Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Paranormal Activity (2007) with Sinhala Subtitles |හබා එන මරණය! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඉතින් කොහොමද යාලුවනේ. මඟ හැරුනු චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමින් යන ගමනේ දෙවන කඩඉමයි Paranormal Activity (2007). චිත්‍රපටි රසිකයෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමා Paranormal Activity (2007) කියන්නෙ. ඒ වගේම බය වෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙද්දි මේ චිත්‍රපටිය නරඹලත් ඇති. ඒත් සිංහල උපසිරසත් එක්ක මේ අලුත් අත්දැකීම විදගන්න කියල මම ආරාධනා කරනව.

Oren Peli විසින් අධ්‍යයක්ෂණය කළ මෙය IMDB 6.3 ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටිය සදහා Katie Featherston(කැතී) හා Micah Sloat(මීකා) ලෙස රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. $15,000 ක් පමණක් වියදම් කරමින් නිපදවූ මෙම චිත්‍රපටය තිරගත වුනු පළමුවෙනි සතියෙදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ආදායමක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.

හරි කථාවට යමුකො. කැතී හා මීකා කියන්නෙ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ යුවලක්. කැතීට මුහුණදීමට සිදුවන කරදර නිසා ඔවුන් දෙදෙනා අලුත් නිවෙසකට යෑමට තීරණය කරනවා. එහීදීත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන කරදර වල නිමාවක් නම් වෙන්නෙ නෑ. මීකා විසින් ගනු ලබන තීරණත් මේ සඳහා හේතු වෙනව. මොනවද මේ කරදර ? මේ දෙන්න මේ කරදරවලට කොහොමද මුහුණ දෙන්නෙ.ඒ වගේම ඔයාලට චිත්‍රපටයක දකින්නට ලැබෙන අමතක නොවන අවසානයක් මේ චිත්‍රපටයෙන් දකින්නට ලැබේවි.

අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් මුණගැහෙනකන් ඔයාල ඔක්කොටම සුභ දවසක්.

Paranormal Activity (2007) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>