මම තමයි ලක්ශ්මන්. ලක්ශ්මන් සිං බිශ්ත්. ඒත් හැමෝම මට කියන්නෙ ටියුබ් ලයිට් කියල. ඒ ඇයි දන්නවද? මං පොඩි කාලෙ ඕං ඔය කොහෙදෝ මන්දා තියෙනවයි කියන ලන්ඩන් කියන නගරෙන් හෙනම දිග බල්බ් එකක් ගෙනාවා අපේ ඉස්කෝලෙට. හැම උදේම ඒක පත්තු වෙන්න හෙනම වෙලාවක් ගියා. මේ ටියුබ් ලයිට් එක එක පාරින් පත්තු උනෙත් නෑ. මගෙන් ප්‍රශ්නයක් ඇහුවම එක පාර උත්තරේ ඔලුවට ආවෙත් නෑ. මගෙ අම්ම නම් කිව්වෙ ඉංග්‍රීසි ටියුබ් ලයිට් එක වගේම මගෙ මොලෙත් හෙන පරක්කුයි කියල. හෙමින් හෙමින් පත්තු වෙන්නෙ.හැබැයි අනිවාර්යෙන් පත්තු වෙනවා.
රාම් ලීලාවෙ දවසෙ මම දෙවියන්ගෙන් දෙයක් ඉල්ලුවා. වැඩේ කියන්නෙ දෙවියො මන් කියපු දේ ඇහුවනෙ. ඊටත් මාස නවයකට පස්සෙ මගෙ ඇත්ත කතාව පටන් ගත්තෙ. ඊට පස්සෙ තමයි මගෙ ළඟට ආවෙ මේ පුංචි මල්ලි. භරත්. මට එකම යාලුවයි හිටියෙ. මගෙ සහෝදරයා. එයා මන් කියන හැම දෙයක්ම ඇහුවා. හැමෝටම මම ටියුබ්ලයිට් එකක් උනා. ඒත් මගෙ මල්ලිට මම එයාගෙ කපිතාන් උනා.
එක දවසක් බොහොම ලොකු මනුස්සයෙක් අපේ ඉස්කෝලෙට ආවා. එයා තමයි මට කිව්වෙ මට විශ්වාසය තියෙනව නම් ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියල. එදා ඉඳන්ම ඒ කියමන අපේ ආදර්ශ පාඨය වුනා. ඊට පස්සෙ ලෝකෙ කොච්චර නම් වෙනස් උනාද ඒත් අපි, සහෝදරයො දෙන්නා හැමදාම එකටම හිටියා. මේ අස්සෙ ඉන්දියාව චීනෙත් එක්ක යුද්දෙ පටන් ගත්තා. හැම ගමකම ඉන්න තරුණ අය හමුදාවට බඳව ගත්තා. මගෙ මල්ලිත් යුද්දෙට ගියා. මම ගමට වෙලා ගම ආරක්ශා කලා. මොකද චීන්නු දේශ සීමාවෙන් පැනල ඇවිත් අපේ ගමට ආවොත් එහෙම.
හැමෝම කිව්වා මගෙ මල්ලි ආපහු එන එකක් නෑ කියල. ඒත් මං මගෙ මල්ලිව ආපහු ගෙන්න ගන්න පුලුවන් හැම දෙයක්ම කලා. චීන්නුත් එක්ක යාලු වුනා. ගල් පාරවල් කෑවා. ඉස්සර කරපු නරක වැඩ වලට සමාව ගත්තා. කඳු හෙල්ලුවා. ඉතින් මම මගෙ විශ්වාසයෙන් මල්ලිව ආපහු ගෙන්න ගත්තු කතාව තමයි ඕගොල්ලො මේ බලන්න යන්නෙ.
2017 ජූනි මාසෙ 23 වෙනිදා ලොව පුරා තිර ගත වීම ආරම්බ කල අයිය මලෝ දෙන්නගෙ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Kabir Khan. Salman Khan,Sohail Khan, Matin Rey Tangu,Zhu Zhu, Isha Talwar,Mohammed Zeeshan Ayyub, Om Puri, Yashpal Sharma වගේම Shah Rukh Khan ත් මේ චිත්‍රපටියෙ රඟපානවා. දැනට 2017 වසරේ තිරගත වූ චිත්‍රපටි අතරින් කෝටි 22ක ආදායමකින් හය වන ස්ථානයේ රැඳී තියෙනවා.
ඉතින් මේකෙ හොඳ කොපියක් ආවත් සබ් එකක් ඇවිල්ල තිබුනෙ නෑ. තරිඳු රුක්ශාන් අයිය තමයි ලයින් ටිකත් හදල දීල බාගයක් ටයිප් කරල දුන්නෙත්. අසා ලිවීමක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ඉතින් එව්වටත් සමාවෙලා කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.
TamilRockers.nu – Tubelight (2017) Hindi DVDScr x264 700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා ගැළපේ.
375 downloads