අලුත් ඇරෝ ටිම් එක කොහොම ආමර් ටෙක් එකෙන් ටොබායස්ගේ මිනිහෙක් හොරකම් කරගෙන යන දෙයක් නැවැත්තුවා. හැබැයි ඉතින් මේ මෙහෙයුමේදිත් රෙනේ පිස්සු වැඩක් කරලා හැමදේම අවුල් කලා. ඔලිවර් නොහිටින්න අර මිනිහා පැනලා යනවා. ඒ වගේම ෆෙලසිටි කිව දෙයින් පස්සේ රෝරි හොදටම අවුල් ගිහින්. එයාට වුන දේ තේරෙනවා ඒත් ෆෙලසිටි ඉන්න තැන වැඩ කරන්න බෑ කියලා එයා කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා ඔලිවර්ට කියලා ගියා.
ඔය අතරේ ලයිලා ඔලිවර්ගේ උදව් ඉල්ලාගෙන ආවනේ. ලයිලාගේ තිරණයට එකග වෙලා ඔලිවර් කැමති වෙනවා ඩිගල්ව හිරෙන් බේරාගන්න. හැබැයි ඉනිත් මේකට ෆෙලසිටි නම් කැමති වෙන්නේ නෑ. මොකද ඒක අපරාධයක්නෙ. ඒ වගේම ඩිගල් එලියට එන්න කැමති නෑ කියලා දැනගත්තම ෆෙලසිටි තවක් අකමැති වුනා. ඒ වුනාට ඔලිවර් නම් වැඩේ නවත්වන්නෙ නෑ වගේ. එයා ෆෙලසිටිටත් හොරෙන් මේ වැඩේ කරන්නයි හදන්නේ. ඉතින් ඒකට එයාට ආමර් ටෙක් එකෙන් තාක්ෂණික උපකරණයක් ඕනි වෙනවා. ඒක හොරකම් කරන්න යද්දි ෆෙලසිටි දැනගන්නවා ඔලිවර් කොහොම හරි මේ වැඩේ කරනවා කියලා. ඔලිවර් නම් කියන්නේ ඩිගල්ට ජිවිත කාලයේම විදවන්න තරම් තිරණයක් ගන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඉතින් කොහොම හරි ඔලිවර් නගරාධිපති කම ලාන්ස්ට බාර දිලා ඩිගල්ව බේරාගන්න යනවා. ඒ යන අතරමගදි ෆෙලසිටි කියපු නිසා ඇරෝ ටිම් එක ඇවිත් ඔලිවර් නවත්වන්න හැදුවත් ඒක නම් කරන්න වෙන්නේ නෑ. අන්තිමේට එයාලා ඔලිවර්ගෙන් හොදට ගුටි කාලා තමයි නවතින්නේ.
ඔය අතරේ අර ආමර් ටෙක් එකෙන් ටොබායස්ගේ මිනිහා බේරාගත්ත දේවල් සාක්ෂි ගබඩාවට ලාන්ස් අරගෙන යනවා. හැබැයි ඉතින් මේක ටොබායස්ගේ උගුලක්. ඒ උපකරණය පුපුරලා ගබඩාවේ බිත්තියක් කැඩෙනවා. ඒකෙන් ටොබායස්ගේ කට්ටය ඇවිත් සාක්ෂිවලට අරගෙන තිබුන හැම ආයුධයක්ම පැහැරගෙන යනවා. පැහැර ගෙන ගිහින් එයාගේ අර අහුවුන ගෝලයාව බේරාගන්න ACU එකට පහරදෙනවා. ඔය වෙලාවේ ඇරෝ ටිම් එක ඇවිත් ඒ අයට උදව්වට සටන් කරනවා. කොහොම හරි මේ සටනෙන් ACU හිටපු ගොඩක් හොද නිළධාරින් මැරෙනවා වගේම කර්ටිස්ට හොදටම තුවාල වෙනවා. එයාව බේරාගන්න ඕනි නිසා රෙනේ ටොබායස් එක්ක සටන් කරනවා. අන්තිමේට රෙනේ එයාට පැරදෙනවා වගේම ටොබායස් රෙනේව අල්ලාගෙන යනවා. ඔය අතරේ ඔලිවර් ඩිගල්ව කොහොම හරි හිරෙන් බේරාගෙන ආරක්ෂිත තැනකට අරගෙන එනවා. මේ දේ ආරංචි වුන ගමන් ඔලිවර් ආපහු ඇරෝ කේව් එකට යනවා. හැබැයි ඉතින් රෙනේට මොකද වුනේ කියලා මේ කවුරුවත්ම දන්නේ නෑ.
මේටොබායස් මේ ආයුධ අරගෙන සැලසුම් කරන ලොකු දේ මොකක්ද? රෙනේ අල්ලාගෙන ගියේ ඇයි? එයාට මොන වගේ දෙයක් වෙයිද? ටොබායස් රෙනේව මරන්න කලින් ඇරෝ ටිම් එකට එයාව හොයාගන්න පුලුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න. .. . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
423 downloads
<< Previous Episode All Episodes Next Episode >>