ආයුබෝවන්! කොහොමද ඉතින්? ඔන්න අද ”Vampire Detective” කතාවෙ 08 වන කොටස එහෙම නැත්තන් 08 වන පරීක්ෂණය. මේ කතාවෙ සුපිරිම කොටසක් අද යන්නෙ. මම හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඉන්නවා කියලා. ඒ නිසා ලොකුවට මේක ලිය ලිය ඉන්න මම දගලන්නෙ නෑ ඔන්න. අද කතාව ”ආත්මයේ විනිශ්චය”. මේ කතාව වෙන්නෙ රහස් පරීක්ෂකයින්ගෙ යාළුවා වෙන ඩොක්ටර් ගෙ නංගි වටා. මේ ඩොක්ටර් පවුලෙන් අයින් වෙලා ඉන්නෙ. හේතුව නම් තාත්තගෙ මරණෙට අම්මා එයාට තමයි දොස් කියන්නෙ. මෙයාගෙ නංගි ඉස්පිරිතාලෙ ඉන්නව කියල කෝල් එකක් එනවා. ඒත් නංගිට මතක නෑ කිසිම දෙයක්. ඒ වගේම එයාට ගෙදර යන්න බෑ කියනවා. අම්මා නිසා. අම්මා ආයෙම කසාද බදින්නලු යන්නෙ කට්ටඩියෙක්ව. මේ අම්මා කට්ටඩියව විශ්වාස කරනවා ඕනවට වැඩිය. තාත්තට පිළිකාව වෙලාවෙ එයාට සැත්කමවත් කරන්න දෙන්නෙ නෑ මේ අම්මා.
එතකොට නංගිව ඩොක්ටර්ගෙ කඩේට ගෙනියන්න බෑ කියලා(ඒක ටැටූ කඩයක් නිසා) අපෙ රහස් පරීක්ෂකවරුන්ගෙ ගෙදරට එක්කන් යනවා. පේන විදියට මැරුණ තාත්තගෙ ආත්මෙ කෙල්ලගෙ ඇගට ඇතුල් වෙලා කියලා තමයි හිතන්නෙ. අම්මයි එයාගෙ කට්ටඩියයි ඇවිත් ආයෙමත් තොවිලයක් කරන්නයි යන්නෙ. ඒත් ඩොක්ටර් ඒකට කැමති නෑ. ඒ නිසා පරීක්ෂකවරුන්ට කියනවා මෙයා ඇත්තටම ආවේෂ වෙලාද නැද්ද කියලා හොයා ගන්න. ඉතින් මෙයාලා පරීක්ෂණ පටන් ගන්නවා.
කතාව බලන්න. මේ කට්ටඩියා ඇත්තද බොරුද කියන්නෙ කියලා. ඒ වගේම අර තාත්තා මැරුණෙ ඇත්තටම පිළිකාව නිසාද කියලා. ගිහින් එන්නම් ඊළඟ කොටසින් හම්බෙමු…
බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E08.160515.360p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
157 downloads