැසි ගැන්විමේ ආරම්බය ගැන මුලින්ම මට චිත්‍රපටකයට සබක් කරමු කිව්වෙ මගේ හොදම යාලුවෙක්වන බුද්ධික. මම එතකොට බයිස්කොප් වෙබ් අඩවිය ගැන දැන ගෙන උන්නට ඒකට සම්බන්ධ වෙන විදිය දැන ගෙන උන්නෙ නැහැ ඔහු තමයි මට විකියා සහෝදරයා හදුන්වා දිලා මේ වැඩේට මාව යොමු කලේ. ඒ  dark circle චිත්‍රපටයෙන්. පසුව විකියා සහෝදරයා මට දිගින් දිගටම මට සුපිරි ගනයේ චිත්‍රපට ලබා දුන්නා. ඔහු නිතරම මාව ධෛර්යයමත් කලා ඒ වගේම රොයිලි අයියා ,හසන්ත අයියා, සමීර, සමීර කරුණාරත්න සහෝ, සමන්, දසන්, සදුන්, නලින් අයියා, අපේ නයි පැටියා, ඒ වගේම විශේෂයෙන්ම අපේ විමා. ඔහු නිරන්තරයෙන්ම මාව දිරිගැන්වුවා. මගේ 50 වෙනි උපසැරසට මේ පට්ටම පට්ට කොමඩිය කරමු කියලා මට මේක හොයලා දුන්නෙත් විමා. 50 ඉක්මණටම ගහමු මචං කියලා මාව නිතරම වගේ උනන්දු කලා ඒ වගේම නම කිවු නොකිවු මගේ බයිස්කොප් යාහලුවන් සියළුම දෙනාවම මම ආදරෙයින් මතක් කරනවා. සමහර නම් මට මග හැරිලා ඒකට ඔයාලා මාත් එක්ක තරහා වෙන්න එපා මොකද කිව්වොත් මම මේ ලිපිය ලියන්නෙ හදිසියේ සබ් එක ඉක්මණින්ම දෙන්න ඕන නිසා. ඒ වගේම සබ් එක බැලුවත් නැතත් හැමදාම පොඩි කොමෙන්ටුවක් දාලා මාව දිරි ගන්නවලා යන යහාලුවන්ටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ උපසිරැස කණ්ඩායමට ගොඩාක් ස්තුවන්ත වෙන්න ඕන මේක අඛණ්ඩවම පවත්වාගෙන යන එකට ඔවුන්  මේ දේවල් කරන්නෙ බෝහෝමයක් කැප විම් කරන අතර වාරයේ රාජකාරි බෝහෝමයක් මැද. ඔවුන්ට තව තවත් ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. ඒ වගේම ප්‍රෙක්ෂක ඔබ මේ ස්තුතියෙන් බාගයක් ඔයාලටත් හිමි වෙනවා. මොකද කිව්වොත්. ඔබ නිසා තමයි. අපේ උපසිරැස කණ්ඩායම මහත් රාජකාරි මැද ඔයාලට  උපසැරස කිරිමෙන් අරගෙන එන්නෙ. මේ වෙබ් අඩවිය පවතින්නෙත්. මම ඔයාලටත් ආරධනා කරනවා අපිත් එකතු වෙලා අපේ බයිස්කොප් පවුලේ සමාජිකයෙක්බවට පත් වෙන්න තව තවත් හිත හිත ඉන්න එපා ඉක්මණින් අපි සමඟ එක්වෙලා උපසැරැස කරුවෙක් බවට පත් වෙන්න.

50 Ushan Wish

එහෙම නම් යාලුවනේ අපි මේ පට්ට පතුරු කොමඩිය ගැන පොඩ්ඩක් හොයලා බලමු… මේ බයිස්කොප් එක ගලා යන්නෙ වැඩිහිටියන් සහා පොඩි හිටියන් අතර. පොඩි හිටියන් කිව්වට ඔවුන් එච්චරටම පොඩි නැහැ. කෙල්ලන් කණ්ඩායමක් ඉන්නවා ඔවුන්ට ඕන සෝරටි එක්ක එහෙමත් නැතිනම් කාන්තාවන් වෙනුවෙන් කැපවුණු සමාජයක් පිහිටුවන්න. ඔවුන් ඒකට නිවසක් බද්දට ගන්නවා ඒකට පලවෙනි කොටසේ වැඩිහිට් කණ්ඩායමේ මෑක් ගේ හතුරෙක් වන ටෙඩි ඒ කෙල්ලන් කණ්ඩායමට සහාය දෙනවා. නමුත් අහම්බෙන් වගේ ඔවුන් සොරටි එක පිහිටුවන්න බද්දට  ගන්නෙ මෑක් ගේ අල්ලපු ගෙදර මෑක් ඒකට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නැහැ ඒ ඔවුන් එම නිවස විකිණිමට සිටින නිසා මේ සිද්ධිය නිසා වැඩිහිටියන් සහා පොඩි හිටියන් අතර පට්ටම සිදුවිමින් ටිකක් තමයි සිද්ධ වෙන්නෙ. පසු කාලීනව මෑක් ගේ සතුරෙක්ව සිටි ටෙඩිත් මෑක් එක්ක එකතු වෙනවා ඒ සිද්ධියත් එක්ක මේක බොහෝම රසවත් ආතල් ලෝකයක් බවට පත් වෙනවා මීට වඩා මම ඔයාලට මොකවත් කියන්න නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ මේකේ අවසානය මොනවගේ වේවිද කියලා. ඒකත් ඉතින් ආතල් අවසානයක් තමයි. මේකට imdb දර්ශකයේ 5.8 ක අගයක් හිමිවෙලා තියෙනවා මෙකේ අගයත් බැලුවම ඔයාලට තේරෙනවනේ මේක කොච්චර සුපිරිද කියන එක. වෙනදා වගේම ඔයාල ගේ වටිනා අදහස් කොටලා යන්න අමතක කරන්න එපා. තවත් සුපිරි බයිස්කොප් එකක් අරන් ඉක්මණින්ම ඔයාලා හමුවිමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.

බයිස්කොප් එකට ජයෙන් ජය !

Neighbors 2: Sorority Rising (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Neighbors.2.Sorority.Rising.2016.720p.BRRip.x264.AAC-ETRG

Neighbors.2.Sorority.Rising.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>