Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Red Sky (2014) with Sinhala Subtitles |රක්ත ආකාශය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

කොහොමද යාලුවනේ ,මේක මගේ පළවෙනි උපසිරසය.බයිස්කෝප් අඩවියට යන එන වාරයක් පාසාම මගේ හිතේ තිබ්බ ලොකු ආසාවක් තමා සබ් එකක් කරන එක.ඔන්න ඒ අසාව අද ඉෂ්ඨ වුණා. සබ් එක කරද්දී තමා තේරෙන්නේ අපි හිතන තරම් ලේසි නෑ කියලා.එතකොට තමයි තේරෙන්නේ අපේ අනෙක් සහෝදරයෝ කොච්චර කට්ටක් කනවද කියලා. පළවෙනි සබ හින්දා අඩු පාඩු නම් ඇති,ඒකට සමාව ඉල්ලනවා.

විනාඩි 100 පුරා දිවෙන චිත්‍රපඑිය Action,Thriller ගණයට අයත් වෙනවා.2014 මාර්තු 13 වෙනිදා තමා release කරලා තියෙන්නේ,4.1/10 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, Mario Van Peebles කියන දක්ෂ අධ්‍යක්ෂකවරයා.මොහුත් මේකට රංගනයෙන් දායක වෙනවා.කතාවට පාදක වෙලා තියෙන්නේ Kerosene Cowboys;manning the spare කියන නවකතාව.මෙයට Cam Gigandet,Shane West,Rachael Leigh Cook වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත්, Butch Master හා Tom Craig කියන්නේ ඇමරිකා ගුවන් හමුදාවෙ නියමුවන් දෙදෙනෙක්.ඔවුන්ට රසායනික කම්හලකට බොම්බ දාන්න නියමවෙනවා.ඒකෙන් ඇමරිකාවේ විශේෂඥයින් පිරිසක් මරනුවට පත් වෙනවා.තවද රේන් මාකර් කියලා විශාල හානියක් කරන්න පුවළුන් උපකරණයක් හොරකම් කිරීමක් සිදුවෙනවා.මේ සිදුවීම් සමග මොවුන්ගේ වැඩ තහනම් වෙනවා.මොවුන්ට නැවත රැකියාව ලැබී ඇමරිකා ගුවන් හමුදාවට සේවය කරන්න ලැබෙයිද?ඉදිරියට මොකක් වෙයිද? දැනගන්න ෆිලුම බලන්න කියා ආරාධනා කරනවා.

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

 Red Sky (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Red.Sky.2014.BRRip.XviD-RARBG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමින්ද කේ රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>