Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvels Luke Cage [S01 : E01] with Sinhala Subtitles |කිල්ග්‍රේව්ගෙන් පසුව හාර්ලම් වෙත… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න Marvel තවත් කතාවක් මේ විදියට අපේ බයිස්කෝප් අඩවියේ දිග හැරෙන්නයි මේ සූදානම. මාවල් විශ්වයේ ඉදිරියට යන ගමනේ තවත් දැවැන්ත පියවරක් උදෙසා බොහෝම පොඩියට ගොඩනැගෙන කතා මාලාවන් ගොන්නක් අතරට මේ කතාවක් එක්වන්නයි සූදානම. කතා මාලාවන් කියලා බහු වචනෙන් කිව්වාම හැමෝම දන්නවා මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. Marvels Dare Devil, Marvels Jessica Jones, Marvels Iron Fist කතා මාලාවන් අතරට අයිති සමගාමි කතා මාලාවක් තමයි මේ Luke Cage කියන්නේ. ඉතිං උඩ තියෙන කතා නොබැලුවා කියලා කතාව නොතේරෙන්නේ නෑ. හැබැයි උඩ කතා නොබලපු අය හැරෙන්න වෙන කිසි කෙනෙක් මේ කතාව බලන්න යොමු වේවි කියලා මම හිතන්නේ නෑ. Marvels Iron Fist නම් ඉදිරියට පැමිණෙන්න නියමිතයි. ඒ වගේම මේ කතා සියල්ලක්ම එකට එකතු කරලා Marvels Defenders කතා මාලාවත් ගොඩ නැගෙන්නයි සූදානම. ඉතිං ඒ කතා මාලාවට නම් මේ 4 දෙනා ශුවර් එකටම සහභාගී වෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම පනිශර්, ඉලෙක්ට්‍රා වගේ චරිතත් බොහෝ විට ප්‍රධාන කතා මාලාවක් නොලබාම මාවල් විශ්වයේ ඉදිරි ගමනට සහභාගී කරගන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. පනිශර්ට නම් දැනටමත් එයාගේම කතා මාලාවක් ලැබෙන්න යන බවක් ගැන ඉස්සර කටකතා අහන්න ලැබුණත්, දැනට විස්තර අනුව නම් Netflix වලින්ම පනිශර් වෙනුවෙන් සීරියස් එකක් ඕඩර් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඒත් කතාව නිර්මාණය වේවිද කියලා තාම හරිහැටි විශ්වාසයක් නෑ. මොකද කිව්වොත් Dare Devil Season 2 වලදී පනිශර්ට ඇති තරම් කතාවේ ඉඩ පරාසයක් ලැබුණු නිසා. ඉතිං අපි බලමු නේද මොනවයින් මොනවා වේවිද කියලා.

ශීල්ඩ් වලදී නම් අලුත් චරිතයක් ගැන පොඩි විස්තරයක් ලබා දෙනවා. ඒත් මේ ලූක් කේජ් කියන චරිතය නම් මට ගොඩක් ආගන්තුක චරිතයක්. ඒ නිසා වැඩි විස්තරයක් මම මේ චරිතය ගැන දන්නේ නෑ. නමුත් පුළුවන් විදියට කෙටි විස්තරයක් කරන්නම්.

Luke Cage, ගොඩක් අය කොමික් වල හඳුනනවා Power Man යන නමින්. කොමික් ලෝකය තුල උපත ලබන්නේ 1972 ජූනි මාසයේදී. Jessica Jones තමයි කසාද බැඳලා ඉන්නේ. තාම කතාවට නම් එහෙම නෑ. මේ කියන්නේ කොමික් විස්තර ගැන. ඒ වගේම කතා පොත් වල ඇවෙන්ජර්ස් සමග එකට වැඩ කරන බවත් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මේ කතා මාලාවන් වල චරිත අනිවාර්යෙන්ම ඉදිරි Avengers කතා වලින් දැකගන්න ලැබේවි. බලයන් ලැබෙන්නේ නම් සිදු කරන විද්‍යාගාර පර්යේශණයක් නිසා.

ඔච්චර තමයි ඉතිං මම දන්නේ. මීට වඩා චරිතය ගැන දන්න අයත් ඉන්නවා ඇති. කොහොම වුනත් කතාව බලලාම ඔයාලට පුළුවන් චරිතය ගැන දැනගන්න. කුතුහලයෙන් බලලා දැනකියා ගන්න එක හොඳයි ලිපිය බලලා දැනකියා ගන්නවට වඩා. එතකොට කතාවේ අමුතු රසයකුත් එනවනේ. 😀 

එහෙනං, කතාව හැම කෙනෙකුටම බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදින් කතාවෙන් සමුගන්නවා. කතාව 13 දෙනෙකුට බාර දීලා තියෙන්නේ. 13 දෙනාගෙන් එකින් එක ලැබේවි.

ආයු -බෝ වේවා !!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම WEB-DL පිටපත් සඳහා වලංගු වේ.

Luke.Cage.S01E01.iNTERNAL.WEB.H264-TURBO[eztv].si

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                        All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>