Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

7th Day (2014) Sinhala Subtitles |හත්වෙනි දවස [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

අබිරහස් කතා කියවන්න අපි පොඩි කාලේ ඉඳලා පුරුදුවෙලා හිටියනේ,ඒ වගේම ඒ වගේ කතාවලට ගොඩක් අය ලොකු කැමැත්තක් දක්වනවා.ඉස්සර එනිඩ් බ්ල්යිටන්ගේ කතා පොතක් හරි ෂර්ලොක් හොල්ම්ස් විසඳන අබිරහසක් ගැන හරි කියවද්දී ඒ සිද්දියේ අපිට කියවන්න ලැබෙන හෝඩුවාවල් එක්ක කතාව ඉවරවෙන්න කලින් අපිත් ඒ සිද්දිය වුනේ මෙහෙමයි කියලා කියවන ගමන්ම හිතුවා නේද?ඒ විදියට බොහොම ආසාවෙන් අපි අබිරහස්,රහස් පරීක්ෂක ආකාරයේ තියෙන කතා කියෙව්වා.ඒ වගේම ඒ විදියේ කතා ඇතුලත් වෙන චිත්‍රපටි,ටෙලිනාට්‍ය බලන්නත් ගොඩක් අය කැමතියි.ඉතින් ඒ විදියේ අබිරහසක් පියවරෙන් පියවර විසඳෙමින් ඉස්සරහට යන කතාවක් ඇතුලත් ෆිලුමක් තමයි මේ පාර අරගෙන ආවේ.මේ දවස්වල මලයාලම් ෆිලුම් හොය හොයා බලන ගොඩක් අය මේ ෆිලුමටත් කැමතිවෙයි කියලා හිතනවා.ෆිලුමේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Prithviraj Sukumaran.දැන් නම් නම කියපු සැනින් මෙයාව ගොඩක් අය දන්නවා.කිව්ව විදියටම මේක අයිතිවෙන්නේ Mystery Thriller කාණ්ඩ වලට.ෆිලුමේ තියෙන කුතුහලයත් එක්ක හැමෝටම එක හුස්මටම මේක බලලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ෆිලුම පටන්ගන්නේ ඩේවිඩ් ඒබ්‍රහම් කියන පොලිස් නිලධාරියා නත්තල් දවසේ සහභාගී වෙන සාදයකින්.මෙයා ඒ සාදය ඉවරවෙලා වාහනේ ගෙදර යද්දී ශාන්,විනු කියන දෙන්නා ගමන් කරන මෝටර් බයික් එක මෙයාගේ වාහනයේ හැප්පෙනවා.ඒකෙන් විනුට ටිකක් තුවාල වෙනවා.ඉන් පස්සේ කොහොමහරි ඒ දෙන්නව මෙයාගේ වාහනයේ දාගෙන මෙයා රෝහලකට අරගෙන යනවා.ඒත් රෝහලේදී විනුව රෝහලට ඇතුල් කරලා මේ ඩේවිඩ් ශාන් දෙන්නා කතා කර කර ඉද්දී විනු රෝහලෙන් පැනලා ගිහිල්ලා කියලා දැනගන්න ලැබෙනවා.එතැනදී ශාන් අසාමාන්‍ය විදියට කලබල වෙනවා.ඩේවිඩ් ශාන්ගෙන් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා.ඒත් ශාන් මොකුත් ඒ ගැන එයාට කියන්නේ නෑ .කොහොමවුනත් මේ ඩේවිඩ් ශාන්ව එයා ජීවත්වෙන නවාතැනට ඇරලවලා ආපහු තමන්ගේ ගෙදරට යන්න පිටත් වෙනවා.ඔය විදියේ ආරම්භයක් තමයි කතාවට තියෙන්නේ.මේ ශාන්,විනු කියන්නේ කවුද? විනු ඒ විදියට පැනලා ගියේ ඇයි? පැනලා ගිය විනුට ඊට පස්සේ මොනවා වෙයිද? ඇත්තටම මේ ඩේවිඩ් කියන පුද්ගලයා මොන වගේ කෙනෙක්ද? මේ වගේ ප්‍රශ්න ගොඩක් කතාව පටන්ගද්දීම අපේ හිතට වද දෙනවා.ඒ දේවල් එකින් එක ලිහෙන,ලෙහන ගමන් ඔයාලට කතාව එක දිගට බලන්න පුලුවන්.

මේ ෆිලුමේ උපසිරැසි කරන්න පටන් ගත්තේ මම මලයාලම් ෆිලුම්වල සබ් කරන්න පටන් ගත්ත මුල්ම කාලේ.ඒ කියන්නේ Vikramadithyan (2014), Jo and the Boy (2015) වගේ ෆිලුම් වලට සබ් කරන කාලේ.ඒත් මේකේ මුල් සබ් පිටපතේ තියෙන සමහර ප්‍රශ්න හින්දා ගොඩක් තැන්වලදී මේකේ තියෙන ටයිම්ලයින් වෙනස් කරන්න සිද්දවුනා.ඒ හින්දා ඒ කාලේ මේකේ සබ් කරන එක මගින් නැවතුනා.ඒත් මෑතකදී මේකට සබ් දෙන්න කියලා හුඟ දෙනෙක් කීප වතාවක්ම ඉල්ලපු නිසා තමයි හිතුවේ මේකට සබ් දෙන්න ඕනේ කියලා.මගේ වෙලාවට මේක කවුරුවත් භාරගෙන තිබුනෙත් නෑ .ඒ හින්දා නිල වශයෙන් මේක වෙන්කරගෙන සබ් එක ඉවර කරන්න පටන් ගත්තා.ඉතින් ඔන්න ඔය විදියට පාට පාට දේදුන්නකින් පාටවෙලා තමයි මේ 7th Day ෆිලුමේ සිංහල සබ් එක ඔයාලව හොයාගෙන ආවේ!! ගොඩක් වෙලාවට මලයාලම් ෆිලුම් හුඟ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවගේ තියෙන Thriller ලක්ෂණයට.ඉතින් මේ ෆිලුමත් ඒ විදියෙම එකක්.ඒ නිසා හැම මලයාලම් රසිකයෙකුටම මේ ෆිලුමත් බලන්න කියලා අවසාන වශයෙන් ආරාධනා කරනවා!

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

7th Day (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

7th day [Malayalam DVDRip – x264 – 800MB – ESUbs]

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>