Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Colony [S02 : E02] with Sinhala Subtitles |එකමත් එක තැනක [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද කට්ටියට… බ්ලැක්ලිස්ට් එකේ කෙටි විරාමයක් ලැබුන නිසා ඔයාලට අලුත් ටීවි සීරීස් එකක් අරගන එන්න හිතුවා. මේක ගැන ඉතිං අලුතෙන් කට්ටියට කියන්න උවමනාවක් නැතිව ඇති කියලා හිතනවා. මේක මුලින්ම සබ් එක කරලා තියෙන්නේ දසන් බුද්ධික මල්ලී. ඊට පස්සේ තව අය සබ් කරලා තියෙනවා මං හිතන්නේ. අන්තිමට ඉතිං ඔන්න (අ)වාසනාව මට පෑදිලා කොටි වලිගේ මගේ අතට ආවා. මම පළවෙනි වතාවට මේ කතාමාලාව කරන නිසා කතාව ගැන පොඩ්ඩක් මතක් කරලාම ඉන්නම්.

කතාව පටන්ගන්නේ ඇමරිකාව කොළනි කිහිපයකට බෙදලා ලොකු තාප්ප ගහලා, හැමෝටම වෙනම හැදුනුම්පත් නිකුත් කරලා තියෙන පරිසරයකනේ. හැබැයි මේක පාලනය කරන්නේ තුන්වෙනි පාර්ශ්වයකින් කියලා අපි දන්නවා උනාට ඒ කවුද කියලා මේ වෙනකොටත් කිසිම හෝඩුවාවවක් නැහැ. ළඟම විශ්වාසය තමයි පිටසක්වලයෝ මේ දේ කලා වෙන්න පුළුවන් බව. ඒ වගේම පසුගිය කොටස් වලින් අපිට දැනගන්න ලැබුනනේ මේ කොලනි බෙදන්න තාප්ප ගැහුවේ කොහාමද කියලා. ඒ විදියට තාප්ප ගහන්න ඉතිං පිටසක්වලයින්ට තමා පුළුවන් වෙන්නේ. ඒක ඉතිං අපි ඉස්සරහට බලමුකෝ. ඉතිං මේ වෙනකොට විල් සහ කේටිගේ පවුලේ අය විසිරිලා ඉන්නේ. චාලි සහ විල් එක කොලනියක, ග්‍රේසි සහ කේටි එක කොලනියක සහ බ්‍රෑම් මේ වෙනකොට වහල් කදවුරක. හැබැයි මැඩී නම් එයාගේ ජීවිතය ජයගත්තා හඩ්සන් එක්කම හරිත කලාපයට ඇතුල් වෙලා.

එහෙමනම් දෙවනි කොටස බලන්නකෝ. පසුගිය කොටසේදී සහ පසුගිය සීසන් එකේදී විල් චාලිව හොයන්න සැන්ටා මොනිකා වලට යනවාඒ වගේම විල්ට චාලිව හමුවෙනවා. ඒත් එයාට චාලිව බේරගන්න වෙන්නේ නැහැ. ඉතිං විල් උදව් ඉල්ලගන යනවා එයාගේ පරණ යාළුවෙක් ගාවට. මතක ඇතිනේ. එහෙමනම් ඉතිං අද කතාව බලන්නකෝ…

එහෙමනම් කතාවල බලන්න. මේ වෙනකොට කතාව අන්තිම කොටසත් විකාශය වෙලා අවසානයි. ඉතිං ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් ඉතිරි කොටස් ටිකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඉතිං සුභ ආරංචිය තමයි මේකේ තුන්වෙනි සීසන් එකත් විකාශය වීමට නියමිත බව. ඒ සීසන් එකේ ඉදන්වත් හරියට සතිපතා සබ් එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා.

නැවත හමුවන තුරු ජය…!!!

Colony on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD TV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>