Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Hue and Cry (1947) with sinhala subtitles |කාටූනයක සැඟවූ අපරාධයක්. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න සෑහෙන කාලෙක පස්සෙ තවත් සිනමාපටයක් ඔබ වෙත ගෙන ආව. අනිත් ඒව වගේම මෙයත් පැරණි සිනමා සිත්තමක්. නමුත් ඉවත නොදමා නැරැඹීමට හැකි එකක් බව මගේ විශ්වාසයයික්ර්යි 1947 වසරේ බ්‍රිතාන්‍යයේත් 1951 වසරේ එක්සත් ජනපදයේත් ප්‍රදර්ශනය වන මෙම සිනමා පටය හාස්‍යෝත්පාදක රහස්පරීක්ෂක කතාවක් තේමා කරගෙන නිපදවූවක්. අදියුරුව චර්ල්ස් ක්‍රිච්ටන් හා නිමැවුම මයිකල් බෝල්කන්ගේ. 6.9 ක IDMB අගයක් ලබාගත් මෙහි තිර රචනය ටී.ඊ.බී. ක්ලාර්ක් විසින්. හැරී ෆොව්ලර් ජෝ කර්බි ලෙසත්, ඩග්ලස් බර් ඇලෙක් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

මිනිත්තු 82 පුරා දිවයන මේ සිනමාපටය දෙවන ලෝක යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට සිදුවූ දේපල හා සමාජීය හානිය ඔබට විදහා දක්වන්නක්. යොවුන් ළමුන් පිරිසක් විසින් සංවිධානාත්මක සොරකම් වැලක සුලමුල සොයාගැනීමක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත.

ජෝ කර්බි හට අහම්බෙන් ලැබෙන චිත්රකතා පත්තරයක් ඔවුන්ගේ වීර ක්‍රියාවට මග පාදනු ලබයි. රහස්පරීක්ෂක කතාවක් වන එය කියවන ජෝ හට යථාර්ථය තුල, චිත්‍ර කතාවේ සිදුවීම් සිදුවන බව අවබෝධ වෙයි. ඇතිවන සැකය නිසාම මේ පිළිබඳව පොලිසියට පැමිනිල්ලක් ඉදිරිපත් කලද මෙය හුදු මනඃකල්පිත කතාවක් බව පවසමින් පොලිසිය ජෝ කර්බිව අවඥාවට පත් කරනු ලබයි.

නමුදු එයින් නොසැලෙන ජෝ තම මිතුරන් සමග එක් වී තව දුරටත් මේ පිළිබඳව සොයා බැලීමේදී මෙම මංකොල්ල කරුවන් තම පණිවිඩ හුවමාරු කරගනු ලබන්නේ මෙම චිත්‍රකතාව හරහා බව හෙලිකරගනී. පසුව මෙම කතාව පුවත්පතට ඉදිරිපත් කරන ශිල්පියා හා මුද්‍රණාලයේ සේවකයකු සමග එකතුවී චිත්‍රකතාව හරහාම කල්ලියට ලබාදෙන පණිවිඩයක් මගින් සොරකම් කරන ලද භාණ්ඩ සමග සොර කණ්ඩායම පොලීසියට අල්වා දීමට සමත් වෙයි. මේ මෙහෙයුම සඳහා ජෝ ගේ මිතුරන්ගේ මෙන්ම ලන්ඩනයේ සියලුම සමවයස් ලමුන්ගේ සහය ජෝ විසින් ලබාගනී. yify torrent එකෙන් මෙම පිටපත බාගත හැකියි. කොමෙන්ටුවකින් සහයෝගය පලකරන්න අමතක කරන්න එපා.

North By Northwest [1959] තියෙනව දවස් දෙක තුනකින් දෙන්නම්.

Hue and Cry (1947) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>