Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Originals [S04 : E10] with Sinhala Subtitles |දහසකුත් මතකයන් අතරින් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Originals S3P2

සතියක විරාමයකට පස්සේ ඔන්න අපි ආවා ආයේ. දවල් වෙලා සබ ඇවිත් තිබ්බ නිසා හවස හයාමාර වගේ වෙද්දී ඔක්කොම ඉවරයක්කරගත්තා. හොලොව් එලයිජාව අල්ලගත්තනෙ. අල්ලගත්තා විතරක් නෙවෙයි මාසෙල්ගේ ලේ වලින් හදපු රෝස කටු අත්තෙන් ඇන්නා. මේ රෝස කටු අත්තක තියෙන එක කටුවකින් පුලුවන් මයිකල්සන් කෙනෙක්ව මරලා දාන්න. එලයිජා මැරෙන ගමන් ඉන්නෙත්. හොලොව් වින්සන්ට්ව හම්බෙලා කියනවා එයාගේ අනික් ඇටකටුව මයික්ල්සන්ලාගෙන් අරන් ඇවිත් ගෙනත් දෙන්න නැත්තම් මුළු නගරයම පොලොවට සමතලා කරනවා කියලා. ෆ්‍රේයා හදන්නේ එයා වතාවක් ෆින්ව පෙන්ඩන්ට් එකක තියාගෙන ජීවතුන් අතර තියාගත්තා වගේ එලයිජාගේ ජීවිතේ හොලොව් උදුරගන්න කලින් එලයිජාගේ ජීවිතෙත් ඒ පෙන්ඩන්ට් එක ඇතුලට අරගන්න. මේ අතරේ මාසෙල්ට ඕන එයාගේ පෙම්වතිය, සොෆියාව බේරගෙන හොලොව්ට කරන දෙයක් කරන්න. ඩවීනා හොලොව්ව හිර කරන්න හැදුවේ ක්ලවුස්ගේ බලය සම්බන්ධ කරගෙන නෙහ්. ඒකට ක්ලවුස්ට මැරෙන්න වෙනවා. එදා ඒකට ඩවීනාට ඉඩ නොදුන්නට කරන්න දෙයක් නැති කමට ක්ලවුස් එයාගේ කැමැත්තෙන් වින්සට් ලවා කරගන්න හැදුවෙත් ඒකයි.නමුත් ඒක සාර්ථක වෙන්නේ නෑ මොකද ඒ වෙද්දී හොලොව් එයාගේ අනුගාමික කට්ටියක් යවලා ඒ වැඩේ විනාශ කරනවා. එලයිජා ඉන්න තැන හොයාගෙන ෆ්‍රේයා හා හෙයිලි ගියා. මේ අතරේ මාසෙල් එයාගේ සැලසුමට අනුව හොලොව්ව නතර කලා. ඒත් ඒකත් ටික වෙලාවකට විතරයි. හොලොව් එලයිජාගේ ජීවිතේ උදුරගෙන අවශ්‍ය කරන බලය ලබාගත්තා. ෆ්‍රේයා කරන්න හිටිය එලයිජාව පෙන්ඩන්ට් එකට ගන්න හදපු වැඩේ හරිගියෙත් නෑ. පෙන්ඩන්ට් එක කෑලි කෑලි වලට කැඩිලා ගියා. ක්ලවුස් හුගක් කේන්තියෙන් හිටියේ මේ වෙච්ච වැඩේ නිසා. ෆ්‍රේයා නොසැහෙන්න උත්සහ කලා එලයිජා ඒ පෙන්ඩන්ට් එක ඇතුලේ ඉන්නවද කියලා බලන්න. නමුත් හිටියේ නෑ. පස්සේ හෝප් ඇවිත් ෆ්‍රේයාගේ ඇගට අත තිබ්බා විතරක් එලයිජා අර කෑලි කෑලි වලට කැඩුණු පෙන්ඩන්ට් එක ඇතුලේ ඉන්නවා කියලා මේ දෙන්නටම දැනුනා. මේක මෙහෙම වුනේ හෝප්ට තියෙන පුදුමාකාර බලය නිසා. නමුත් එලයිජා හිටියේ හුගක් වියරුවෙන් වගේ මර ලතෝනි දෙන ගමන්. මේ අස්සේ හොලොව්ගේ සියළුම ඇටකටු ටික සම්පුර්ණ වීමත් එක්ක නැවත මනුෂ්‍ය ජීවයක් ලැබුණා.

අද කොටසින් දැකගන්න පුලුවන් හොලොව් එලයිජාගේ ජීවිතේ උදුරගත්ත නිසා එයාගේ ගැතියන් පවා මැරිලා යනවා. මෙහ් ගැන රෙබෙකා හා කෝල් දැනගන්නවා ක්ලබ් එකක ඉන්න අතරේ. නිව් ඔර්ලින්ස් අතහැරලා ගොයපු මේ දෙන්නට ආයේ නිව් ඔර්ලින්ස් වලට එන්න වෙනවා. (මේවා ස්පොයිල් නෙවෙයි කතාංගය විකාශය වෙන්න කලින් මේ ගැන ෆේස්බුක් පිටුවල පින්තූර එක්කම දැනුම් දෙනවා.) එලයිජාගේ මතකයන් ඇතුලට ගිහින් එයාව ඇහැරවන්නයි ඕන. එතකොට පුලුවන් වෙනවා පෙන්ඩන්ට් එක ආයේ හදන්න. මේකට මුලින් යන්නේ ෆ්‍රේයා. එයාට පුලුවන් වෙයිද? එතකොට හොලොව් නගරයට ඇවිල්ලා මායකාරයෝ මර මර යනවා. එයාට ඕන එයාට පක්ෂපාති වෙන අයව බදවගන්න. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!

 

The Originals S04ExE11 Promo 

 The Originals (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Latest Images

Trending Articles



Latest Images

<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>