Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Seven First Kisses (2016) AKA Cheot Kiseuman Ilgopbeonjjae All Episodes with Sinhala Subtitles |පළමු හාදු හතක් [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද ඔයලට? ඔන්න මාත් මගේ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. මේක මගේ පලවෙනි උපසිරැසිය.ඒ නිසා අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මට දෙන්න.

මේක කොරියානු වෙබ් කතා මාලාවක්. ඒ තමයි Seven First Kisses.මේ කතාව කොටස් 08කින් සමන්විතයි.මේක වෙබ් කතා මාලාවක් නිසා එක කොටසක් විනාඩි 10ක් වගේ තමා තියෙන්නෙ. මේ කතාවේ තියෙන විශේශත්වය තමයි අපි හැමෝම දන්න නලුවෝ 7ක් ඉන්න එක. ඒ කියන්නෙ මෙහි ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙ Moon Lovers – Scarlet Heart Ryeo වගේම Scholar Who Walks the Night හි රගපෑ Lee Joon Gi,My love from Another star හි රගපෑ Park Hae Jin, Healer හි රගපෑ Ji Chang Wook, EXO Next Door හි රගපෑ Kai, Bring it on Ghost හි රගපෑ Ok Taecyeon, I Hear Your Voice වගේම W-Two Worlds හි රගපෑ Lee Jong Suk,The Legend of the Blue Sea වගේම Boys Over Flowers හි රගපෑ Lee Min Ho. කොරියානු කතා රසිකයින්ට නම් මොවුන් අලුත් මුහුණු නොවේ. ඒ වගේම මෙහි ප්‍රදාන නිලියගෙ චරිතය නිරූපනය කරන්නෙ Who Are You – School 2015 හි රගපෑ Lee Cho Hee.

හරි එහෙනම් මේ කතාව ගැන විස්තරයක් කලොත් මේක විනෝදය ආදරය පිරුනු කතාවක්. සූ ජින් කියන්නෙ අවුරුදු 25ක A duty free වෙළඳ සැලක සේවිකාවක්. එයාට ජීවිතයේ කවදාවත් පෙම්වතෙක් ඉදලා නෑ. ඒ වගේම කවදාවත් හාදුවක් ලබලත් නෑ. මේ නිසාම ඇය ඒ ගැන ඉන්නෙ ගොඩක් දුකින්. දවසක් ලස්සන කාන්තාවක් ඇවිත් සූ ජින්ගේ මේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්න උදවු කරනවා. අපි බලමු එහෙනම් සූ ජින් එයාගේ බලාපොරොත්තුව ඉශ්ට කරගන්නේ කොහොමද කියලා. මං හිතනවා ඔයාලත් මේ කතාව අසාවෙන් බලයි කියල.

පලවෙනි කතාව නිසා ලිපිය ටිකක් දිග වැඩි උනාද මන්දා.කමක් නෑනේ.එහෙනම් ඔයාල දැන් කතාව රස විදින්නකෝ.

Seven First Kisses on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV සහ Web Rip පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයත්‍රි කෞශල්‍යා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>