භයානක වෛරසයක් ජින් මහත්තය මගින් කඳවුරට ඇවිල්ලා කියල දැනගනිද්දි ගොඩක් පරක්කු වැඩියි. ඒ වෙද්දි යූන් මියොන් ජෝටත් ඒ වෛරසය ශරීරගත වෙලා කියලා තහවුරු වෙනවා. මේක සියෝ ඩේ යන්ග්ට දරාගන්න හරිම අමාරු කාරණයක් වෙනවා. ඒ වගේම සැක සහිත අයව වෙන් කරල තියන්නත් හැමෝගෙම ලේ පරීක්ෂාවක් කරන්නත් ඔවුන් පියවර ගන්නවා. මේ අතර කඳවුරේ වුන හදිසි විදුලිය බිඳවැටීමක් නිසා ජින් මහත්තයා ලොකු කලබලයක් කරනවා. එතනදි උදව්වට එන්නේ ලී චී හුන්. ජින් මහත්තයා ඔහුගේ අත සපාකන නිසා ඔහුටත් වෛරසය ඇතුල් වෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි කියලා වෛද්‍ය කැන්ග් කියනවා. ඒත් ඔහුගේ රෝගියා පවසන දේ නිසා ඒ වගේ භයානක වෙලාවකත් ඔහුට ලොකු සැනසීමක් දැනෙනවා. ඒ ව ගේම සොන්ග් වෛද්‍යතුමා මේ වෛරසයට උදව්වක් වේ යැයි හිතන බෙහෙතක් හොයාගන්නවා. මේ අතර ආර්ගුස් කඳවුරට එනවා. ඔහු එන්නේ තමන්ගේ දියමන්ති අරගෙන යන්න. එයට ඉඩ නොලැබෙන තැන ඔහු පිටවෙලා ගියත් ඔහු එය ලබාගන්න වෙනත් ක්‍රමයක් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලම කඳවුරට ගේන බෙහෙත් වාහනය පැහැරගෙන යන ආර්ගුස් ශි ජින් ඒක බේරගන්න ගිය අතරතුර වෛද්‍ය කැන්ග් ව පැහැරගෙන යනවා…
225 downloads
<< Previous Episode All Episodes Next Episode>>