ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ඇරන් ආවා තවත් සුපිරි ෆිලුමක්. ගතවූ පසුගිය වසර තුළ වැඩිම දමිළ චිත්‍රපට සංඛ්‍යාවක් එළි දැක්වූ විජය් සේදුපතිගේ නවතම චිත්‍රටිය, කවන්. එදා මේ චිත්‍රපටිය රිලීස් වුණ දවසේ මහ රෑ යාපනේ රාජා සිනමා හලට ගිහින් පුළුල් තිරයේ බලද්දි ආව ගැම්මට ඒ වෙලාවෙම බයිස්කෝප් එකට කතා කරලා වෙන් කරගත්තා. ඉක්මණින්ම චිත්‍රටිය වෙන් කර දීම ගැන බයිස්කෝප් කණ්ඩායමට ස්තුති වන්ත වෙනවා. විජය් සේදුපතිගේ චිත්‍රටියක් නම් ඉතින් අතාරින්නෑ නේ ලේසියෙන්. “කවන්“ ගැන පොඩ්ඩක් කියන්නම්.
මේක මාධ්‍ය කතාවක්. දේශපාලනීකරණය වූ එක්තරා මාධ්‍ය නාළිකාවක් තමුන්ගේ රේටින් ඉහළ දැමීම සඳහා ඉතාමත් පහත් වැඩ කරන්න පටන් ගන්නවා. මේ නාළිකාවේ සේවය කරන නවක මාධ්‍ය කරුවෙකු වෙන තිලක් මේ මාධ්‍ය ජාලය කරන පහත් වැඩ පිළිබඳව කළකිරෙනවා. නමුත් නවකයෙක් නිසා නාළිකාවේ තීරණ වලට ඉහලින් මොහු යන්න උත්සාහ කරන්නේ නෑ. නමුත් හැමෝටම වාරයක් එනවා කියනවනේ. මේ කතාවේ තියෙන්නේ තිලක්ට ඒ වාරේ ආවේ කොහොමද සහ තිලක් ඉන් පසු සිදු කළේ කුමක්ද කියන දේයි. තිලක්ට හැප්පෙන්න වෙන්නේ ලේසි පාසු පුද්ගලයින් එක්ක නෙවෙයි. තීසෙට්ටි මන්නාර් කියන මැර දේශපාලඥයෙක් සහ සෙන්-1 නාළිකාවේ ප්‍රධානී කල්‍යාන් නැමැති මාධ්‍ය අපරාධකරුවා සමඟ. තිලක්ට ඉන්නවා මරු සෙට් එකක්. ඒ වගේම කොහේදෝ ඉඳලා උදවුවට එනවා මහ විකාර නාළිකා හිමියෙක්. මේ ගොල්ල එකතු වෙලා ජඩ මාධ්‍යට එරෙහිව ජන මාධ්‍ය හැසුරුවේ කොහොමද කියලා ඔයාලට චිත්‍රපටිය බැලුවාම දැනගන්න පුළුවන්.
වැඩිය කියන්න දෙයක් නෑ චිත්‍රටියනම් ෆුල් ආතල් (විශේෂයෙන්ම පළවෙනි භාගය). දෙවෙනි භාගයේදි නම් ටිකක් විතර සීරියස් වෙනවා. දෙවෙනි භාගේ නම් පොඩ්ඩක් විතර අවුල්ද මන්දා මටනම්. වැඩේ කියන්නේ චිත්‍රපටිය ටිකක් දිගයි පැය දෙකයි විනාඩි හතළිහක් විතර. නමුත් එක සැරයක් නම් අනිවාර්යෙන් ඇරන් බලන්න ඕන චිත්‍රපටියක්. මේ තාක් කල් ආව විජය් සේදුපතිගේ චිත්‍රපටි වලින් වැඩිම වියදමක් සිදු කළ චිත්‍රපටිය මෙය යැයි පැවසෙනවා. ඒ වගේම අපි හොඳට දන්න කියන මූණු ටිකකුත් චිත්‍රටයේ එනවා. මලර් (සේදුපතිගේ කෑල්ල) විදියට මැඩෝනා සෙබෙස්තියන්, සිම්බුගේ තාත්තා ටී.රාජේන්දර් (මාර ආතල් එකක් දෙන්නේ), වික්‍රන්ත් ඒ වගේම නසර් සහ පවර් ස්ටාර් ආරාධිත රංගන.
හැමෝටම ඇරන් බලන්න කියලා ආරාධනා කරනවා එහෙනම්. තවත් උපසිරැසියක් රැගෙන එනතුරු ඔබට ජය වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilMV.mx – Kavan (2017) Tamil HDRip – XviD – 700MB – MP3 – HC-ESub.avi
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
315 downloads