Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hindi Medium (2017) with Sinhala Subtitles |ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්… [සිංහල උපසිරැසි සමග]

$
0
0

 

“නෑ.. නෑ.. සෙට් වෙන පාටක් නෑ.. බලාගෙන හිටපු ෆිලුමකුත් නෙමේ. නමත් සෙට් වෙන්නේ නෑනේ, Hindi Medium. ඒ හින්දා ඕනම නෑ. අර Half Girlfriend එකේ හොඳ කොපි එන්නේ කවද්ද දන්නේ නෑ.”

ඔන්න ඔහොම හිතන සෙට් එකකුත් ඉන්නවනේ. එහෙනම් පහල ටිකත් කියවලා ඉන්නකෝ.

දිනය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග බලාගෙන හිටපු දවසක්. ඒ කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Half Girlfriend තිරගත වෙන දවස හින්දා. හැබැයි එදා තව පොඩි ෆිල්ම් එකකුත් තිරගත උනා. සුපුරුදු විදිහට ටිකට් කවුලුවේදි තමන්ගේ ආධිපත්‍ය පතුරන්න Half Girlfriend සමත් උනා. හැබැයි ඒ දවස් දෙක තුනක් යනකම් විතරයි. බාග කෙලීට පෙම් බැන්ද අය ටික ටික තමන් යන පැත්ත වෙනස් කරන්න ගත්තා. Hindi Medium ටිකට් කවුලු ප්‍රේක්ෂකයාගෙන් පිරිලා ගියා. Half Girlfriend කෝටි 50කට 60කට තමන්ගේ ආදායම සීමා කරගනිද්දි Hindi Medium නැවතුනේ කෝටි 100 සීමාවත් පහු කරලයි. හරියට කිව්වොත් මේ අවුරුද්දේ කෝටි 100 සීමාව පහු කරපු 5වෙනි චිත්‍රපටිය තමා Hindi Medium. ඔව් ඒ කිව්වේ Raees, Kaabil, Jolly LLB 2, Badrinath Ki Dulhaniya වගේ සුපිරි නලු නිලියන් ඉන්න චිත්‍රපටි අතරේ මේ පුංචි සලරුවත් වැජඹුනා. ඔව්, වසරේ අනපේක්ෂිත සුපර් හිට් එක. ආසාවට එක නරක විචාරයක් හොයාගන්න බැරි වෙයි. රේටින් බැලුවොත් අද වෙද්දි දහයෙන් 8ක් අරන් තියෙනවා. හොඳම ඉන්දියානු සිනමාපට අතර 95වන ස්ථානය වෙන් කරගෙන තියෙනවා.

ඔව්. පඳුර වටේ තලලා ඉවරයි. පඳුර තලන්න අදහසක් නෑ. Comedy, Drama වලට අයිති වෙන Hindi Medium පැය දෙකක් පුරාවට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් සලරුවක්. හිනා නොවී ඉන්න බැරි වෙයි. වෙලාවකට සංවේදී වෙයි. සුපිරි ප්‍රවීණ නලු ඉර්ෆාන් ඛාන් එක්ක පාකිස්තාන් නිලි සාබාට අමතරව දීපක් දොබ්‍රියාල්, අම්‍රිතා සිං මේ සලරුවට ජීවය දෙනවා.

අවසානයට කියන්නේ, ලිපියට Half Girlfriend ගාව ගත්තේ කිසිම අපහාස කිරීමේ චේතනාවකින් නෙමේ. මේ සලරුවේ වටිනාකම පෙන්වන්නයි. නැත්තම් මේකත් පැත්තකට විසික් කරලා දායි. මේක නිකම් කොමඩියක් නෙමේ යමක් තේරුම් ගන්න පුලුවන් කොමඩියක්. එහෙනම් පිනැත්තෝ බලත්වා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.nu – Hindi Medium (2017) Hindi HDRip x264 700MB ESubs

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>