Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E17] with Sinhala Subtitles |මැඩම් හයිඩ්‍රා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඩේසියි සිමන්ස් දෙන්නා ෆ්රේම්වර්ක් එකට සම්බන්ධ වුනාට පස්සෙ දෙන්නා ඇහැරෙන්නෙ වෙනස්ම තැන් වලින්. ඩේසි ඇහැරෙන්නෙ ගෙදරක. එහෙදි එයාගෙ පෙම්වතා වෝඩ්. මේ දෙන්නම හයිඩ්‍රා එකට වැඩ කරන අය. හැබැයි වෝඩ්ට ඩේසි ගැන අමුත්තක් දැනෙන්න ගන්නවා. ඒ එයා හැසිරෙන විදිහ නිසා. ඩේසිට හයිඩ්‍රා එකේදි මේ සහා ෆිට්ස් දෙන්නා හම්බවුනත් එයාලට කිසිම දෙයක් මතක නැ.

සිමන්ස් ඇහැරෙන්නෙ වලක ඉදන්. මොකද මෙයාව ෆ්රේම්වර්ක් එකේදි මරලා දාලා. ඒ මොකද කියනවනම් එතකොට ෆිට්ස්ව නම්ම ගන්න එක පහසුයි. කොහොම වුනත් සිමන්ස් ගොඩක් කරදර වලට මුහුණ දීලා කෝල්සන්ව හොයා ගන්නවා. හැබෙයි මනුස්සයටත් මෙයාලා ගැනවත් ශීල්ඩ් එක ගැනවත් කිසිම මතකයක් නැ. මොකද ෆ්රේම්වර්ක් එක ඇතුලෙ ශීල්ඩ් එක විනාශ වෙලා, හයිඩ්‍රා තමයි රජ කරන්නෙ. සිමන්ස් එතනින් ගියාට පස්සෙ කෝල්සන් හයිඩ්‍රා එකට මෙයා ගැන කියනවා.
 
පස්සෙ ඩේසි සහා සිමන්ස් හම්බවෙන්න නියම කර ගත්ත තැනදි හම්බවෙනවා. එතනදි තමයි දෙන්නා වෝඩ්ට අහුවෙන්නෙ. පස්සෙ බලන් යද්දි මිනිහා ප්‍රතිරෝධකයින්ට හවුල් කෙනෙක්. ඒ කියන්නෙ හොද මිනිහෙක්. කොහොම හරි මෙයාගෙ මාර්ගයෙන් හැමෝම හයිඩ්‍රලාගෙන් බේරිලා පැන ගන්නවා. අවසානයෙ ආපහු යන්න බැලුවාමයි තේරෙන්නෙ එයාලට ආපහු යන්න විදිහක් නෑ කියලා. දැන් ඉතින් මොනා කරන්නද මෙයාලට කාටවත් මේ දේවල් පැහැදිලි කරන්නත් බෑ. හැබැයි අවසානයෙ ඩේසිට පුළුවන් වෙනවා කෝල්සන්ට එයා කවුද කියලා මතක් කරවන්න.
 
අද කොටස ගැන කියන්න ඕන නෑ. 
ඔයාලම බලන්නකො. අද පරණ අවුරුදු දවසෙ වැස්ස වෙලාවෙ කොහෙවත් නොගිහින් වැඩ ගොඩක් මැද්දෙ උපසිරැසිය කරලා මේ ගෙනත් තියෙන්නෙ. ඉතින් අපිට මොකෝ නේද? කොහොම හරි දුන්නනෙ. එහෙම හිතන අයත් ඉන්නවා, මං දන්නවා. නැත්නම් ඩවුන්ලෝඩ් සෑහෙන ප්‍රමාණයක් තියෙද්දි පොඩි පිරිසක් විතරක් අදහස් දක්වන්නෙ නෑනෙ. බලමුකො මට කී දෙනෙක් අවුරුදු තෑගි දේවිද කියලා. එහෙනම් මං ගියා.
 
~ ලබන්නා වූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!  ~

 Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E17.HDTV.x264-KILLERS

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>