කොහොමද කස්ටිය. හොදින් ඇති කියල හිතනව. ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ෆිලුමට IMDb අගය නම් 6.3ක් තියනව. මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Steven Caple Jr ෆිලුම නිකුත් උනේ 2016 අගෝස්තු 4 වෙනිද. ඒ වගේම මේක පැයයි විනාඩි 44ක් විකාශය වෙනව. ඔහොම තමයි කථාවෙ පසුබිම තියෙන්නෙ.
දැන් කථාව පැත්තට යමුකො. මේ කථාව ගොඩනැගෙන්නෙ යාලුවො හතර දෙනෙක් වටා. මේකෙ ප්‍රධාන චරිතෙ වෙන යාලුවගෙ නම තමයි සිස්කෝ. එයාගෙ අම්ම නැතිවෙලා මාමයි ගාව තමයි ඉන්නෙ. ඊට පස්සෙ කෙනා තමයි ජුනියර්. මෙයාගෙ තාත්ත නැහැ. අම්මයි නංගියි විතරයි ඉන්නෙ. අනිත් කෙනාගෙ නම Boobie. මෙයාගෙ තාත්ත විතරයි ඉන්නෙ. අවසාන කෙනාගෙ නම තමයි Patty Cake. මෙයා විවාහ වෙලා දරුවෙකුත් ඉන්නව. ඉතින් මේ තරුණ යාලුවො හතර දෙනාට නිශ්චිත රැකියාවක් නැහැ. රැකියාවක් තිබුණත් මේ අය කැමති නැහැ ඒකට. ඒත් මේ අය කැමතියි වගේම දක්ශයි රෝද ලෑලි(skate) පදින්න. ඒ වගේම මේ අය සල්ලි හොයාගන්නෙ කාර් හොරකම් කරල ඒව විකුණල. ඉතින් මෙහෙම ජීවිතේ ගෙවෙනකොට මේ අය හොරකම් කරන වාහනේක තිබිල මත් පෙති වගයක් හමුවෙනව. ඒක නිකන් ඒ අයට කාන්තාරයට දිය පොදක් වගේ වෙනව. මොකද මේ අයට ඕන සල්ලි. එතන ඉදන් ඉතින් මුලු කථාවම වෙනස් වෙනව. ඒ වගේම කියන්න ඕන අවසානයි දුක්ඛදායකයි. කථාව ගැන ඔයා කිව්ව ඇති. අපේ වචනයෙන්ම කිව්වොත් මේකනම් පට්ට කථාවක්. ජීවිතේට පාඩමක් ඉගෙනගන්න වගේම රසවිදින්නත් ඔන්න ෆිලුම්. එහෙනම් ඉතින් අදට යන්න වෙලාව හරි. ජය වේවා…. තවත් උපසිරසියකින් හමුවෙමු…!
Due to copyright issues, we do not provide any torrent links.
The.Land.2016.720p.WEBRip.x264.AAC-ETRG
1613 downloads