Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Day the Earth Stood Still (2008) with Sinhala Subtitles |මිනිසාගේ අවසානය [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Day the Earth Stood Still (2008)
චානක රණසිංහ සොයුරා විසින් එවන ලද ලිපිය…

කොහොමද යාලුවනේ  ඔන්න මං ගෙනාවා මගෙ දෙවැනි උපසිරැසිය. මේක නං ටිකක් පරණ කතාවක්. ඒත් ක්‍රියාදාමත් එහෙම තියනවා මේ කතාවේ සාරාංශයක් මං පොඩ්ඩක් කියන්නම්. ලෝකේ දියුණු වීමත් එක්ක මිනිස්සුන්ට තමන් ජිවත් වෙන පරිසරේ ටිකෙන් ටික අමතක වෙලා පරිසරය විනාස කරන විට  පිටසක්වල ජීවින් ඇවිල්ලා මිනිස් වර්ගයා සහමුලින්ම නැති කරලා ලෝකය බේරාගැනීමේ උත්සාහයක නිරත වීමක්  තමයි මේ චිත්‍ර පටියේ අන්තර්ගතය. මේ චිත්‍ර පටිය විද්‍යා ප්‍රබන්ද  චිත්‍ර පටියක්. මෙහි IMDB අගය 5.5 ක් ලබාගෙන තියනවා. මේ චිත්‍රපට වර්ගයෙන් ගත හැකි උපරිම අගය ලබාගෙන තියනවා මෙහි රංගනයෙන් දායකත්වය වන ප්‍රධාන චරිතය වන්නේ අපි කව්රුත් දන්නා matrix චිත්‍රපටියේ රග දක්වන Keanu Reeves ය. මේ චිත්‍ර පටියේ අධ්‍යක්ෂක  Scott Derrickson වේ.

මෙහි රංගනයෙන් දායකවෙන සෙසු චරිත නම්
චිත්‍රපටියේ නම                              සැබෑ නම
1.Colonel                           -Robert Knepper
2.John Driscoll                 -Kyle Chandler
3.Dr. Myron                    -John Rothman
4.James Hong                 – Mr. Wuf

ඉතින් මේක ටිකක් අමුතුම විදියේ කතාවක්. මාත් ඒවගේ එකක් කලින් බලා තිබුනේ නැ. ඒ වගේම මං හිතනවා කට්ටිය සතුටින් රසවිදි  කියලා.

කළින් පළ කර තිබූ ලිපිය…

මේ ෆිල්ම් එක නම් ගොඩක් කට්ටිය බලල ඇති. ඒ උනාට බලල නැති අයට ප්‍රයෝජනයක් වෙන්නත් ඒක්ක මම මේ ගැන ලියන්නෙ. මේක ගැන සරළ විස්තරයක් කියනව නම් මේක 1959 දී හදපු ෆිල්ම් එකක්. ඒත් මේක 2008 දීත් අයේ හැදුව මොකද මේක ඒ තරම් හොද නිර්මාණශීලී කතාවක් නිසා. ඔන්න එහෙනම් මම කතාවෙන් ටිකක් කියන්නම්. මෙහෙමයි. 1928 දී ඉන්දියාවෙ සිටින විදෙශිකයෙකුට කදු මුදුනකදී ආගන්තුක දීප්තිමත් වස්තුවක් දක්නට ලැබෙනව. මේ පොර මේක අල්ලල බලනව. එතනින් ඒ සිද්දිය ඉවරයි. ඔයාලට පස්සෙ දකින්නට ලැබෙයි මේ සිද්දියත් කතාවෙත් තියන සම්බන්දතාවය. දැන් වර්ථමානය. ඇමරිකාවේ විද්‍යාඥවරියකට හදිසි කැදවීමක් ලැබෙනව විශේෂ වැඩකට. ඇය මේ කැදවන්නේ මොකටද කියා ඇයට වත් දැනගන්න ලැබෙන්නේ නෑ. මේ විද්‍යාඥවරියකට එතැනට ගිය පසු දක්නට ලැබෙනව තමන් මෙන්ම විද්‍යාඥ පිරිසක්. පසුව මොවුන් සියල්ලම දැනුවත් කරනව පෘතුවිය දෙසට පැමිණෙමින් ඇති ආගන්තුක වස්තුවක් ගැන. පසුව දැනගන්නට ලැබෙනව මේ පිටසක්වල යානයක් බව. මා මුලින්ම කී සිද්දිය හා මොවුන් අතර ඇති සම්බන්දතාවය කුමක්ද? ඔවුන් එන්නෙ කුමකටද? පෘතුවිය ආක්‍රමණය කරන්නද? නැත්නම් වෙනත් ගිවිසුමකටද? පෘතුවි වාසීන්ට ඔවුන් සමග ගනුදෙනු කිරීමට ශක්තියක් ඇත්ද? පැමිණ ඇත්තේ එක් යානාවක් පමණයි ද? මේ ආදී දහසක් ප්‍රශ්ණ විසදමින් මෙම චිත්‍රපටය අපූරුවට ගලා යයි. විද්‍යා ප්‍රබන්ධ ප්‍රිය කරන්නවුන් මෙන්ම වෙනස් අන්දමක චිත්‍රපටයක් රස විදීමට කැමති සියල්ලන්ම නැරඹිය යුතු චිත්‍රපටයකි.

The Day the Earth Stood Still (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Day.the.Earth.Stood.Still.2008.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>