හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 8වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙ අන්තිමට ළමයි ටික අල්ලගෙන ගිහින් මරන්න හදනවානේ, ඒත් ඒක නිසා මැරෙන්න වෙන්නේ එයාලව මරන්න හදපු කෙනාටමනේ. ඉතින් හැම කෙනෙක්ම ඒ සිදුවීම නිසා කැසිගේ ලග අදුරැ මායාවන් තියනවා කියලා දැනගන්නවානේ ඒ වගේම කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රෂ්න ගොඩාක් ඉතිරි කරලනේ අද කොටසින් ඒ ගොඩක් දේවල් වලට උත්තර හම්බවෙයි.
කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අත්තම්මා ෆේයිගේ සීයා හෙන්ද්‍රිව හොයාගෙන යනවනේ ඉතින් ඊට පස්සේ කවුද කෙනෙක් කැසීගේ අත්තම්මට පහර දීලා හෙන්ද්‍රිගෙ පවුලේ පළිගුව අරගන්නවානේ. ඉතින් අත්තම්මා ගෙදර ආවේ නැති නිසා ළමයි ටික අත්තම්මට මොකද වුනේ කියලා හොයලා බලන්න ලේක් හවුස් එකට යනවා. ඉතින් එයාලා එහෙට යනකොට හොදටම වැස්ස ඒ නිසා එයාලා එහේ රෑට නතර වෙන්න තීරණය කරනවා.
ඉතින් ඒ අතරේ ෆේයිට එක එක විකාර දේවල් පේන්න ගන්නවා. පස්සේ පස්සේ කැසීටත් ඒවා පේන්න ගන්නවා… ෆේයිට දැනෙනවා මොකක් හරි අමුතු දෙයක් සිද්ද වෙනවා කියලා. එයාට දැනෙනවා විල් පතුලේ මොකක් හරි අභිරහස් දෙයක් තියනවා කියලා.. ඉතින් ළමයි ඔක්කොම එකතු වෙලා ලේක් හවුස් එකේ අභිරහස විසදන හැටි තමයි අද කතාවේ තියෙන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
62 downloads