Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Black Sails [S04 : E10] with Sinhala Subtitles |අවසානය! (18+) [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Black Sails P1

බ්ලැක්සේල්ස් කතාමාලාව අහවරයක් කරන්න තමා මේ සූදානම! හැමෝම වගේ දන්නවා ඇතිනේ මෙතනින් බ්ලැක්සේල්ස් කතාමාලාව නිල වශයෙන් සමාප්ත වෙනවා. ඉවරවෙලා නම් මං හිතන්නේ දැන් මාසයකටත්  වැඩියි. එතරම් ප්‍රමාදවීමක් වුනා. ඉතින් මේක කරන අතරේ චිත්‍රපටි ආවම තවත් හිරවුනා. කොහොමවුනත්, බොහෝ විට මේකෙන් පස්සේ ආයේ ටීවී සීරීස් එකක්නම් කරන්න වෙන එකක් නෑ. මොකද අන්තිමේදී මේකත් පරක්කුයි බාරගත්ත චිත්‍රපටිත් පරක්කුයි. ඉවසීමෙන් සබ් එක එනකම් බලාගෙන ඉදලා කමෙන්ට් එකක් දාලා යන එලකිරි සෙට් එකකුත් හිටියා. කෙනෙක් දෙන්නෙක් කෑගැහුවේ නැත්තෙත් නෑ.🙂. කොහොමවෙතත් බාරගත්ත වැඩේ ප්‍රමාදවෙලා හරි ඉවරයක් කරන්න ලැබුන එක ගැන මට සතුටුයි.

මේ කතාව මෙතනින් ඉවරයි කියලා හිතෙද්දී දුකක් දැනුනට කලට වෙලාවට කතාව අවසන් කලා කියලා හිතෙනවා. මොකද සීසන් 4ක් පුරා කොටස් 38කින් දීර්ඝ කතාවක් ලස්සනට ගොඩනගලා තිබුනා. කතාව ආරම්භ කරලා මුල් සීසන් දෙක ලබාදුන්න හසන්ත අයියාවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ සීසන් එකෙත් එක එපියක් හසන්ත අයියා කරලා දුන්නා. මේක බලපු නැති අයට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් බලන්න කියලා තමා. මොකද දැන් මේ වගේ කතා හැදෙන්නෙත් අඩුවෙන්. කොටින්ම මුහුදු මංකොල්ලකරුවන් ගැන තියෙන හොදම සීරීස් එක මේකයි කියලා මටනම් කියන්න පුළුවන්. කතාව හොදට විස්තර කරලා ලිපියක් ලියන්න හිතුවත් බෑ වගේ.🙂. මොකද මගේ ලිපි ලියන හැකියාව අන්තිමයි වගේම දැනටමත් හොදටෝම ප්‍රමාදවෙලානේ තියෙන්නේ.

අන්තිම කොටස ගැන ඒ නිසා සදහන් කිරීමක් කරන්නේ නෑ. මට නම් මේකේ සාර්ථක අවසානයක් තිබුනා. හිතුවේ නැති විදියට තමයි දේවල් වුනේ. එහෙනම් කැප්ටන් ෆ්ලින්ට්, ජෝන් සිල්වර්, එලනෝර්, ජැක් රැකම්, චාර්ල්ස් වේන්, මැක්ස්, ටීච්, බිලී, රොජර්ස් ඇතුළු බොහෝ දෙනෙක් සමඟ ගෙවුනු කතාමාලාවේ අවසන මේ ලෙස සටහන් කරන්නම්! තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!!

 

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E10.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>