සුභ දවසක් යාලුවෝ හැමෝටම…!
ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්,
IMDB අගය – 7.2/10
කාණ්ඩය – Fantasy Adventure Comedy
ප්‍රධාන නළුවා – Aadhi Pinisetty
ප්‍රධාන නිළිය – Nikki Galrani
අධ්‍යක්ෂණය/කතාව – ARK.Saravan
නිෂ්පාදනය- G. Dillibabu
තිරගත වුනු දිනය- June 16, 2017
කතාව- අමුතුම ආකාරයේ වෙනස් කතාවක්
විශේෂත්වය- එකම සම්පූර්ණ සින්දුවක්වත් ඇතුලත් නොවීම
බොක්ස් ඔෆිස් වාර්තා සමගින් තිරගත වුනු මේ ෆිල්ම් එකේ කතාවත් ටිකක් කියන්නම්, මැණික් කාසියක් වටා තමා කතාව යන්නේ.මේ මැණික් කාසිය අයිති රජ කෙනෙක්ට හැබැයි මේ රජතුමා මේ බලගතු මැණික් කාසිය කාටවත්ම අයිති වෙනවට කැමති නෑ,ඉතිං මේ මැණික් කාසිය ගන්න කෙනාට රජුගේ ශාපේ වදිනවා. මිනිස්සු 132ක් මේ ශාපෙන් මැරිලා තියනවා. ඉතිං අපේ කතා නායකයා සෙන්ගුට්ටුවන්(ආධි) පොඩි පොඩි හොර වැඩ කරන කෙනෙක්, මෙයාට සුද්දෙක් ඇවිත් කියනවා මිලියන 100ක් දෙන්නම් ඒ කාසිය ගෙනත් දෙන්න කියලා.තනියම නෙමෙයි මෙයාට යාලුවෙකුත් ඉන්නවා. මේ දෙන්නා සල්ලි වලට ආසාවේ ගහනවා ප්ලෑනක්….ඉතිං මොකක්ද මෙයාලගේ සැලැස්ම මෙයාලා මැණික් කාසිය හොයාගයිද? ශාපේ මෙයාලටත් වදීද? ෆිලුම අරගනම බලන්න කියලා ඉතිං හැමෝටම ආරාධනා කරනවා.
වෙනස්ම ආකාරයේ අමුතුම ෆිල්ම් බලන්න කැමති අකමැති හැමෝම මේක අරගන බලන්න. ඒ වගේම මගේ කලින් උපසිරැසි වලට කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.එහෙනම් ගිහිං එන්නම්…
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – Maragadha Naanayam (2017)[Proper HDRip – x264 – 400MB – ESubs – Tamil]
740 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS