Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Six (Mini-Series) [ E02 ] with Sinhala Subtitles |මම නේවි සීල් තමයි…… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Six P 1

කොහොමද අපේ කස්ටියට. ඔන්න ඉතින් SIX කතාවෙ දෙයනි කොටස අරගෙන තමයි මේ ආවෙ. කතාව කියන්න කලින් වෙන දෙයක් තියනවා කිහිප හෙනෙක්ට හෝ වැදගත් වෙයි කියලා කියන්න හිතුනු. ඔයාලා දන්නවනේ මේක mini සීරියස් එකක් කියලා. ඒ වුනත් පළවෙනි කොටහා නිකුත් වුනේ SIX.s01.e01 කියලා. බොරුනම් ඔයාලා බාපු කොටහා බලන්න. ඉතින් මේක මහ දෙයක් නෙවෙයි. දෙවනි කොටස ඇවිත් තියෙන්නෙ නිකන්ම SIX.Part.2 කියලා. ඒ නිසා ඔයාලා ටොරන්ට් අඩවිවල එපිය හොයද්දි SIX.Part.2 විදිහට හොයන්න. මොකද මේක කියන්න හිතුවෙ මටත් එපිය හොයා ගන්න සෑහෙන වෙලාවක් ගිය නිසා. නොදන්න අයට කිව්වෙ හොදේ.
 
හරි දැන් කතාව පටන්ගමු. මතකනෙ පළවෙනි කොටස ආරම්භ කලේ ලොකු සටනක් පෙන්වලා. ඒකත් වසර පහකට කලින් වුන සිද්දියක්. ඉතින් රිප් ඇතුළු කණ්ඩායම මුටාකි කියලා කෙනෙක්ව හොයාගෙන තමයි රෑක ගමකට පහර දෙන්නෙ. එතනදි පැනලා යන දෙන්නෙක්ව අල්ල ගන්නවා. ඉතින් රිප් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එතන ඉන්න එක් කෙනෙකුට වෙඩි තියලා දානවා. ඉතින් ඔයාලා අවසානයෙ දැක්කනෙ ඒ මැරුන කෙනාගෙ සහෝදරයා රිප්ගෙන් පලි ගන්න බලන් ඉන්නවා.
 
ඉත්න් ඔය වසර පහකට පෙර වුන සිද්දිය හේතුවෙන් රිප් කණ්ඩායම අතෑරලා යනවා. ඒ වුනත් ඉතින් පේන්න තියෙන හැටියට ඇලෙක්ස් නැත්නම් ක්ලව්ඩර්ගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙන හැඩයි රිප්ගෙ නික්ම යාමත් එක්ක. ඒ කොහොම වුනත් රිප් සීල් ටීම් සික්ස් වලින් අයින්වෙලා ආරක්ෂකයෙක් හැටියට වැඩ කරනවා කොන්ත්‍රාත්කරුවෙක් ලග අප්‍රිකාවෙ. මේ අය එහෙ පාසලක් හදන්න ඉඩම් මනින්න ගිහින් ඉන්න වෙලාවක බොකො හරාම් ත්‍රස්තයින් එතනට පහර දීලා පාසලේ ලමයි, ගුර්තුමිය වගේම රිප් ඇතුළු කට්ටියත් අල්ල ගන්නවා. ඉතින් රිප් කියන්න හිටපු සීල් භටයෙක් නිසා එයා ලග තියන තොරතුරු හරිම වටිනවා. ඉතින් කොහොමෙන්හරි මේ පිරිසව බේරගන්න මෙහෙයුම බාර වෙන්නෙ බෙයාර් නැත්නම් ජෝෂප්ගෙ එහෙමත් නැත්නම් රිප්ගෙ පරණ ටීම් එකට. ඉතින් එයාලා මුලින්ම බොකො හරාම්ලගෙ පණිවුඩකාරයෙක් අල්ලන්න පිටත් වෙනවා.
 
ඒ වගේම තමයි කතාව තුල සීල් බටයින්ගෙ මෙහෙයුම් වගේම ඔවුන් එකිනෙකාගෙ ජීවිත ගැනත් ඔය අතරෙ කතා වෙනවා. ඔයාලා දකින්න ඇතිනෙ හමුදා සෙබලෙකුගෙ ජීවිතේ කොයි වගේද කියලා. ඒ වගේම තමයි එකිනෙකාගෙ ජීවන රටාව, ආශාවන්, පවුල් පසුබිම්, පවුල් ප්‍රශ්න, දරුවන්ගෙ ප්‍රශ්න වෙනස් කියලා. මං හිතන්නෙ කතාවෙ විතරක් නෙවෙයි හමුදා සෙබළුන්ගෙ සැබෑ ජීවිතත් ඒහෙම තමයි. එකිනෙකාට වෙනස්. ඒකනම් කතාවෙ හොදට පෙන්වලා තියෙනවා. ඉතින් ඔයාලම හිතන්න කතාවෙ වුනත් ඔවුන් රට වෙනුවෙන් සටන් වදින්නෙ කොච්චර ප්‍රශ්න ගොඩක් මැද්දෙද කියලා.
 
අද කොටහා ගැන වැඩි යමක් අවශ්‍ය වෙන්නෙ නැ. මොකද ඉතින් අද වෙන්නෙ කලින් පිටත්වුන මෙහෙයුම අහවර කරන එක. ඒ විතරක් නෙවෙයි, රිප් ඇතුළු පැහැරගත් කණ්ඩායමට ලොකු ප්‍රශ්නයක් වෙනවා.  එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

SIX.Part.2.HDTV.x264-FLEET[PRiME]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous  Episode               All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>