ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 12 Monkeys 03 වැනි කතාමාලාවේ 06 වැනි කොටස. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ. ගිය සති කිහිපය රැකියාව නිසා සෑහෙන්න කාර්යය බහුල වුණා. ඉතිං ඒ නිසා අමාරුවේ වැටිල හිටපු වෙලාවේ මෙහි 05 වැනි කොටස බාර අරගෙන කරපු “රවිදු රුක්ෂාන්” සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
ඉතිං 05 වැනි කොටසේදී කෝල්, කැසී, ජෙනීෆර් සහ ඩීකන් 1989 වෙත යනවා. ඒ සාක්ෂිකරුගේ වචනය නම් වූ සිතියම සොයාගෙන. ඉතිං එය සොයාගන්නා ජෙනිෆර් එහි සාක්ෂිකරුගේ උපත සිදුවන ආකාරය ගැන දැන ගන්නවා. ඉතිං එම නිසා එය රහසක් වශයෙන් තබාගැනීමට ඇය උපක්‍රමයක් යොදනවා දකින්න ඇති. ඒ වගේම කුඩා ජෙනීෆර් සහ ඇගේ පියාවත් ඇයට හමුවෙනවා. ඉතිං මේ කොටසෙදි කෝල් සහ කැසී 1953 වෙතට යනවා ඒ ඔවුන් එහි සාක්ෂිකරු සිටිනවා යැයි විශ්වාස කරන නිසා. ඒ වගේම ඔවුන්ගේ පරණ යහළුවෙක් හමුවී ඔහුගෙන් උදව් ලබාගැනීමටද ඔවුන් කටයුතු කරනවා. ඒවගේම මෙම කොටසේදී සාක්ෂිකරු දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම ඔහු මොන ආකාරයේ පුද්ගලයෙක් දැයි දැකගැනීමටත් ලැබෙනවා. ඒ වගේම වදුරන් ඉතිං වදුරන් 12 දෙනා බදවා ගන්නා ආකාරයත් දැකගැනීමට ලැබෙනව. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E06.REPACK.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
20 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-04-14
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.