කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත් මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක් . මේ මගේ 20වෙනි චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම අනුව අවශ්‍ය නම් නැවත වතාවක් direct link ලබාදෙන්න මම සුදානම්.
කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේක තරමක් වෙනස් විදියේ චිත්‍රපටියක් .චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය තේමාව කරගත් වෙනස් විදියක විදියේ චිත්‍රපටියක් . මේ චිත්‍රපටිය ජපානයේ ඉතා ජනප්‍රිය නවකතාවක් වන “Boku wa Ashita, Kinou no Kimi to Date Suru” ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍ර පටියක්. චිත්‍රපටියේ නම ටිකක් අමුතුයි වගේ නේද. චිත්‍රපටිය ඉතා ලස්සන නිර්මාණශීලි එකක් කියලා කියන්න පුළුවන්.චිත්‍රපටිය ගැන කෙටියෙන් කියනවා නම් , Takatoshi Minamiyama කියන තරුණයා ඉගෙන ගන්නේ කලා විශ්වවිද්‍යාලයක. දවසක් ඔහු දුම්රියෙන් විශ්වවිද්‍යාලයට එන ගමන්, ඒ දුම්රියේම ගමන් කරන තරුණියක් දකිනවා . ඒ වෙලාවෙම , ඔහුට ඒ තරුණිය ගැන ආදරයක් හිතෙනවා. ඔහු කොහොමහරි ඒ තරුණියට කතා කරලා ඔහුගේ ආදරය ප්‍රකාශ කරනවා. තරුණියත් ඔහුට කමැති වෙනවා. නමුත් ඒ තරුණිය හංගන රහසක් තියෙනවා. රහස ටිකක් කියනවා නම්, දෙදෙනා ජිවත්වන්නේ කාල අන්ත දෙකක. ඉතා ලස්සන ප්‍රේම කතාවක් කියලා කියන්න පුළුවන්. ඒ තරුණිය හංගන රහස දැනගන්න ඕනේ නම් චිත්‍රපටිය සම්පුර්ණයෙන් බලන්න වෙනවා
එහෙනම් චිත්‍රපටිය නරබලා ම පොඩි comment එකක් දාගෙනම යන්න.
ආයෙත් ඉක්මනටම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Boku_wa_Ashita_Kinou_no_Kimi_to_DEETO_suru.beta-version.[SkewedS]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
313 downloads