අද පළවෙන කොටස ගැන:
- පස්වැනි කොටස : “The Race Card” – “වර්ගභේද වාදයක්??”
- IMDb ratings: 8.7/10
- අධ්‍යක්ෂක : ජෝන් සිංගල්ටන්
- මුල්වරට විකාශය වූ දිනය : 2016 මාර්තු 14
මේ දිගහැරෙන්නේ American Crime Story හි පළමු කතා මාලාවේ පස්වැනි කොටසේ සිංහල උපසිරැසිය යි. අද කතාව ටිකක් කියන්නම්. සිම්සන් නඩුවට ජොනි කොක්‍රන්ගේ සම්බන්ධ වීමෙන් පසුව මේ නඩුව ක්‍රමයෙන් කළු ජාතිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන ජාතිවාදයට එරෙහිව කරුණු ඉදිරිපත් වෙන නඩුවක් බවට පත් වෙනවා. ඔහුගේ මේ අදහස් ජනමාධ්‍යය ඔස්සේ ජනප්‍රිය වීමෙන් පසුව, ‘සිහින කණ්ඩායම’ තුළ රොබට් ශපීරෝ ගේ නායකත්වයට ජොනී කොක්‍රන් ගෙන් අභියෝග එල්ල වෙනවා. එෆ් ලී බේලි ශපිරෝට එරෙහිව විවිධ කරුණු ජනමාධ්‍යයට හෙළි කරනවා. මේ හැලහැප්පීම් එක්ක විත්තියේ නීතිඥ කණ්ඩායමේ නායකත්වය කොක්‍රන් හට හිමි වෙනවා. වර්ගභේද වාදය වාසියට හරවා ගනිමින් මේ නඩුවෙන් විත්තිකරු නිදහස් කරගැනීමට කොක්‍රන් විවිධ උපක්‍රම අනුගමනය කරන හැටි මේ කොටසින් පෙන්වනවා. එය කෙතරම් දුරට සාර්ථක වේවි ද?
මේ සිංහල උපසිරැසි ලබා දී ඇත්තේ, American.Crime.Story.S01E05.
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. මීළඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු! ඔබට තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
American.Crime.Story.S01E05.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
123 downloads