ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. ඉතින් මේ කතාවත් අනිත් ස්කුබි ඩූ ෆිල්ම් වගේම හිනාවෙවී බලන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කියනව නම් කට්ටිය නිවාඩුවක් ගත කරන්න පැරීසියට ගිහින්. ඒත් ෂැගියි ස්කුබියි එතන නෑ. එයාලා එන්න පරක්කුයි. බලනකොට එයාලා ගිහින් හිමාලයේ එවරස්ට් කන්දට. කට්ටිය යනවා එයාලව හොයන්න. හිමාලයේ හිමකඳු අතරෙදි එයාලට මූණ දෙන්න වෙනවා යෙටීට වගේම තවත් ගොඩක් අභියෝග වලට. මේ යෙටී කියන්නේ ඇත්තක්ද? නැත්නම් කාගේ හරි රඟපෑමක්ද? මේ ගමනෙදි මෙයාලට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලටම හොයාගන්න ඉඩ දීලා එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමදාම වගේ සබ් එක ගැන ඔයාලගෙ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් බයිස්කෝප් අඩවියටත්, ඔයාලා හැමෝටමත් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Chill Out, Scooby-Doo! (2007) 720p HDTV x264 [Dual Audio] [Hindi 2.0 – English 5.1]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
111 downloads