Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Men & Chicken (2015) AKA Mænd & høns with Sinhala Subtitles |අරුම පුදුම සහෝදරයෝ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්.

අද මං අරන් ආවේ Men & Chicken 2015 කියන ෆිල්ම් එක. දැනට IMDb දර්ශකයේ 6.7ක් වගේ හොද අගයක් තියන මේ ෆිල්ම් එකට මම දාපු නම, ”අරුම පුදුම සහෝදරයෝ”. මොකද මේ සම්පූර්ණ කතාව දිග හැරෙන්නේ එක පවුලක සහෝදරයෝ පිරිසක් වටා. ඒ වගේම මේ ෆිල්ම් එක විද්‍යාත්මක, හාස්‍යජනක යටතට ගන්න පුලුවන්.

කතාව ගැන කිව්වොත් එලියස්, ගේබ්‍රියල් කියලා අයිය, මලෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නා හාත්පසින් ම වෙනස්. මේ දෙන්නගේ තාත්තා මැරෙද්දි මෙයාලට වීඩියෝ එකක් බලන්න කියනවා. ඒ වීඩියෝ එක බලද්දි මෙයාලා දැන ගන්නවා එයාලා දෙන්න මේ තරම් කල් හැදිලා, වැඩිලා තියෙන්නේ එයාලගේ ඇත්ත දෙමාපියන් ළග නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ මේ අයිය, මලෝ තීරණේ කරනවා තමන්ගේ ඇත්තම දෙමාපියෝ හොයන් යන්න. කොහොම හරි දෙන්නා තමන් ඉපදුන ගේ දොරකඩට ම හොයාගෙන ගියා කියමුකෝ. හරිම නස්පැත්තියක් තමයි මෙයාලට වෙන්නේ!

මේ කතාව බලන ඔයගොල්ලන්ට පොඩි උපදෙස් ටිකක් දෙන්න තියනවා. මේ කතාව විවෘත මනසකින් බලන තරමට හොදයි. මේ කතාවේ විද්‍යාව, විද්‍යාඥයන්, ආගම, දෙවියෝ, මේ වගේ මාතෘකා යම් ආකාරෙකින් විවේචනේ කරපු තැන් තියනවා. මොකද කියලා කතාව බලද්දි තේරෙයි. කතාවේ හරයට හානියක් නොවෙන විදියට වගේම, අපිටත් ගැළපෙන විදියට උපසිරස හදන්න මට ටිකක් අමාරු වුනා කිව්වොත් හරි. සරලව කිව්වොත් මේ කතාවේ හැම දේකටම තේරුමක් තියනවා. මිනිස්සු දැනුමෙන් ඉහළ යද්දි එයාලගේ ගුණ ධර්ම අමතක වෙලා යනවා. මේ කතාවේ අන්තිමට යද්දි ඒක තේරෙයි. හැබැයි කතාවෙ මුල බලල, මැද නොබලා, අග බැලුවොත් කතාවෙන් වැඩක් නෑ. බලනව නම් කතාවම බලන්න.

අන්තිමටම මං මේකත් කියන්න ඕන. මං හදපු අමාරුම උපසිරස තමයි මේක. අඩුපාඩු ඇති. බලල උපසිරස ගැන හොඳ, නරක කියන්න. ඔන්න කතාවේ පිටපත ගැන නම් මට වගකීමක් භාර ගන්න බෑ.

ආයිත් හමුවෙමු! සුබ දවසක්!

Men & Chicken (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Men.and.Chicken.2015.BluRay.720p.700MB.Ganool.li

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>