Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ghost in the Shell (2017) with Sinhala Subtitles |මිනිස් මොළයක්! රොබෝ ශරීරයක්! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මට තියෙන්නෙ මිනිස් මනසක්…
මගේ ශරීරය නිෂ්පාදනය කරන ලද කබොල්ලක්…
මගේ වර්ගයේ පළවෙනියා මමයි…
ඒත්, අන්තිම කෙනා මම නොවේවි…
එයාලා අර්ථ දක්වන ආකාරයට, අපි මතකයන්ට ඇලී ගැලී ඉන්නවා…
ඒත්, අපිට අර්ථ දක්වන දේ තමයි අපි කරන්නෙ…
මගේ අවතාරය දිවි ගලවා ගත්තා, අපේ ඉදිරි අය වෙනුවෙන් සිහිපත් කරලා දෙන්න…
මනුෂ්‍යත්වය තමයි අපේ ගුණාංගය කියලා…
මං දන්නවා, මං මෙහේ ඉන්නෙ මොනවා කරන්නද කියලා…
ඒ වගේම, මං කවුද කියලා…
මං තමයි, මේජර් මීරා…
නොහොත්…? 

දීර්ඝ නින්දකට පස්සේ මං ඇස් ඇරලා බැලුවා… මුලින්ම මට හුස්ම ගන්න අමාරු වුණා. ඒත්, පස්සේ ඒක හරි ගියා. මං ළඟ එකම එක දොස්තර කෙනෙක් හිටියා. මොකක්ද දෙයියනේ මේ වෙන්නේ…? මට මගේ මුළු ඇඟම දැනෙන්නේ නැතුව ගියා… දොස්තරලා කියපු දෙයින්, මට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගියා. මට අනතුරක් වුණාලු… මගේ ශරීරය නම් බේරගන්න බැරිවුණත්, මොළය විතරක් බේරාගත්තා කියලා කිව්වා. අන්තිමේට මට සිද්ධවුණේ, මිනිස් මොළයක් සහිත රොබෝවෙක් ගෙන් සෑහීමකට පත්වෙන්න. මගේ පහුගිය මතකයන් ගැන කිසිම පැහැදිලි හෝඩුවාවක් මතකයේ රැඳිලා තිබුනේ නැහැ. ඒ දේවල්, හරියට මීදුමක් වගේ නොපැහැදිලි තත්වයක තිබුණේ. අනාගත පෘතුවියේ, දහසකුත් එකක් රොබෝවන් අතරේ, ප්‍රථම වතාවට සුපිරි බලයක් සහිත මිනිස්-රොබෝ ගැහැණිය බවට මාව පත්වුණා.

කාලය ගෙවිලා ගියා. හැන්කා රොබෝටික්ස් සමාගමේ ආරක්ෂක නිලධාරියෙක් විදියට මං වැඩකරන්න පටන් ගත්තා. නැතිනම්, සුපිරි ආයුධයක් විදියට. දවසක්, නොසිතූ දෙයක්ම සිද්ධවුණා. හැන්කා රොබෝටික්ස් ආයතනයේ ප්‍රධාන මනුෂ්‍ය-රොබෝ විද්‍යාඥයින් කිහිප දෙනෙකුම හැක් (Hack) කිරීමට භාජනය කොට, ඝාතනය කරනු ලැබුවා. මේ දේවල් කවුද කරන්නෙ, මොන හේතුවක් නිසාද කරන්නෙ කියලා කිසිම හේතුවක් දැනගන්න හැකියාවක් තිබුනේ නැහැ. මේ ඝාතන සිදුකරලා තිබුනේ, ගෙයිෂා නම් ව්‍යාපෘති රොබෝවන් භාවිතා කරමින්, මස්තිෂ්ක හැක් කිරීමක් මගිනුයි. ඒ වගේම, අවසානයට එකම එක පණිවිඩයක් පමණක් අපි වෙනුවෙන් “කුසේ” කියන නොහඳුනන පුද්ගලයෙක් ඉතිරි කරලා ගිහිල්ලා තිබුණා. “හැන්කා රොබෝටික්ස් හට සහාය දෙන්නන්
විනාශ කල යුතුයි…” කුමක්ද මේ තර්ජනය…? ඇයි මෙහෙම තර්ජනය කරන්නෙ…? අපි දිගටම හොයාගෙන ගියා. අවසානයේ, මගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකට පැමිණියා… මෙතෙක් කාලයක් පුරාවට, මගේ මිනිස් මොළයට වධ දුන් දහසකුත් එකක් ප්‍රශ්නාර්තයන් හට පිළිතුරු ලැබුණා… ඒ නිසා, සමහරුන්ට නම් තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවුණා… නමුත්, අවසානයේ මට නම් ශාන්තිය උදා වුණා…

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නෙ, හොලිවුඩ් චිත්‍රපට රසික රසිකාවියන් ඉමහත් නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටපු, Scarlett Johansson ගේ නවතම සිනමා සිත්තම. මාවල් සිනමා විශ්වයේ, Black Widow නම් කාන්තා සුපිරි වීර චරිතය සහ Lucy (2014) චිත්‍රපටය නිසාවෙන් අතිශය ප්‍රසිද්ධියට පත්වූ සුරූපිණියක් ලෙස Scarlett Johansson ගේ නාමය ප්‍රේක්ෂක ඔබගේ මතකයේ ගැඹුරටම කා වැදී ඇතුවාට සැකයක් නම් නැහැ. එසේනම්, ඇයගේ අයස්කාන්ත රංගනයෙන් හැඩ වැඩ ගැන්වී, Action, Crime, Drama යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ මාර්තු මස 31 වෙනි දින නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙමින්, ඇමරිකානු ඩොලර් මිලියන 110 ක බරපැනක් දරා නිෂ්පාදනය වුණා වූද, ඇමරිකානු ඩොලර් මිලියන 166.2 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගන්වෙන්නා වූ මෙම සළරුව වෙනුවෙන්, මේ සටහන ලියවෙන මොහොත වන විට, පනස් දහස ඉක්මවූ ප්‍රේක්ෂක මනාපයකින්, imdb දර්ශකයේ 6.8 ක අගයක් සනිටුහන් වී තිබෙනවා. ඒ වගේම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Snow White and the Huntsman (2012) අධ්‍යක්ෂණය කරන ලද , Rupert Sanders විසින්.

ඒ වගේම, විශේෂ ස්තුතියක් පුදකරන්න ඕනේ, හසන්ත අයියට. මොකද, චිත්‍රපටය පුරාවටම නොදන්නා වචන අනන්තවත් තිබුණා. චිත්‍රපටය බලනකොට තේරේවි, මේකේ කොච්චර නම් තාක්ෂණය සම්බන්ධ වචන අන්තර්ගත වෙලා තියෙනවද කියලා. ඉතිං, මේ දේවල් කියාදෙමින්, මගේ පිහිටට හිටියෙ හසන්ත අයියා. ඒ වෙනුවෙන්, හසන්ත අයියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.

එසේනම්, අනාගත ලෝකයේ, අර්ධ මිනිස් රෝබෝවෙකුගේ වීර වික්‍රමාන්විත චාරිකාවක් සමගින් පුරා හෝරා එක හමාරක් මුළුල්ලේ ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය, ද්වේශය, කුතුහලය, දුක, සතුට අතරේ දෝලනය වෙමින්, නැවුම් වූ සිනමා අත්දැකීමක් ලබාගන්නාක් මෙන් සියළුම බයිස්කෝප් සහෘදයන් වෙත සෙනෙහෙ සිතින් ආරාධනා කරමින්, අවසරයි අදට ඔබගෙන් සමුගෙන යෑමට. හැමදෙනාටම ජයවේවා!!!

ප. ලි. – චිත්‍රපටය උපසිරැසි ගන්වා තියෙන්නෙ, HC HDRiP පිටපතක් සඳහා. චිත්‍රපටය නරඹන්න නම් කිසිම බාධාවක් නැහැ. ඒ වගේම, ගුණාත්මක පිටපතක් නිකුත් වුණාම, අනිවාර්‍යයෙන්ම යාවත්කාලීන කරලා දෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැයි කියලා හිතනවා.

 

NEW

Ghost in the Shell (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ghost.In.The.Shell.2017.HC.720p.HDRiP.x264.ShAaNiG

ලබාදී ඇති උපසිරැසිය, සියළුම  HC HD පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>