අපි සිනමා ඉතිහාසය දිහා බැලුවොතින් අපිට දකින්න පුළුවන් ඇතැම් සිනමාපට වලට පාදක වෙලා තියෙන්නෙ ලෝකප්‍රසිද්ධ නවකතා. අද ඔයාලට අරගෙන ආපු මේ Brooklyn(බෲක්ලින්) කියන සිනමාපටයත් අන්න එහෙම නිපදවුණ සිනමාපටයක්. Colm Tóibín නම් අයර්ලන්ත ජාතික නවකතාකරු විසින් රචිත 2009 වසරේ ප්‍රේක්ෂකයන් අතට පත් වුණු එනමින්ම යුත් නවකතාවක් තමා මේ සිනමාපටයට පාදක වෙන්නෙ. මේ පොත 2009 වසරේ Costa Novel සම්මානය පවා දිනාගැනීමට සමත් වුණා. ඉන් පසු 2012 වසරේදී The Observer පුවත්පත විසින් මෙම නවකතාව ඉතිහාසය සම්බන්ධයෙන් ලියවුනු හොඳම නවකතා දහයෙන් එකක් බවටත් ප්‍රකාශයට පත් කරනවා. ඉතින් මේ පොත පාදක කරගෙන නිපදවෙන මේ බෲක්ලින් සිනමාපටය අධ්‍යක්ෂණය වන්නෙ John Crowley නම් අධ්‍යක්ෂකවරයා අතින්. ඉතින් මේ සිනමාපටයට අපි හොඳින් දන්නා හඳුනන නළුනිළියන් කීපදෙනෙක්ම තම දායකත්වය සපයනවා.
කතා නායිකාව වෙන Eilis Lacey විදිහට Hanna, The Host වැනි සිනමාපට හරහා අපි රිදීතිරයේ දැකගත්ත Saoirse Ronan. ඒ වගේම මේ දවස්වල අපි හුඟ දෙනෙක් හොඳින් දන්නා හඳුනන ලස්සන ගෑණු ළමයෙකුත් මේ සිනමාපටයේ අපිට දැකගන්න පුළුවන්.ඒ වෙන කවුරුවත් නෙවෙයි, අපේ ඇරෝ කොල්ලගේ සහයිකාව වගේම පෙම්වතිය වෙන ෆෙලිසිටී ස්මෝක් විදිහට අපි හැමෝම හඳුනන Emily Bett Rickards. බෲක්ලින් සිනමාපටයට IMDb අගය 7.8ක අගයක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම රොටන් ටොමාටොස් අගය 98% වගේ ඉතාම ඉහළ අගයක් අරගෙන තියෙනවා. කොහොම හරි 2015 වසරේදී වැඩිම රොටන් ටොමාටොස් අගයක් ලබාගත්ත සිනමාපට අතරින් පස් වෙනි තැනට පත්වෙන්න මේ සිනමාපටයට පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපට සම්මාන උත්සව කීපයකට මේ සිනමාපටයේ නම යෝජනා වුණා වගේම ඉන් කිහිපයක් දිනාගැනීමටත් සමත් වුණා. එහෙනම් ඇද මේ සිනමාපටයේ කතාව පැත්තට හැරෙමු…
මේ 1952 අවුරුද්ද. ඒලිෂ් ලේසි කියන්නෙ දකුණු අයර්ලන්තෙ ඉන්න තරුණ ගෑණු ළමයෙක්. එයා රැකියාව විදියට කරන්නෙ සති අන්තෙ දවස් වල ටිකක් නපුරු, කුහක ගෑණු කෙනෙක්ගෙ කඩයක වැඩ කරන එක. ඒලිෂ්ගෙ අක්කා ඒලිෂ්ට ඇමරිකාවට ගිහින් රැකියාවක් කරන්නත් වැඩි දුර ඉගෙන ගන්නත් අවස්ථාව සලස්වලා දෙනවා. ඇමරිකාවට යන ඒලිෂ්ට ගෙදර නැති පාළුව දැනෙන හැටි, ඒක මඟහරවා ගන්න එයා දරණ උත්සහය, එයාගෙ ජීවිතේ ජය ගන්න හැටි, එයා ආදරයෙන් බැඳෙන හැටි තමයි කතාවෙන් කියවෙන්නෙ.
එහෙනම් කතාව බලන්නකො. ලිපිය ලිව්ව පූස් මල්ලිට ස්තූතියි. ජය…..
988 downloads