කොහොමද ඉතින් කට්ටියටම. ඔන්න ඉක්මනටම අරන් ආවා දෙවැනි කොටහ ..දැන් ඉතින් තෙවන කොටසේ ඉදන් සමගාමී විකාශයත් සමග උපසිරසි ලබාදෙන්න හැකිවෙයි. හැබැයි මම හිතුව තරම් පිරිසක් කතාව බලන්නේ නැද්ද මන්දා. හොදයි එහෙමනම් බලමුනේ අද මොකද වෙන්නේ කියලා.
අතීත කතාව.
ගොවිපලේ මුල්ම පාඩම පටන්ගන්නවා. ඒකට මුලින්ම අහුවෙන්නේ ඇලෙක්ස්ව. ඉතින් ඇලෙක්ස් සුපුරුදු ලෙස වැඩේ අනාගත්තා. පේන විදිහට ඔවන් හෝල් රයන්ට විශේෂ කැමැත්තක් දක්වනවා. කොහොමත් මෙයාලටත් ඕනේ වුනේ මේකනේ.
වර්තමාන කතාව.
ත්‍රස්ත ප්‍රහාරයට ලක්වුණ ගොඩනැගිල්ල ඇතුලේ දහස් ගානක් හිරවෙලා ඉන්නවා. මේකට කිසිම දෙයක් කරගන්න බැරුව ජාතික ආරක්ෂක කවුන්සිලය ඉන්නේ. මොකද මේ ත්‍රස්තවාදීන් සියල්ලක්ම ඕනෙවටත් වඩා හොදට සැලසුම් කරලා. අමාරුවෙන් ඇතුලට පැනගත්ත ඇලෙක්ස් දැන් සන්නිවේදනය කරන්න ක්‍රමයක් හොයනවා.
එහෙමනම් ඉතින් හැමෝටම බාගෙන බලන්න කියනගමන් මම සමුගන්නවා. තෙවැනි කොටසින් යලිත් හමුවෙමු එසේනම්. එතෙක් ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E02.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
85 downloads
<<Previous Episode All Episodes Next Episode >>