ඔයාලට කොහොමද? මම තවත් උපසිරැසියක් දෙන්න හදන්නේ. මේ සැරේ නම් ෆිල්ම් එකක් නෙමේ. මම මේ සැරේ ගෙනාවේ කොරියානු කතා මාලාවක්, ඒ තමයි. The legend of the blue sea. මේක නිකුත් වුනෙත් මේ මාසේමයි, හරියටම විකාශය වෙන්න පටන් ගත්තේ ගිය සතියේ. තවම කොටස් 2ක් පමණයි විකාශය වුනේ. ඉතුරු කොටසුත් ආව ගමන්ම එවන්න පොරොන්දු වෙනවා. මේ කතාව කොටස් 20කින් සමන්විතයි. මෙම කතාවට imdb දර්ශකයේ 8.8ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන තවත් විස්තර කියනවා නම්, මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Boys over Flowers වගේම Heirs කතා මාලාවන්හි රඟපෑ Lee Min-ho සමඟින් Jun Ji-hyun. Jun Ji-hyun රඟපෑ අවසාන කතා මාලාව තමයි My Love from the Star. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ.
මෙම කතාව අයත් වන්නේ Fantasy,Romance හා Comedy ගණයටයි.. මෙම කතාවට පාදක කරගෙන ඇත්තේ, කොරියාවේ ලියවුනු ඓතිහාසික කතාවක්. කතාව ඇරඹේන්නේ 1586 වර්ෂයේ ජෝසන් රජ සමයෙන්., දිනක් ඉතා කුරිරු කුණාටුවකින්, දියකිඳුරියක් ගොඩබිමට ගසාගෙන එනවා. ආපසු යෑමට නොහැකිව, ඇය ගල් ගුහාවක් තුල සිරවී සිටියදී, ඇයව අල්ල ගන්නා ගම් වැසියන් ඇයව ගමෙහි ඉහල නිලධාරියෙකු හට භාර කරනවා. මේ අතරවාරයේ තමයි අලුතෙන් පත් වූ නගරාධිපති මේ ගමේ සංචාරයකට පැමිණෙන්නේ, ඔහු තමයි Dam Ryung(Lee Min-ho). මේ දියකිඳුරිය (Jun Ji-hyun)දකින ඔහුට ඇය පිළිබඳව කණගාටුවක් ඇති වෙනවා, පසුව ඔහු විසින් දියකිඳුරිය නිදහස් කොට නැවතත් මුහුදට මුදා හරිනවා, ඒ අතීත කතාවයි,
ඉන්පසු කතාව වර්තමානයට රැගෙන එනවා. එත් වර්තමාන කතාවේ නම් ඔහු හොඳ කෙනෙක් නෙමේ, ඔහු තමයි. Joon-Jae,(Lee Min-ho)හරිම කපටියෙක්, මිනිස්සුන්ව මුලා කරලා සල්ලි කඩාගන්න ඒක තමයි මෙයාගේ රැකියාව. ඒවගේම තමයි, ඔහුට පුදුමාකාර මායා හැකියාවකුත් තියෙනවා. දවසක් මොහු නිවාඩුවකට වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා, මෙහිදී ,දියකිඳුරියක් ආපසු වතාවක් ගොඩබිමට ගසාගෙන එනවා. හරියටම Joon-Jae ඉන්න වෙරළාසන්නයටයි. මේ වතාවේදී ගොඩබිමට පැමිණෙන ඇයගේ, වරල් සාමාන්‍ය මිනිසෙකුගේ කකුල් බවට පාත් වෙනවා. ඇය කෙලින්ම යන්නේ Joon-Jae ඉන්න කාමරේටයි. මෙතැනදී ඔවුන් මුණගැසෙනවා. එත් ඇයට කතා කරන්න බැහැ, Joon-Jae හිතන්නේ මෙයා හොරකමේ ආවා කියල, ඒක නිසා ඇයව පොලිසියට භාර කරනවා, එහෙත් එයිට පෙර Joon-Jae විසින්, ඇයගේ පින්තූර කිහිපයක් ගන්නවා. ඒ එක පින්තුරයක ඇය පැළඳ සිටින වළල්ලක් හදිසියේම ඔහුගේ නෙත ගැටෙනවා. ඉන්පසු ඔහු දැනගන්නවා එය ඉතා වටිනා වළල්ලක් බව. දැන් මොහුට කෙලින්ම ඔලුවට එන්නේ ඒක විකුණලා සල්ලි හොයාගන්න ඕනේ කියන කාරණාව, ඒ නිසා ඔහු නැවතත් පොලිසියට ගොස් ඇයව රැගෙන එනවා. ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ, ඊට පස්සේ සිදු වෙන දේවල් බලන්න ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා. මං හිතනවා ඔයාලත් මේ කතාව අසාවෙන් බලයි කියල. බලල ඔයාලගේ අදහස් කියන්න. එහෙමනම්.
දෙවැනි කොටසින් මුණගැහෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E01.161116.720p-NEXT_gabbyu
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
560 downloads
All Episodes Next Episodes>>