Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Abhimaan (1973) With Sinhala Subtitles |ඔවුන් එක් කලේ සංගීතයයි…ඔවුන් වෙන් කලේද සංගීතයයි…. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

එකල ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. අභිමානය යන තේරුම ඇතිව 1973 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hrishikesh Mukherjee විසින්. හරිම ලස්සන සිංදු හතක් ඇතුලත් වෙන මේ චිත්‍රපටියෙ සංගීත අධ්‍යක්ශනය Sachin Dev Burman ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ අමිතාබ් සමග ජයා බහදුරී. මේ චිත්‍රපටය ඉන්දියාවටත් වඩා ලංකාවේ ඉතාම ජනප්‍රිය වුනා.කොළඹ එම්පයර් සිනමා ශාලාවේ නොකඩවා දින 590ක්  ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ චිත්‍රපටිය වෙනුවෙන් ජයා ට හොඳම නිලියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයද, Sachin Dev Burman ට හොඳම සංගීත අධ්‍යක්ශනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයද හිමි වුනා.

කතාවෙ වෙන්නෙ මෙහෙමයි. සුබීර් කුමාර් කියන්නෙ තරුන දක්ශ ගායකයෙක්. දවසක් එයා ගමේ ගිහින් ඉන්දැද්දි  එයාට ගමේ ගිහින් ඉන්නකොට කෙල්ලෙක් සිංදු කියනවා ඇහෙනවා. ඒ තමයි උමා. ඊට පස්සෙ මේ දෙන්න කසාද බඳිනවා. ඒ උත්සවේදි දෙන්නම සිංදුවකුත් කියනවා. එතෙන්දි සංගීත ක්ශේත්‍රයේ ගොඩක් අය උමාගෙ හැකියාවන් ගැන දැන ගන්නවා. බොහොම ඉක්මනින්ම උමාට චිත්‍රපට සඳහා ගීත ගායනයට අවස්තා ලැබෙනවා.ඒත් සුබීර් වැඩිය ඒ ගැන කැමති වෙන්නේ නෑ. උමා සුබීර්ට වඩා ජනප්‍රිය වෙන අතරේ සුබීර්ගෙ හිතේ උමා ගැන ඊරිසියාවක් ඇති වෙනවා.  ඒ අතරෙ ඔවුන්ගෙ පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා.

ඒ ප්‍රශ්න මැදින් ගලාගෙන යන ලස්සන සංගීතවත් බවක් තමයි කතාව පුරාම තියෙන්නෙ. එහෙනම් මේ ලස්සන ආදර කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.

ඕන් අපි ගියා.

Abhimaan (1973) on IMDb

 

 

 

Abhimaan_1973_DvdRip_Esubs_MkvCinemas

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා ගැළපේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>