Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Nenu Local (2017) with Sinhala Subtitles |මං ගමේ එකා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න තවත් තෙළිඟුවකට උපසිරැසියක් අරගෙන ආවා. වැඩි විස්තර නැතුව ෆිල්ම් එක ගැන කියනවනම්, රොමැන්ටික් සහ කොමඩියන් ගණයට අයත් වන මෙම චිත්‍රපටය Trinadha Rao Nakkina අධ්‍යක්ෂණයෙන් හා Dil Raju නිෂ්පාදනයක්. සංගීතය මුසු කරන්නේ Devi Sri Prasad විසින්. ප්‍රේක්ෂකයන් හට මෙම චිත්‍රපටය විවෘත වූයේ 2017 පෙබරවාරි 03 වන දායින් පසුවයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක තමයි කීර්ති සහ බාබු. කීර්ති නම් චරිතයට පණ පොවන්නේ මෑත කාලයේ Rajini Murugan, Remo, Bairavaa වැනි චිත්‍රපට වලින් අතිශය ජනාදරයට පත්ව සිටින Keerthy Suresh, ඒ වගේම තම දිවියේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් කරගනිමින් බාබුගේ චරිතයට පණ පොවන්නේ Nani නොහොත් Naveen Babu.

කතාව ගලාගෙන යන්නේ මෙහෙමයි, බාබු කියන්නේ ඉංජිනියරින් හදාරණ ශිෂ්‍යයෙක්, හැබැයි පාඩම් කරන්නත් කම්මැළියි වගේම ගුරුවරුන්ටත් අඩම්තේට්ටම් කරමින් ඉන්න මෙයාට තියෙන එකම අවුල තමයි විභාග පාස් වෙන්නේ නැති එක. විභාග පරික්ෂකට මෙයාව දකිනකොටත් එපා වෙනවා. කොහොම හරි පරික්ෂකවත් ගොනාට අන්දලා විභාගෙ පාස් වෙනවා. ඔය අතරේ වෙන කෙනෙක් කියලා හිතාගෙන කෙල්ලෙක් ඇවිත් මෙයාට කනේ පාරක් ගහනවා. ඔතනදී තමයි බාබු සහ කීර්ති මුණගැහෙන්නේ. කීර්තිගේ බැල්මට වහ වැටෙන බාබු කොහොම හරි මෙයාව දැලේ දාගන්නවා. පස්සේ තමයි දැනගන්නේ බාබුව දැක්කත් එපා වෙන පරික්ෂක වරයා මෙයාගේ තාත්තා කියලා. මෙයාගේ කැමැත්ත ගන්න එක ලේසි වෙන වැඩක් නෙවෙයි. හැබැයි බාබු නිතරම කියන දෙයක් තමයි එයාගේ කැමැත්ත ගන්න එක මොහාතක් හොඳටම ඇති කියන එක. ඔය අතරේ කීර්තිව මැර කණ්ඩායමක් ඇවිත් උස්සගෙන යනවා. කීර්තිව බේරගන්න බාබු යන්න කලින් කෙනෙක් ගිහින් කීර්තිව බේරගන්නවා. මේ බේරගන්න කෙනා තමයි කීර්ති සහ බාබුගේ ආදර කතාවට ලොකුම බාධකය වෙන්නේ.

ඉතින් මේ කෙනා කවුද? කීර්ති සහ මේ කෙනා අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේම බාබු නිතරම කියන ඒ එක මොහොත මොන වගේ එකක් වෙයිද? මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න වෙන්නේ නම් ෆිල්ම් එක බලලම තමයි.

අවසාන වශයෙන් දෙයක් කියන්න ඕන. කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඩේටා කපාගෙන ෆිල්ම් දෙතුන්පාරක් ඩවුන්ලෝඩ් කරගෙන කෙනෙක් කොච්චර ආසාවෙන්ද උපසිරැසියක් කරන්නේ. ඒකට ලැබෙන සීමිත කමෙන්ට් අතරට උපසිරැසිකරුවන්ගේ සිත් රිදවෙන ආකාරයේ අදහස් පළකිරීමෙන් වළකින්න. දැන් ගොඩක් උපසිරැසිකරුවන් කළකිරී ඇති බවක් පෙනෙන නිසයි එහෙම කිව්වේ. බයිස්කෝප් එකට නිතර යන එන අයට ඒ ගැන තේරෙනවා ඇති.

කැමරා කොපියක තිබ්බ ඉංග්‍රීසි සබ් එක බලාගෙන, කාළ රාමුත් හදාගෙන තමයි උපසිරැසිය කරේ. සමහර තැන් වල ඉංග්‍රීසි උපසිරැසි පෙනුනේ නැති නිසා ඒ තැන් අසා ලිවීමත් කරන්න වුන නිසා සති 3ක් විතර ගියා මේ සබ් එක කරන්න. එහෙනම් සබ් එක බාන ගමන් ලයික් කරලා අදහසකුත් පළකරගෙන යන්න.

සැ.යු :- අප්‍රේල් මුල වෙනකොටම සබ් එක කරලා ඉවර වුනත් දැම්මේ නැත්තේ හොඳ කොපියක් එනකල් හිටපු නිසා. හොඳ කොපියක් ආපුගමන් ඒ කොපියට හරියන විදිහට ලයින් හදලා සමහර තැන් අසා ලිවීමත් කරලා තමයි සබ් එක දැම්මේ. මේ ෆිල්ම් එකට අන්තර්ජාලයට නිකුත් වෙන පළමුවැනි උපසිරැසි ගොණුව තමයි මේ. හදිස්සි අය බලන්න. හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් සහ HD කොපියක් ආවම උපසිරැසිය අප්ඩේට් කරන්නම්. සයිට් එකේ දකුණු පැත්තේ දාලා තියෙන යාවත්කාලීන කිරීම් ගැන අවධානයෙන් ඉන්න. ඩවුන්ලෝඩ් ලිංක් ඕන අය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.

ඔබට ජය!!!

 

Malli Malli Idhi Rani Roju (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Nenu Local (2017) Telugu SDTV-Rip – 720p – x264 – 5.1 – 1.4GB

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>