හම්මේ ඉතින් කොහෙන් කොහොම පටන්ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු දෙකකට විතර කලින් හිතේ තිබ්බ ආසාව නිසා මම තිබ්බ පුංචි පියවර අද මමවත් නොහිතුව තැනකට ඇවිත් තියෙනවා.ඒ තමා උපසිරසි 200 කඩඉම. මුලින්ම මම මගේ උපසිරසි කඩඉම්වල කාල වකවානු ගැන පොඩි මතක් කිරීමක් කරලම ඉන්නම්කො.
- ප්‍රථම උපසිරැසිය 2015.04.19
- 50 වන උපසිරැසිය 2015.10.23
- 100 වන උපසිරැසිය 2016.03.10
- 150 වන උපසිරැසිය 2016.09.13
ඔන්න ඔය විදිහට තමා මගේ උපසිරසිකරණයේ දින වකවානු ගෙවුනේ. මුලදිනම් ආසාවට පටන්ගත්තට දැන්නම් මේක නවත්තගන්න බැරුවයි ඉන්නේ. ඉතින් මේ ගමනේදී මම වැඩි හරියක්ම උපසිරසි ලබාදුන්නේ ටීවී කතාමාලාවලට. සිනමාපටනම් බොහොම අතලොස්සක් තමා තියෙන්නේ.
ඉතින් මේ ගමන එද්දී හම්බවුන අය බොහොමයි. ඒ තමා අපේ බයිස්කෝප් පවුල. ටිකක් විතර පිස්සු තියෙන මේ සැට් ඒකෙ වැඩි දෙනෙක්ව මුණ ගැහිලා දැන හැදිනගන්න මට අවස්තාව ලැබුනා. ඒ අතරින් මුලින්ම අපේ ඇඩ්මින් මණ්ඩලයෙ ශාන් විමුක්ති,හසන්ත අයියා( අයියා නෙවේ මාමා), රොයිලි අයියා, සමීර අයියා, ප්‍රනීත් රණසිංහ කියන අප්‍රසිද්ධ හාදයා, අර තමන් කාන් ඩයල් එක කියලා හිතා ඉන්න ආසිරි ලොක්කා( ගියපාර මේකාව ඇඩ්මින් ගොඩට දැම්මේ නෑ කියලා කේන්ති ගිහින් හිටියේ), ඒ වගේම අඩවියේ එකම සත්ව ප්‍රාණියා හෙවත් බළලා යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට සමන් සහෝ.ඒවගේම දැන් විවේක සුවයෙන් ගත කරන සමීර කරුණාරත්න සහෝ, වගේම අපේ ඇඩ්මින්වරිය නිර්මානි අක්කා, යශෝධ සහෝ වගේම අසංක සහෝදරයාවත් මතක් කරන්න ඕන.
ඊළගට තමා සැට් එක ඉන්නේ. හොද ඩිසි බලකනුවක් වෙන පොඩ්ඩක් විතර දුරාචාරයට බර චාමර සම්පත් සහෝ, දෙමල ෆිල්ම්වලටම සබ් දෙන තමන් සිරි ලන්කන් දනුස්යයි සිතාගෙන ඉන්න සදුන් දනුෂ්ක අයියා වගේම නාගයෙක් වෙන්න දගලන ඉමේෂ් මලයා. ඊළගට ඇරෝ,ෆ්ලෑෂ් හාදයා වෙච්චි කවිදු ගිම්හාන් සහෝ. අඩවියේ ඉන්න මෝඩ ඩබලක් වුන මයුර සුරාජ් සහ පූර්නි. අපේ වමා හෙවත් ඉසුරු දිල්ශාන්, දසන් වගේම නුවන්ත සහෝවත්. තවදුරටත් තමන් හයිඩ්‍ර නියෝජිතයෙක්යයි කියාගන්නා තිසර සහෝ. එකම එක ස්ටිකරයක් විතරක් තියාගෙන දගලන අචින්තයා. රවිදු තේනබදු සහෝ. අපේ සෑර් චන්දිමවත්, කාලිංගවත්, ගයාන් රූකාන්ත(මූ ඉන්නවද මලාද මන්දා) නලින් අයියාවත් මතක් කරන්ට ඕන.සුරේනි අක්කා වගේම අර තාරක කියන ඩයල් එකත්.පස්සේ බොහොම මෑතකදී සැට් වුන දෙවක,චමල්,සිසිල,යසිරු සචිත් යන සහෝලවත් මතක් කරනවා.අමතක වුන අය ඉන්නවනම් සමාව භාජනෙකට දාහල්ලා ඈ.
අපේ පරණ උපසිරසිකරුවෝ හැමෝම වගේ මතක් කරනවා වෙබ් අඩවියේ නිර්මාතෘ වෙන ඉසිර ගුණතිලක අයියව.හැබැයි ඉතින් මටනම් ඔහුව දැන හැදින ගැනීමේ භාග්‍යයක් ලැබුනේ නෑ හිටන්. ඒ වුනත් අද අපට මෙහෙම උපසිරසි ලබාගන්න මෙවන් අඩවියක් ආරම්භ කිරීම ගැන ඔහුට මාගේ ස්තුතිය.
අන්තිමට අපෙන් උපසිරසි ලබාගන්න අයට යම් දෙයක් කියන්ට ඕනා. මේක කිව්වට පස්සෙනම් සමහරු තරහ වෙයිද දන්නෙත් නැහැ. ඒත් කියන්නම ඕනේ. අපි කොච්චර වෙලාවට උපසිරසියක් කරලා දැම්මත් කමෙන්ටුවක්වත් දාන්නේ නැති සමහරු බැරිවෙලා හරි පොඩ්ඩක් පරක්කු වෙන දවසට දාගෙන මැසේජ් කරනවයි කමෙන්ට් කරන එකමයි තමා වැඩේ. ඉතින් එහෙම තමන්ට අවශ්‍ය වෙලාවට විතරක් අපිව මතක් කරගන්න එපා. අනිත් වෙලාවටත් තමන්ගේ කාලයෙන් විනාඩියක් වැය කරලා ඔබ එක වචනයකින් හරි ස්තුති කියලා යනවනම් ඒක තමා අපේ සන්තෘප්තිය. මොකද මේ උපසිරසි කෙරුවාවෙන් කිසිම කෙනෙක්ට සත පහක ලාභයක් නැහැ ආයුබෝවන්ඩ. තියෙන්නේ හිතේ සතුට විතරයි.හැබැයි සමහරු හිතන්නේ මේකෙන් අපි ලාභ උපයනවා කියලා. හැබැයි ඔය අතරේ හැමදාමත් වචනෙකින් හරි අපිව සතුටු කරලා යන බොහොම අතලොස්සකුත් ඉන්න වග මතක් කරන්ට ඕන. අන්න ඒ අය දාන අදහස් දැකලා තමයි මම මෙච්චර දුර ගමනක් ආවේ. ඒ අයට ස්තුති කරන්න ඕන අන්න ඒකට. ඒ අයත් නොවෙන්න මේ උපසිරසි කෙරුවාව නවත්තලා බොහොම කල්.හැබැයි දැන්නම් ටික ටික සබ කෙරුවාවෙන් ඈත්වෙන්න කාලේ හරි වගේ.
හම්මේ මගේ බයිලා ගැහුවා දිග වැඩියි හොදටෝම. මේක ලිව්වා කියලා ඉතින් කවුරු කියවන්නද නෙහ්.. හරි එහෙමනම් දැන් අපි සිනමාපටය ගැන විස්තර බලමුකෝ එහෙනම්.
මේ ඔබ වෙත අරන් එන්නේ RESIDENT EVIL චිත්‍රපට මාලාවේ හයවැනි සහ අවසාන චිත්‍රපටය. මිට කලින් චිත්‍රපට 5ක් ඇවිත් තියෙනවා. මේක බලන්න කලින් ඒවා බලලා ඉන්නවනම් හොදයි.ඒවා පිලිවෙලින්.
Resident Evil 2002
Resident Evil: Apocalypse 2004
Resident Evil: Extinction 2007
Resident Evil: AfterLife 2010
Resident Evil: Retribution 2012 ඔන්න ඔහොමයි පිළිවෙල.
RESIDENT EVIL: the final Chapter විකාශය අරඹන්නේ 2017 ජනවාරි 27. IMDB අගය 6.2ක් සහ කුණු තක්කාලි 33%ක අගයක් ලබාගෙන තියෙනවා. Box office ආදායම 135.6 million USD සනිටුහන් වෙනවා. Milla Jovovich ප්‍රධාන චරිතය රග දක්වනවා.
කතාව මෙහෙමයි මුල්ම අම්බ්‍රෙල්ලා නම් රහස් පරීක්ෂණ පවත්වන සමාගමක් තියෙනවා. මේ සමාගමේ භූගත විද්‍යාගාරයකින් මාරාන්තික ටී වෛරසය පිටවෙනවා. මේක වලක්වන්න රජය නගරයක් සහමුලින්ම මිසයිල දමා විනාස කළත් ඒක හරියන්නේ නැහැ.වෛරසය ආසාදනය වෙන ඕනෙම කෙනෙක් සොම්බියෙක් බවට පත්වෙනවා. හැබැයි ඇතැමුන්ට මේක බලපාන්නේ වෙනස් විදිහකට. කතා නායිකාව වෙන ඇලිස්ට මේ වෛරසයෙන් සුපිරි ශක්තියක් සහ වේගයක් ලැබෙනවා. ඉතින් ඒ දේවල් උපයෝගී කරගෙන මේ වෛරසයෙන් අසරණ මිනිස්සු බේරගන්න ඇලිස් නොමළ උන් සහ අම්බ්‍රෙල්ලා සමාගම එක්ක කරන සටන තමා මේ සිනමාපටවලින් කියවුනේ.
නමුත් ඇලිස් මෙවර දැනගන්නවා ඇය මෙතෙක් නොදැන සිටි දෙයක්.එනම් වෛරසයට අම්බ්‍රෙල්ලා සමාගම ප්‍රතිකාරයක් නිපදවා ඇති බව. ඉතින් මෙවර ඇයගේ ආයාසය එම ප්‍රතිකාරය ලබාගෙන ඉතුරුව ඇති මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීමයි. එහෙනම් අපි බලමු ඇයට හැකිවෙයිද කියලා ඒක කරන්න.
කලින් කිව්වත් වගේ මේක බලන්න මුලින් ආව සිනමාපට බලනවානම් හොදා. නැත්නම් තේරෙන එකක් නෑ. එහෙමනම් ඉතින් සිනමාපටය ඔබට බාර කරමින් මම සමුගන්නවා. බලමු කීදෙනෙක් යමින් ගමන් මටත් සලකාගෙන යයිද කියලා.
සැ.යු : උපසිරසි ලබා දී ඇත්තේ HD-TS පිටපතකට වන බැව් කරුණාවෙන් සලකන්න. හදිස්සි කට්ටිය බාගෙන බැලුවට කමක් නෑ, හොද පිටපත් එනකම් ඉවසන අය ඉන්න.
අදාල පිටපත්
Resident.Evil.The.Final.Chapter.2017.TS x264.AAC-ETRG
Resident.Evil.The.Final.Chapter.2017.TS
Resident.Evil.The.Final.Chapter.2017.HDTC X264 AC3
Resident.Evil.The.Final.Chapter.2017.HDTS. X264 AC3
Resident.Evil.The.Final.Chapter.2017.HD.TS.x264.800MB.AAC
Resident Evil The Final Chapter 2017 HD-TS x264-CPG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
160 downloads