Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kubo and the Two Strings (2016) with Sinhala Subtitles |කුබෝගේ වීරගමන… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Kubo and The Two Strings (2016)

මගේ නම කුබෝ. මම ජිවත් වෙන්නේ මගේ අම්මත් එක්ක. මගේ එක ඇහැක් පොඩි කාලේදී උන අනතුරක් නිසා නැති වෙලා. අනතුරක් නිසා කියනවට වඩා යම් අයෙක් කල අනතුරක් නිසා කිව්වොත් තමා හරි. ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි මගේ සීයා.  එයා ගොඩක් බලවත් කෙනෙක්. එයාගේ නම චන්ද්‍ර රජු. හැමෝම එයාගේ බලයට සහ ශක්තියට බයයි. ඒ වගේම ගොඩක් නපුරු කෙනෙක් කියලයි අම්මා මට කිව්වේ. සීයාගේ දුවෙක් නිසා මගේ අම්මටත් එයාගේ බලය යම් විදිහකට පිහිටලා තියෙනවා. ඉතින් මටත් යම් ශක්තියක් තියෙනවා. තන්තු දෙකක් විතරක් තියෙන පොඩි වීනාවකින් කඩදාසි වලට පණ ලබා දෙමින් කතන්දර කියන්න පුළුවන් හැකියාවක් මටත් තියෙනවා. ඉතින් පොඩි කාලේදීම එක ඇහැක් නැතිව ඉන්න මම, සිහිමද ගතියෙන පෙලන මගේ අම්මවත් බලාගෙන මේ කතන්දර කියන එක තමයි මගේ ජීවිකාව කරගෙන ඉන්නේ.  මට මේ කතන්දර කියල දෙන්නේ මගේ අම්මා. එත් ඒ කතන්දරේ අවසානය මට තවමත් විසඳගන්න බැරුව ඉන්නේ.. ඒ කතාව මගේම කතාවද?  මට මෙහෙම උනේ ඇයි? කෝ මගේ තාත්තා? ඇයි මගේ අම්මට මෙහෙම උනේ? පුළුවන්ද මේ ප්‍රශ්ණ වලට උත්තර හොයල දෙන්න. 

මේ කිව්වේ අද මේ ගෙනාපු කතාවේ පොඩි විස්තරයක්. කුබෝ සහ තන්තු දෙක නමින් තිරගත උන මේ චිත්‍රපටය ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටයක්. කුබෝ නම් කුඩ දරුවෙක් ඔහේගේ ජිවිතයේ යන වීර ගමනක් ගැන තමා චිත්‍රපටය පුරාම දිවෙන්නේ. ඇනිමේෂන් චිත්‍රපට වල නිතරම වගේ දකින්න ලැබෙන සමාජයට දෙන පණිවිඩය මේ චිත්‍රපටයෙත් ගැබ් වෙලා තියෙනවා.  මම එහෙනම් චිත්‍රපටයේ අනික් විස්තර ටිකක් කියන්නම්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කලේ 2016 අගෝස්තු 19 දින. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Travis Knight විසින්.  The Boxtrolls එහෙමත් ඔහුගේ නිර්මාණයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ හඬ කැවීම් සඳහා දක්ෂ නළු නිලි දෙපලක් සහභාගී වෙලා තියෙනවා.  Charlize Theron සහ Matthew McConaughey මෙහි හඬ කැවීම් අංශයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් නිෂ්පාදන පිරිවැය වශයෙන් වැය වෙලා තියෙනවා. අද වනවිට මෙහි සමස්ත ආදායම වෙන්නේ ඩොලර් මිලියන 67ක්. එහෙනම් ආයේ මේ වගේ සලරුවකින් මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය !!!

Kubo and the Two Strings (2016) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

Kubo.and.the.Two.Strings.2016.WEB-DL.x264-FGT

සියලුම WEB පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>