Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow (2016) [S01 : E11] with Sinhala Subtitles|පැරණි බටහිර [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

DCs Legends of Tomorrow TV New1

මුලින්ම හැමෝටම ලැබුවා වූ නව වසර ෆිල්ම් වලින් ටීවී සීරිස් වලින් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා!!! කියල ප්‍රාර්ථනා කරනවා. ඉතිං අලුත් අවුරුද්දෙ මම අරං එන පළවෙනිම උපසිරැසිය තමයි මේක. එහෙනම් ගිය සතියෙන් කතාව කියන්න පටන්ගන්නම්.

අපේ කණ්ඩායමට පුළුවන් වුණා ක්‍රෝනස් විදිහට හිටපු මික්ව අල්ලගන්න. දැනට එයාව හිර කරලා ඉන්නෙ යානය ඇතුලෙ. ඒවගේම කණ්ඩායම 2147 වෙනි වසරට යනවා සැවේජ්ව අල්ලගන්න. ඒ කාලය කියන්නෙ සැවේජ් ලෝකය යටත් කරගන්න දශක කිහිපයක් කලින්. මේ කාලෙදි කැස්නියානු ප්‍රදේශය හැරුණුකොට පිටත ප්‍රදේශ එතරම් හොඳ තත්ත්වෙක නැහැ. මේ ප්‍රදේශය ආරක්ෂා කරන්න ඇටම් ස්වයං පාලක රොබෝල ඉන්නවා. ඇත්තටම මේ රොබෝල නිෂ්පාදනය කරලා තියෙන්නෙ රේගෙ ඇටම් සූට් එකේ තාක්ෂනය පාවිච්චි කරලා. පස්සෙ හොයාගෙන යද්දි තේරුම්ගන්නවා මෙච්චර දියුණු වෙලා තියෙන්නෙ එයා පාවිච්චි කරපු තාක්ෂණයම තමයි කියල. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ සැවේජ් ලෝකය විනාශ කරන්න මේ රොබෝලවත් පාවිච්චි කරනවා. මේ කාලෙදි තමයි ප’ඩෙගටන් තමන්ගෙ ක්‍රියාකාරකම් ආරම්භ කරන්නෙ. ඇත්තටම එයා පුංචි ළමයෙක්. මෙයාගෙ ගුරුවරයා තමයි සැවේජ්. සැවේජ් ලෝකය විනාශ කරන්න අවශ්‍ය අඩිතාලම හදාගන්නෙ මේ ළමයව පාවිච්චි කරලා. ප’ඩෙගටන් කියන්නෙ කවුද කියල මතක් කලොත් ඔහු කාලය හරහා ගමන් කරන්න පුළුවන් තවත් කොමික් වල ඉන්න දුෂ්ටයෙක්. දැනට කැස්නියානු ප්‍රදේශයේ පාලකය විදිහට කටයුතු කරන්නෙ ප’ඩෙගටන්ගෙ තාත්ත. ඉතිං කැප්ටන් හන්ටර්ගෙ අදහස වෙන්නෙ මේ ළමයව මරල දාන එක. නමුත් කණ්ඩායමේ හැඟීම් තියන කට්ටිය මේකට කැමති වෙන්නෙ නැහැ. කොහොමහරි මේ ළමයව කාල රේඛාවෙන් අයින් කළොත් මේ ප්‍රශ්නේ විසඳෙයි කියල හිතාගෙන කණ්ඩායම තීරණය කරනව ළමයව මරන්නෙ නැතුව පැහැරගන්න. ළමයව පැහැරගන්න එකත් කණ්ඩායම පහසුවෙන්ම කරගන්නවා. හැබැයි ඊට පස්සෙත් ගිඩියන් ලවා අනාගතය පරීක්ෂා කරනවා. එහෙත් අනාගතය එලෙසම නොවෙනස්ව පවතිනවා. ඒ කියන්නෙ ලෝක විනාශය සිද්ධ වෙන එක වෙනස් වෙන්නෙ නැහැ.

ඉතිං කණ්ඩායමට හොරෙන් ළමයව මරන්න කියල හිතාගෙන හන්ටර් ප’ඩෙගටන්ව දුර පැත්තකට අරං යනවා. ඒත් ඉතිං හන්ටර්ගෙ හිත හොඳකමට එයාව මරාගන්න වෙන්නෙ නැහැ. කොහොමවුනත් මේ අතරෙ සැවේජ්ගෙ උදවුවෙන් ප’ඩෙගටන්ගෙ සෙබළු යානය තියන තැන හොයාගෙන යානයට පහර දෙනවා. මේ සටන ගලාගෙන යද්දි සාරව සැවේජ්ට කොටු වෙනවා. ඒ වගේම හන්ටර් ළමයාවත් අරං ආපහු සටන සිද්ධ වෙන තැනට එනවා. කාටවත් කරදරයක් නොවෙන්න සටන නවත්තල දෙගොල්ලොම සාරා වෙනුවට ලමයව හුවමාරු කරගන්නවා. ඒ වගේම රේට පුළුවන් වෙනවා සියලුම රොබෝලාව අක්‍රිය කරන්න. අවසානයේ ප’ඩෙගටන් විසින් තමන්ගේ පියාව ඝාතනය කරනවා සැවේජ්ගේ මඟ පෙන්වීම යටතේ. මොකද ප’ඩෙගටන් හිතන්නෙ තමන්ගෙ තාත්ත දුර්වලයෙක් කියල. හැබැයි මේ මොන දේ වුනත් අවසානයේ අනාගතය නම් වෙනස් කරගන්න කාටවත් බැරි වෙනවා. අවසානයේදි සිද්ධ වුන තවත් දෙයක් තමයි මික් ටිකක් ඇත්ත තේරුම්ගන්නවා. එයාගෙන් තොරතුරු වගයක් හෙළි වෙනවා. ඒ තමයි හන්ටර්ල සහ කුලී හේවායන් මේ කණ්ඩායම පස්සෙන් එනවා කියන එක. මෙයාලගෙන් බේරෙන්න කිසිම ක්‍රමයක් නැහැ කියල තමයි මික් කියන්නෙ. එහෙනම් ඉස්සරහට මොකද වෙන්නෙ කියල අද කොටසින් බලමු. තවත් උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය වේවා!!!

Heroes Reborn (2015) on IMDb

 

 

277 MB (HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

E498B39EFB6BB53C9AB968178B4CFBF9FC4EEA0E

317 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

26CA836C732434BCB4662A25EC8A48C9D5D73CD6
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>