සෑම අවුරුද්දකම වගේ මේ අවුරුදෙත් සුපිරිම සුපිරි DC Comics චිත්‍රපට වගේම ඇනිමේෂන් ඝනයේ චිත්‍රපට ද නිකුත් වුනා. මේ අවුරුද්දේ ආපු පලවෙනි ඇනිමේෂන් එක ගෙනාවෙත් මං. Batman Bad Blood (2016). ඒක පලවුනු දිනය නම් මගේ ජීවිතේට අමතක වෙන්නේ නෑ. මොකද ඇත්තම කියනවනම් එදා මට ඒ තරමටම සොදුරු වගේම අමිහිරි මතකයන් වලින් පිරුණු දවසක්. මේක දෙන අද (11) අදත් එක්තරා දවසක්. අනේමන්දා හැබැයි මං දන්නේ නැහැ අද මොන වගේ දවසක්ද කියලා නම්. හැබැයි ඉතීම් අදත් පොඩි මෙව්වා එකක් නැත්තෙමත් නෑ.
ඒවායින් වැඩක් නෑ. මේකත් කොහොමහරි ඉස්සුවා ඉතීම්. පූසා තරහ නැහැනේ මං මේක මුලින්ම අරගත්තට. ?! ඒවගේම මේ දිනවල දකින්න ලැබෙන BvS රේටින්ග්ස් අඩුවීම හේතුවෙන් උඩ පනින මාවල් හිතවතුන් වෙනුවෙන් විනාඩි දහයක නිශ්ශබ්දතාවයක් ප්‍රකාශ කරන්න කැමතියි.!
මේක නිකුත් වුණේ 2016 මාර්තු 29 වෙනිදා. IMDb දර්ශකයේ 7/10 ක තරමක් සැහෙන්න පුළුවන් අගයක් ලබාගෙනත් තියෙනවා. විනාඩි 78 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය Animation, Action යන වර්ග වලටද අයත් වෙනවා. අහ්හ් විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සුපර්නැචුරල් ඝනයටත් අයත් වෙනවා. ඒක වර්ග කලේ මං හොදේ. මගේ අත්දැකීමෙන්.
ඇසරාත් කියලා ග්‍රහලෝකයක එක්තරා තරුණියක් හිටියා, හරිම හිතුවක්කාරයි, ඒවගේම ලේසියෙන් ම තවත් කෙනෙක්ට රැවටෙනවා. ඒ තමයි රේවන්ගේ අම්මා. රේවන් කියන්නේ කවුද? රේවන් කියන්නේ ටයිටන්ස් කණ්ඩායමේ සාමාජිකාවක්. ඇසරාත්වල ඒ කාලේ එයාලා තීරණය කරනවා පරණ චාරිත්‍ර වළට අනුව මනමාලියක් සකසලා ඇයව යක්ෂයෙක්ට විවාහ කරලා දෙන්න. මේ යක්ෂයාගේ නම තමයි ට්‍රයිගන්. අවාසනාවට වුණත් ඒකට මුල පුරන්න වුණේ රේවන්ගේ අම්මට. ඉතින් මේ තීරණයත් එකකම ඇය මේ යක්ෂයා එකතු වුනා. ඔව් ඔව් එකතු වුනා කිව්වේ එහෙම දෙයක් තමයි. පස්සේ මේ දෙන්නට ලැබුණු ළමයා තමයි රේවන් කියන්නේ.රේවන් කියන්නේ අර්ධ මනුෂ්‍යයෙක් වගේම අර්ධ යක්ෂයෙක්. රේවන්ට අකමැත්තෙන් වුණත් මේකට උරුම කම් කියන්න වුනා. රේවන් තීරණය කලා එයාව මෙහෙම රාක්ෂයෙක් කරපු කෙනාව හොයාගන්නවට වඩා වැඩි යමක් හොයාගන්න ඕනේ කියලා. මෙතනින් පස්සේ තමයි කතාවේ හොදම හරිය පටන්ගන්නේ. ඔතනින් පස්සේ තමයි ලොකුම විනාසේ පටන් ගන්නේ. නමුත් රේවන් මේ විනාසේ නතර කරනවා. ඒත් පස්සේ කාලෙක ඒක ආයෙත් හට ගන්නවා. ඒ කියන්නේ පෘතුවියේ ජස්ටිස් ලීග් එකෙ කට්ටිය ඉන්න කාලයක. මේ පාර කණඩායමේ ඉන්නේ සුපර්මෑන්, බැට්මෑන්, සයිබෝ(ර්)ග්, ෆ්ලෑෂ්, වොන්ඩර් වුමන්, නයිට් වින්ග් හා රොබින්. ටයිටන්ස් කණ්ඩායමේත් ඉන්නවා හතර දෙකෙන්. (රොබින් එකතු වෙන්න කලින්). ස්ටාර්ෆයර්, බීස්ට් බෝයි, රේවන්, බලු බීට්ල්(මකුණා), පස්සේ තමයි රොබින්වත් මේ ටයිටන්ස් පාසලට යවන්නේ එයා ළග කණ්ඩායම ඇතුලේ එකට එකතු වෙලා වැඩ කරන්නේ නැති නිසා. මොකද රොබින් කියන්නේ කියන්නේ හිතුමනාපෙට වැඩ කරන කෙනෙක්. තවත් දෙයක් රොබින් කියන්නේ අල් ගුල් කෙනෙක්නේ. එයාගේ සීයත් එහෙමයි. ඒත් එයාගේ සීයා මැරුණා කියලත් දන්නවා ඇති. ඒත් ඇත්තටම මැරිලද? බලලම ඉන්නකෝ එහෙනම්.
අවසාන වශයෙන් මං මේ ෆිලුම ඉල්ලලා මේල් එකක් එකක් දැම්මම මට මේක ලබා දුන්නු නලීන් අයියටත් ස්තුති කරන අතර තණ්හාවට උපසිරැසි තොගයක් අරගෙන මේක කරන්න ප්‍රමාද වීම නිසා මාව මේ ටිකේ මරාගෙන කන්න හදපු මාමාගෙන් සමාව ඉල්ලීම සදහා මේක අවස්ථාවක් කරගන්නවා. කියන්න ඕනේ ඔක්කොම කිව්වා උපසිරැසිය අරගෙන මනුස්ස කමට අදහසක් දාගෙන යන එක ඔයාලගේ යුතුකමක්. කිව්වට වැඩක් නෑ ඉතීම්. මං ගිහින් එන්නම්. මීළග උපසිරැසියෙන් හමුවෙන තුරු සියලු දෙනාටම ජයෙන් ජය..!!
“නොබෝ දිනකින් ලබන්නා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතුරුණු, සාමය සතුට පිරි, මත් පැනින් තොර වූ සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මං එක සිතින් ප්‍රර්ථනා කරනවා. ..!!”
417 downloads