Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sing (2016) with Sinhala Subtitles |සිංදු කියමු තෑගි දිනමු [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Moana 2016

කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා.

අධ්‍යක්ෂණය Christophe Lourdelet (Despicable Me 2) සහ රචනය Garth Jennings (Fantastic Mr. Fox ). හඬ කැවීමෙන් දායක වෙනවා Matthew McConaughey, Reese Witherspoon, Seth MacFarlane, Scarlett Johansson කියන අය. ආහ් ඔයාලට ඔන්න පුළුවන් Scarlett Johansson සිංදු කියනවා අහන්නත්. මේකෙ අන්තිමට ඈෂ් කියන Set It All Free කියන සිංදුව කියන්නෙ Scarlett Johansson මයි. මේ චිත්‍රපටිය IMDb 7.2 ක් සහ Rotten Tomatoes 73%ක් රේටින්ග් අගයන් අරන් තියනවා. කතාව මෙහෙමයි.

බස්ටර් මූන් කියන කෙනා තමන්ගෙ රංගශාලාව බේරගන්න සල්ලි හොයාගන්න ඩොලර් 1000ක් තෑග්ගක් විදිහට දෙන ගායන තරඟයක් තියන්න තීරණය කරනවා. ඒ වුණාට බස්ටර්ගෙ සහයිකාව වෙන ක්‍රොව්ලි නෝනා අතින් අමතර බිංදු දෙකක් ටයිප් වෙනවා බස්ටර් එයාට හදන්න කියන අත්පත්‍රිකාවෙ. ඒ කියන්නෙ දැන් ත්‍යාග මුදල ඩොලර් 100,000ක්. ඉතින් ඔය වැරැද්ද බස්ටර් දකින්න කලින් ඔය කොළ ටික කාමරෙ ජනේලෙන් හුළඟට ගිහින් නගරෙ පුරාම විසිරිලා යනවා. ඉතින් දැන් මොකක් වෙයිද? බස්ටර් අනිත් දවසෙ උදේ ඇහැරෙද්දි රංගශාලාව ඉස්සර කට්ටිය පෝලිමයි. දැන් මොකක් වෙයිද? එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාලටම බලන්න කියන ගමන් අපි සමුගන්නවා.

Sing (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sing.2016.HDRip.XviD.AC3-EVO
Sing.2016.720p.WEB-DL.850MB.MkvCage
Sing.2016.720p.WEBRip.x264.AAC-ETRG
Sing.2016.720p.WEB-DL.999MB.ShAaNiG
Sing.2016.720p.WEB-DL.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට සහ සමන් ප්‍රසාද් සොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>