සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, ජැකී චෑන්ගෙ ෆිල්ම් කියන්නෙ ඉතින් කොහොමවත්ම අමතක වෙන්නෙ නෑනෙ, ඒ නිසයි මගේ 49 වෙනි සබ් එක හැටියට මේ ෆිල්ම් එක කරන්න තෝර ගත්තෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දෙ ජනවාරි මාසෙ 15 වෙනිද, ඉන්දුනීසියාවෙදි තමයි ෆිල්ම් එක පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 90% ලැබිල තියෙනවා, IMDB අගය 5.4 ක් විදිහට සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Brian Levant කියල කෙනෙක්, හොඳ අධ්‍යක්ෂණයක් කියල පැහැදිලිවම කියන්න පුලුවන්, ෆිල්ම් එක ආරම්භයේ ඉඳල අවසානය දක්වාම ලොකු රස වින්ඳනයක් ලබන්න පුලුවන්, ඒත් එක්කම මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු අසංක හොසොයුරාවත් බොහොම ආදරයෙන් මේ වෙලාවෙ මතක් කරනවා.
ෆිල්ම් එකේ කතාව ගැනත් විස්තරයක් කරන්නම් මේ විදිහට, ෆිල්ම් එකේ හැටියට ජැකී රහස් පරීක්ෂකයෙක්, එයාට කියන්නෙ බොබ් කියල, තවත් පැත්තකින් දුෂ්ට චරිත විදිහට ඉන්නෙ රුසියානු කණ්ඩායමක්, ඉතින් මේ බොබ් සුපුරුදු විදිහට රහස් පරීක්ෂක කටයුතු කරගෙන යනව, ඒත් එක්කම බොබ් නැවතිලා ඉන්න ගෙදරට ළඟ ගෙදර ඉන්නවා කාන්තාවක්, එයාට කියන්නෙ ජිලියන් කියල, එයාට ඉන්නවා පුංචි ළමයි තුන්දෙනෙක්, බොහොම දඟකාර ළමයි තුන්දෙනෙක්, ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ එයාලගෙ පියා නොහොත් ජිලියන්ගෙ ස්වාමියා එයාලව හැර ගියපු බවක්, කොහොම හරි ඉතින් මේ බොබ් සහ ජිලියන් අතර ලොකු ආදරයක් ගොඩ නැගෙනවා, නමුත් මේ පුංචි ළමයි තුන්දෙනා නං බොබ් ට කොහොමවත්ම කැමති නෑ, ඒ වගේම ජිලියන් සහ පුංචි ළමයි තුන්දෙනා දන්නෙ නෑ බොබ් කරන රැකියාව මොකක්ද කියල, ඉතින් බොබ් ට ඕන වෙනවා එයාගෙ රැකියාවෙන් විශ්‍රාම ගන්න, නමුත් රුසියානු කණ්ඩායම එයාලගෙ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනව, එයාල හදන්නෙ ලෝකෙ හැම තැනම තියෙන තෙල් ආකර විනාශ කරන්න, මේ කණ්ඩාම හින්ද බොබ්ගෙ විශ්‍රාම ගැනීමත් පරක්කු වෙනව, ඒ අතරෙ බොබ්ගෙ මූලස්ථානයෙන් ඊමේල් පණිවිඩයක් එවනවා බොබ්ගෙ පරිගනයට, මේ ඊමේල් පණිවිඩයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ රුසියානු කණ්ඩායම කරගෙන යන රහස් වැඩ පිළිවෙළක දත්ත වගයක්, නමුත් බොබ් ට මේ පණිවිඩය ගැන බලන්න කාලයක් ලැබෙන්නෙ නෑ, මොකද හදිස්සියේම ජිලියන් ඇවිල්ල බොබ් ට කියනවා ඇගේ පියා රෝහලට ඇතුළත් කරල, ඒක නිසා ඇයට පියාව බලන්න යන්න අවශ්‍යයි කියල, ඉතින් මේ බොබ් ජිලියන්ට කරන උදව්වක් විදිහට ළමයි තුන් දෙනාව බලාගන්න කැමති වෙනව, ජිලියන් එයාගෙ පියාව බලල එනතුරු, ඒත් මේ දඟකාර ළමයි තුන්දෙනා නං මේ කාරණාවට කොහොමවත්ම කැමති වෙන්නෙ නෑ, නමුත් ජිලියන් මේ තුන්දෙනාව බොබ් ට බාර දීල පිටත් වෙනවා ඇගේ පියාව බලල එන්න, ඉතින් මේ කට්ටිය ඔහොම ඉන්න අතරෙ මේ ළමයි තුන්දෙනාගෙන් ගොඩක්ම දඟකාර කොලු පැටියෙක් ඉන්නවා, එයා බොබ්ගෙ පරිගනයට හොරෙන් ඇතුළු වෙලා බොබ්ගෙ මූලස්ථානයෙන් බොබ් ට එවපු ඊමේල් පණිවිඩය හරහා රහසිගත තොරතුරු ටික ඩවුන්ලෝඩ් කරනවා, මේ ගැන කලින්ම දැනගන්නෙ රුසියානු කණ්ඩායම, නමුත් බොබ් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ, ඊට පස්සෙ රුසියානු කණ්ඩායම කෙලින්ම එන්නෙ බොබ් ව සහ දඟකාර ළමයි තුන්දෙනාව හොයාගෙන, ඉතින් බොබ් ට ලොකු විස්තරයක් දාන්න වෙනවා ජිලියන් නැති අතරෙ මේ දඟකාර ළමයි තුන්දෙනාව රුසියානු කණ්ඩායමෙන් බේරගන්න. අපි බලමු බොබ් කොහොමද ඒ රාජකාරිය කරන්නෙ කියල.
සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
අකිල ප්‍රනාන්දු සොහොයුරා කලින් පලකරන ලද ලිපිය
ඕන්න ඉතින් මමත් වැඩ පටන්ගත්තා..වෙලාවක් නැතිවුනත් ලැබුන වෙලාවේ කට්ටියට බයිස්කෝප් 1ක් දෙන්න හිතුවා.ඔයාලා දන්න Jackie Chan තමයි ප්‍රධාන භුමිකාව රගපාන්නේ.වෙනදා වගේම POLICE චරිතයක් තමයි මේ සැරෙත්. හැබැයි Spy කෙනෙක් විදිහට.
කතාව කෙටියෙන් කිව්වොත් BOB (Jackie Chan)දීර්ඝ කාලයක් ආරක්ෂක අංශයේ වැඩ කල දක්ෂ නිලධාරියෙක්. හැබැයි වැඩ නිසාම කසාද බඳින්න බැරිවෙනවා.මේ ඔක්කොම කනපිට හැරෙන්නේ අසල්වැසි නිවසේ ඉන්න Juliyant නැමැති කාන්තාව මුණ ගැසිමෙන්. BOB හදවතින්ම Juliyantට ආදරය කරනවා.හැබැයි ඇය තිදරු මවක්.රැකියාවෙන් සමුගත් ඔහුට තවත් ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙනවා.ඒ තමයි Juliyant ගේ දරුවන් BOB ට අකමැති වීම.මෙසේ වෙනස් ගති ඇති ලමයින් තිදෙනා නිසා BOB ගේ රහසක් සතුරන් අතට පත්වීමට යනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ, ඔයාලට බාරයි ඒක, සටන් සමග ඉලඇට කැඩෙන විහිලු බාගාන්න බලන්න. ඉන්න සෙට් එක තමා Jackie Chan, Billy Ray Cyrus, Amber Valletta, Katherine Boecher, Troy Brenna, Jeff Chase, Esodie Geiger, Mark Kubr, George Lopez, David Mattey. ඉතින් බාගෙන බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
The.Spy.Next.Door.2010.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
93 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.