රවිඳු රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය
ගොඩක් කාලෙකින් තමයි මේ ෆිල්ම් එකක සබක් කරේ.ෆිල්ම් එකටත් තෝරගත්තේ 2011 වර්ෂයේදී ආපු කොමඩි ගණයට අයත් චිත්‍රපයටක්.මේකේ දැනට චිත්‍රපට තුනක් ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් මම භාරගත්තේ තුන්වෙනි එක.අනිත් ඒවත් මම දෙන්න උත්සහා කරන්නම්.මේ කතාවේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Martin Lawrence. Bad Boys බලපු අයනම් මෙයාව දන්නවත් ඇති.එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමු,
ට්‍රෙන්ට් කියන්නේ තමන්ගේ හිප්-හොප් ගීත ගැයීමේ සිහිනය සැබෑ කරගන්න දරන ළමයෙක්.නමුත් ඔහුගේ තාත්තා එයට කැමති නැහැ.මොකද එයාට ඕන කරන්නේ තමන්ගේ පුතාව ලොකු මහත්තයෙක් වෙනවා දකින්න.හැබැයි ඉතින් ට්‍රෙන්ට් ඒකට කැමති නැහැ.ඔන්න ඔතනින් තමයි හැමදේම පටන් ගන්නේ.ට්‍රෙන්ට්ගේ තාත්තා ටර්නර FBI නියෝජිතයෙක්. මෙයා දවසක් යනවා චර්ක්ඕෆ් නමැති අපරාධ කාරයෙක් අල්ලාගැනීමේ රහසිගත මෙහෙයුමට.ඔන්න ඔතනට ට්‍රෙන්ට් එනවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කරගන්න.චර්ක්ඕෆ්ට ඉවවැටෙනවා FBI එකෙන් ඉන්න බව.ඉතින් මෙයා පැකේජය(ෆ්ලෑෂ් ඩ්‍රයිව්) එක හුවමාරු කරගන්න කෙනාව මරලා දානවා.ඉතින් ඔතන ඕක සිද්ද වෙනවා ට්‍රෙන්ට් දකිනවා.ඊටපස්සේ චර්ක්ඕෆ් මෙයාව මරන්න හදනවා.හැබැයි ඉතින් ටර්නර් ඇවිත් බේරාගෙන යනවා.කැනේටී එතැනදී ඇත්තම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක නෙමෙයි දෙන්නේ.ඒක වෙන තැනක හංගනවා.ඉතින් මෙයාලා යනවා එක හොයාගෙන බාලිකා පාසලකට.හැබැයි ඉතින් පිරිමි දෙන්නක් වගේ නෙමෙයි ගැහැණු දෙන්නෙක් වගේ ඇද පැළදගෙන.ඉතින් මෙයාලට ඇත්තම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක අරගන්න ලැබෙයිද?චර්ක්ඕෆ් මොවුන් දෙදෙනාව අල්ලාගනියිද?ට්‍රෙන්ට් සහ ටර්නර්ගේ ඇත්ත ස්වරූපය පාසලේ ඇතුළේ හෙළි වෙයිද?එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.
එහෙනම් ආයෙත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!
ධනුෂ්ක ලක්මාල් “ධනා” සොහොයුරා විසින් පල කරන ලද ලිපිය
අද මං කියන්න යන්නෙත් මේ අවුරුද්දෙ ආපු සුපිරි කොමඩි බයිස්කෝප් එකක් ගැන. මේ මගේ දෙවනි පෝස්ට් එක. මගේ පලවෙනි එකත් කොමඩි හින්දි බයිස්කෝප් එකක්නෙ. ඒකට හොඳ කමෙන්ට්ස් දාලා තිබුනා. ඒ කමෙන්ට්ස් දාපු හැමෝටම තැන්කියු කියන ගමන් අද දෙන බයිස්කෝප් එක ගැන ටිකක් කියන්නම්කො. ඔන්න අහගන්න. මේකයි කතන්දරේ, සමහරක් විට ඔයගොල්ලො බලලත් ඇති මේකෙ පළවෙනි කොටසකුත් ආවා. ඒකත් සුපිරි කොමඩියක් තමයි. ඒක බැලුවෙ නෑ කියලා අවුලක් නෑ. දෙක එකට සම්බන්ද වෙන කථාවක් නෙමී මේක.
ඉතිං මේකයි දැන් කථාව, FBI ඒජන්ට් කෙනෙක් ඉන්නවා මිනිහගෙ නම තමයි මැල්කම් ටර්නර්, එයා තමයි Big Momma කියන්නෙත්. ඒ චරිතෙට පනපොවන්නෙ අපි කවුරුත් දන්න හොලිවුඩයෙ සුපිරි චරිතයක්, ඒ තමයි Martin Lawrence. එහෙම කිවුවට දන්නෙත් නැතුව ඇති. හ්ම්ම් මං මෙහෙම කියන්නම්කො. ඔයාලට මතකද Bad Boys බයිස්කෝප් එක. අන්න හරි, ඒක තමයි. ඒකේ Will Smith ගේ සහයකයට හිටියෙ මෙයා තමයි. මෙයාට ඉන්නවා පුතෙක්. මිනිහා කැමති රැප් සින්දු කියන්න. ඒත් තාත්තට ඕනා පුතාට උගන්වන්න. ඔහොම යද්දි මැල්කම් FBI ගේමක ඉන්නකොට පුතා එනවා එතනට. ඔතනදි පුතාව දකිනවා හොරු සෙට් එක. ඉතිං උන් මේ කොල්ලව හොයනවා මරන්න. ඔය සීන් එක නිසා තාත්තා පුතාව බේරගෙන හොරු රංචුවත් අල්ලගන්න කරන මෙහෙයුම තමයි මේ කථාවේ තියෙන්නෙ. සුපිරි කොමඩියක් තමයි ඉතිං. හැමොම බලන්න. මේකට IMDB වලින්නම් එච්චර හොඳ Vote එකක් ලැබිලා නෑ. ඔහෙම කියලා බලන්නෙ නැතුව ඉන්න එපා හොදේ. හොඳට හිනාවෙන්න පුලුවන් ඒ නිසා හැමෝම බාගෙන බලන්න. බාන ගමන් පොඩි කමෙන්ට් පාරකුත් දාලා යන්ඩ හොඳේ.
හැමෝටම ජයවේවා…
Due to copyright issues, we do not provide any torrent links.
Big.Mommas.Like.Father,.Like.Son.2011.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
252 downloads