Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් දැරුවා. කොහොමහරි දෙවැනි දවස ගත්වෙත්ම ග්‍රැනේඩ් ලෝචර් එකකින් බිත්තිය හිල් කරලා ආයේ තිබුණු තත්වයට අරන් එයාලා තුන්දෙනා එලියට පැනගත්තා. නමුත් මේ අතරේ මේරී හුගක් ඇමරිකානු දඩයක්කාරයින්ව මරලා ඉවරයි. අන්තිමට ගියේ ජෝඩිලගේ ගෙදරට. ජෝඩි කොහොමහරි මේරී එක්ක පොර බදලා එයාව අල්ලගෙන තියාගන්නවා සෑම් හා ඩීන් එද්දී. බෙවෙල් නෑ කිව්වට මේරිව ආයේ ගේන්න විදිහක් තිබුනා. මේ අතරේ සෑම් ඉතිරි ඇමරිකානු දඩයක්කාරයින් ටික අරගෙන යනවා බ්‍රිතාන්‍යයන්ට පහර දෙන්න. ඔක්කොම අයට පහර දීලා හෙස් කියන කෙනාව අන්තිමට මරන්න හදද්දී ඒකි එතනදී බොරු කරලා සෑම්ව අන්දන්න හැදුවේ. නමුත් ඒක වුනේ නෑ. බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයොන්ගේ කරදරේ ටිකකට නැවතුනා. නමුත් හෙස් කිව්ව නිසා තමයි සෑම් දැනගත්තේ ලූසිෆර් නිදහස් වුන එකයි ක්‍රව්ලි මැරුණු එකයි. ඩීන් කොහොමහරි මේරිව බේරගත්තා වගේම කෙච් මැරිලා ගියා. ඩීන් එයාගේ අම්මට සමාව දුන්නා. සැමුත් එහෙමයි. නමුත් අවසානය වෙනකන් උදව් කරපු බෙවෙල් මැරිලා ගියා.

අන්තිම කොටසදී නම් හුගක් දේවල් වෙනවා. ජීවිත පවා අහිමි වෙනවා නොසැහෙන්න. මං නම් ඒ කවුද කියලා ඊයෙම දැනගත්තා. ඒත් මං ඔයාලට නොකියා ඉන්නම්. ලූසිෆර්ගේ වැඩ නිසා නොහිතපු අවසානයක් වෙනින් ලෝකෙකදී තමයි කෙළවරක් වෙන්නේ. එතකොට ලූසිෆර්ගේ දරුවා කොහොමත් අම්මව මරාගෙන නෙහ් උපදින්නේ. එතකොට පරණ චරිතයකුත් අද අන්තිම එපියෙන් දැකගන්න පුලුවන් වෙනවා. සුපුරුදු පරිදි කතාව ඉවරයක් වෙන්නේ අතිවිශාල වැනසිල්ලක් කරලා සුපර්නැචුරල් රසික රසිකාවියන්ගේ හිත් රිදවීමක් ඉතිරි කරලා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. කැමති නම් පහල තියෙන හෑල්ල කියවලා යන්න. නැත්තම් සුපුරුදු පරිදි තමන්ගේ වැඩේ විතරක් කරගෙන යන්න..

 

පුරා අවුරුදු දෙකහාමාරක් පුරාවටම කතාමාලා දෙකක කොටස් 46 අරන් එන්න පුළුවන් වුණා. MDG සහෝ සීසන් දහයක් ඇද්දා. එතැනින් පසුව එකොළහ හා දොළහ කියන කතාසමයන් දෙක තමයි මං කරගෙන ආවේ. ඇතැම් දෙනෙක් දන්නවත් ඇති මං නැවතිලා තිබුණු ඔරිජිනල්ස් කතාමාලවත් ඇද්දා. තාමත් ඒකෙ හතරවැනි කතාසමය කරගෙන යනවා. හිතාගෙන හිටියේ නම්  සුපර්නැචුරල් කතාමාලාවේ ඉතිරි සීසන් දෙකත් ඇදලම උපසිරැසිකරණයෙන් ඈත්වෙලා ඉන්න ඕන කියලා. කොහොමත් 2019 මේ වෙද්දී නම් සුපර්නැචුරල් ඉවරයි. මොකද දාහතරවැනි කතාසමයේදී නම් කොටස් දාහතරයි තියෙන්නේ කියලා ගිය අවුරුද්දේදී සදහන් කලා. නමුත් උපසිරැසිකරණය වුනත් දිගින් දිගටම නිරත වෙලා කතාමාලාම අරගෙන ඈවිත් මටත් එපා වීමක් වෙලා තියෙන්නේ, අනික මං මේ කිසිම කතාමාලාවක් සමහර දෙනෙක් හිතාගෙන ඉන්නවා වගේ වීඩියෝ පිටපතයි, උපසිරැසියයි එනකන් බලා ඉදලා ගෙනාවේ නෑ. ලොකු කයිවාරු, පුරාජේරු නෙවෙයි නමුත් මං මගේ පුද්ගලික වැඩ නොසැහෙන්න පැත්තක දාලා සුපර්නැචුරල් වලට වැඩි බරක් යොදවලා ක්ෂණික දෙන්න ඕන කියන මතයේ ඉදලා තමයි අරන් ආවේ. මොකද අදටත් සුපර්නැචුරල් කියන්නේ මගේ රූපවාහිනී කතාමාලා අතරින් මුලින්ම ඉන්න සීරිස් එක. ඉතින් තවදුරටත් ඒ බර යොදන්න බැරි නිසා තමයි කලින් ඉදලම තීරණයක් ගත්තේ මගේ උපසිකරණයට නැවතීමේ තිතක් තියන්න. බාරගන්න එක හරිම ලේසි වැඩක්. ඒත් සතියකට දෙවතාවක් මේක අදින්න තියෙනවා කියලා මතක් වෙද්දී තමයි මේකේ අමාරුව දැනෙන්නේ. මේ අස්සේ ඔරිජිනල්ස් එකත් පස්වැනි කතාසම්යට දීර්ඝ වුණා. ඉතින් ඔයාලම පොඩ්ඩක් හිතන්නකෝ මං කොහොමද මේක තවත් කරගෙන යන්නේ කියලා. මං නැතුවට මොකෝ අනික් අයත් ඉන්නවනේ. ඒ අයටත් අවස්තාවක් ලැබෙන්න එපැයි. ඉතිරි කතාසමයන් කරන්න බැරි වෙයි කියලා හිතෙන දැඩි විශ්වාසෙන්මයි මේක කිව්වේ. ඒ හන්දා ඉතින් මං ගැන නම් බලාපොරොත්තු තියාගන්න එපා ඔන්න. ඊලග කතාසමයන් දෙක කරන කෙනා කවුරු වුනත් මං නම් කියන්නේ හොද සහයෝගයක් දෙන්න කියලා.
 
“නිකන් බෝල්ට් කරලා ලිපියේ අන්තිමට ලිපි කැල්ලක් දැම්මට පස්සේ බොරුවට කමෙන්ට් දාලා වැඩක් නෑ. පැය ගානක කට්ටක් කාලා උපසිරැසිය දෙනවනම් විනාඩි දෙකක් වැය කරලා අදහසක් දාන්න බැරි කමක් ඇතියි කියලා මං නම් හිතන්නේ නෑ. මොකද එක දවසකට හරි කලින් දවසට වඩා වැඩිපුර එක අදහසක් ඇතියි කියන ආසාවෙන් තමයි අපි බලන්නේ. ඒ හැගීම එන්න නම් උපසිරැසිකරුවෙක් වෙන්නම ඕන. නැතුව ඒක තේරුම් ගන්න බැහැ. වැඩිය මුකුත් කියන්නත් බැහැ. මොකද ඇතැම් අය මතයක් දරනවා අපි අදහස් බලාපොරොත්තුවෙන් උපසිරැසි කරනවානම් ඒ කෙනා ගැහැණුවත් පිරිමිවත් නොවන කෙනෙක්ලු. මං දන්නෙත් නෑ සහෝදර උපසිරැසිකරුවෙක් දීලා තිබුන උපසිරැසියක තිබුණු අදහසක්”
 
මෙච්චර කාලයක් මෙහ් කතාමාලාව එක්ක හිටපු හැම කෙනෙක්ටම හුගක් ස්තුතියි. ගිහින් එන්නම්. ජය! 😀

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles