ඉතින් කොහොමද යාලුවනේ.මගෙ දෙවනි උපසිරැසිය විදියට ඔන්න ගෙනාව මේ සැරේ රුසියන් කතාවක්.මේක 3D විදිහට ආපු සලරුවක්.මේක 2015 දෙසැම්බර් මාසෙ තමා රුසියාවෙ නිකුත් වෙලා තියෙන්නෙ.ඇමරිකානු ඩොලර් මිලියන 18 ක වියදමක් දරල තියනව මේකට. විනාඩි 107 පුරා දිවෙක්න මේ සලරුව Adventure,Fantasy,Romance ගනයට තමා දාල තියෙන්නෙ.6.5/10 IMDb අගයක් මේ සලරුව අරන් තියනව.
එතකොට කතාව ගැන කියද්දි කතාව පටන් ගන්නෙ ඉස්සර කාලෙ කරන බිලි පුජාවකින්.ඒකෙදි ගෑනු ලමයින්ව මනමාලියො විදිහට අන්දල මකරෙකුට බිලි දෙනව.එහෙම බිලි දෙද්දි මකරට එන්න කියන්නෙ “මකර ගීතය”කියල.එතකොට තමා ඔන්න මකර අවිත් බිල්ල අරන් යන්නෙ.එක දවසක් මෙහෙම මකර කෙනෙක්ගෙ ආදරවන්තියක්ව අරන් යනව.ඉතින් මේ කෙනා මකරව හොයන් ගිහිල්ල මරල දානව.මකරව මරපු හින්ද එයාට මිනිස්සු කියන්න ගන්නව “ඩ්‍රැගන්ස්” කියල.ඉතින් කාලයත් එක්ක බිලි පුජාව නැති වෙලා යනව.නැති උනා කියල ඉතින් එහෙමම නැති වෙන්නෙත් නෑ.ඔන්න ඉතින් කාලයක් ගිහිල්ලනෙ දැන්.දැන් අර ඩ්‍රැගන්ස්ගෙ මුනුපුරාගෙ කාලෙ.එයා බදින්න ඉන්නෙ ඒ රාජ්‍යයේ කුමාරිව.ඉතින් ඔන්න දැන් බදින දවස.
ඔන්න ආයෙ කතාව පටන් ගන්නෙ ඔතනින්.එදා ආයෙත් චාරිත්‍රයක් විදිහට අර මකර ගීතය කියනව.අවුලක් නෑනෙ ඉතින් කීවට මකරු නෑනෙ.එහෙම තමා කට්ටිය හිතන් ඉන්නෙ.ඒ උනාට ඔන්න එනව මකරෙක් කොහෙද ඉදල.ඇවිල්ල මනමාලියව අරන් යනව.මකරු නැතුව ඉද්දි ඒ මකර කොහෙන්ද ආවෙ?මකර කොහෙටද මනමාලිව අරන් යන්නෙ?ගිහිල්ල මොනවද මනමාලියන්ට කරන්නෙ?මේ මකර ඉන්න තැන අනිත් අයට හොයාගන්න පුලුවන් වෙයිද?ඒකටනම් ඉතින් කතාව බලන්නම වෙනව.මේක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් කතාවක්.බලන්නකො එහෙනම් කතාව කොහොමද කියල.හොද නරක ගැන කොමෙන්ටුවකුත් දාගෙනම යන්ඩෝ.
එහෙනම් කස්ටියටම සුබ දවසක්!!
Due to copyright issues, we do not provide any torrent links.
On.Drakon.2015.BluRay.720p.700MB.Ganool.ag
278 downloads