ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ දෙවන උපසිරැසිය අරගෙන ආව. ඇත්තටම මේ උපසිරැසිය මට බාර දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා අගෝස්තු මාසයේ හත් වෙනිදා. වෙනත් උපසිරසි වලට යොමු උන හින්ද මේක ටික ටික පස්සට ගියා. වැඩිපුරම ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව කරන්න ගොඩක් කල් ගියා එකේ බාසාව පොතේ ඉංග්‍රීසි වලින් තිබ්බ හින්ද. එත් ඔන්න මාස දෙකකට පස්සේ උපසිරැසිය ඔයාලට අරගෙන ආව. ඇත්තටම මේක අගය 8.2 ක් ලබාගෙන IMDb Top 250 ලිස්ට් එකේ එකසිය විසි දෙවන ස්ථානය ලබා ගෙන තියන චිත්‍රපටයක්. මම හිතන්නේ චිත්‍රපටය ගැන අදහසක් ගන්න ඒකම ඇති. ඒවගේම දැනට මේ චිත්‍රපටයට අදාල ලිපියක් විතරක් සචින්ත රුක්ෂාන් කියන සහෝදරයා බයිස්කෝප් අඩවියට දෙදහස් එකොළහේ මාර්තු විසි එක් වෙනිදා ලබාදීලා තියනවා.
මේ චිත්‍රපටය Action, Crime, Drama ගණයට අයිතිවෙන එකක්. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙලා තියන මේ චිත්‍රපටයේ වැදගත් සිදුවීමක් වන්නේ නගරයේ වෙඩි තබා ගන්නා දර්ශනය ඇතුළු දර්ශන බොහොමයක් සත්‍ය ශබ්ද පසුබිම් අදාරයෙන් නිර්මානය වීම.ඒ කියන්නේ ශබ්දාගාරයක පටිගත කරන ලද ශබ්ද නෙවි තියෙන්නේ. ඇත්තට දර්ශන රු ගත කරන වෙලාවේ පටිගත කර ගන්නා ලද ශබ්ද. තවත් කතාවක් තියනවා මේ වෙඩි තැබීමට සැබෑ උණ්ඩ බාවිතා කළා කියල. ඒ මොනවා උනත් ඩොලර් මිලියන හැටක් වියදම් කරලා මිලියන එකසිය අසු අටක් අදායම් උපයලා තියනවා.
කතාව පටන් ගන්නේ සොරකම් සඳහා නම් දරාපු අපරාද කල්ලියක් ඉතාමත් වැඩි වටිනාකමකින් යුක්ත බැංකු සුරැකුම් සහතිකපත් (Bearer bond – අයිතිකරු ගේ නම වාර්තාකර නොගන්නා සහතික පත්) රැගෙන යන වාහනයක් පැහැර ගැනීමත් එක්ක. ඊට පස්සේ එයාල ඒවා අයිතිකරුවන්ටම විකුනන්න හදනවා. ඒ හින්ද සහ පොලිසියේ දක්ෂ කම හින්ද මේ අපරාධ කල්ලිය ගැන හෝඩුවාවක් ලැබෙනවා. මේ අතරේ මේ කල්ලිය එයාලගේ අවසන් සොරකම ලෙස බැංකුවක් මංකොල්ල කන්න සැලසුම් කරනවා. ඉතින් එයාලට ඒක කරන්න පුළුවන් වෙනවද නැත්නම් එයාල අහුවෙනවද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.
මම ඊළඟට දෙන්නේ මම දැනට කොටස් තුනක් දීල නවත්තපු ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්නම්.
බුදුසරණයි…!
සචින්ත රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය.
හැමෝටම ස්තූතියි මගේ පළවෙනි ලිපියට දක්වලා තිබුන ප්‍රතිචාර වලට,ඔන්න මගේ දෙවන ලිපියෙන් ඔයගොල්ලන්ට මම ගෙනාව චිත්‍රපටය තමා “Heat” මෙය 1995 වසරේ තිරගතවූවක් වන අතර IMDB 8.3/10 ක ඉහළ අගයක් ලබා තිබෙනවා.මෙහි Robert De Niro ,Al Pacino සහ Val Kilmer වැනි අතිදක්ෂ සිනමාතරු රංගනයට දායකවෙනවා. කතාවෙ සාරාංශයක් කියනවානම් මෙහෙමයි,මංකොල්ලකරුවන් වන Neil McCauley (Robert de niro) සහ ඔහුගේ කල්ලිය බැංකු,මුදල් ප්‍රවාහනය කරන වාහන සූක්ෂම ලෙස කොල්ලකනු ලබන අතර ඔවුන් පසුපස Lt. Vincent Hanna(Al Pacino) ඇතුලු පොලිස් නිලධාරීන් පිරිස පන්නනවා…
මේ අතරතුර කොල්ලකරුවන් තම අවසන් මංකොල්ලය සැලසුම් කරනවා. ඔවුන්ගේ සැලසුම සාර්ථක වෙයිද? ඒක දැනගන්නනම් මේක බලන්නම වෙනවා!!!! මෙම චිත්‍රපටයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ, පොලිස් නිලධාරීන්ගේත් මංකොල්ලකරුවන්ගේත් පෞද්ගලික ජීවිතවල හැලහැප්පීම් කතාවට සම්බන්ධ කරඇති ආකාරයයි. comment එකක් දාන්න අමතක කරන්න එපා! ඔබට සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
Heat.1995.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
223 downloads