ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගන ආවා. තුන්වෙනි සීසන් එක ලබන අවුරුද්දේ විකාශය වෙන බව තමයි මේ වෙනකොට සදහන් වෙලා තියෙන්නේ. කොහොම උනත් කතාව අවසන් වෙන්නේ තුන්වෙනි සීසන් එක පටන්ගන්න ඕනෑවටත් වඩා කරුණු සහ කුතුහලය අපිට ඉතිරිකරමිනුයි. පසුගිය කොටසේ වගේම මේ කොටසේත් නමේ තේරුම කිව්වේ නැත්නම් ඒක අඩුපාඩුවත් වේවි. රොනින් කියලා කියන්නේ නායකයෙක් හෝ මගපෙන්වන්නෙක් නැතිව සවාරියේ යෙදෙන සමුරායි වීරයෙක්.
හොදයි එහෙමනම් පසුගිය කොටස් වල සිදුවීම් දිහා බලමු. මේ වෙනකොට බෘසාඩ්ගේ කණ්ඩායමේ ඉතිරිවෙලා ඉන්නේ බෘසාඩ් සහ මෝගන් දෙන්නා විතරයි. අනිත් හැමෝම මිය ගිහින්. ඒවගේම එහා පැත්තේ කොලනියෙන් මේ පැත්තට ආපු නෝවාත් මිය ගියා මතක ඇතිනේ යකඩ අත්වැස්ම හොයාගන්න මෙහෙයුමේදී. හැබැයි කේටි බෝමන්ගේ පවුලේ පස්දෙනාම යහතින් ඉන්නවා. ඒ වගේම මැඩීට එයාගේ අක්කා කියපු කතාව ඇත්ත කියලා තේරෙන්නත් එක්ක නෝලන් බර්ජස් එයාව හරිත කලාපයෙන් ඉවත් කරනවා. ඒ වගේම මැඩීගේ පුතාත් මේ වෙනකොට එයා ළඟ නැහැ. ඒ වගේම ධායකයාගේ තීරණය තමයි ලොස් ඇන්ජලීස් බ්ලොක් එක පූර්ණ ශෝධනයකට ලක් කිරීම. ඒ කියන්නේ මිනිස්සු ඔක්කෝම කම්හලට යවන එක.
අද කතාව බලන්නකෝ. මේ වෙනකොට යකඩ අත්වැස්ම අරන් කොලනියෙන් පිටවෙන්න බෝමන් පවුල සියලු කටයුතු සූදානම් කගන හිටියාඋණත්, තවම එයාලට ඒකට ක්‍රමයක් පෑදුනේනැහැ. ඒ නිසා එයාලා මේකට අපි කවුරුත් දන්න කියන කෙනෙක්ගේ පැත්තට හැරෙනවා. එයා ඉතිං සුපුරුදු දේශපාලනික සට කපට කම් වලින් පිරුණු පුද්ගලයෙක්. එයා කේටිලට උදව් කරයිද? උදව් කලත් ඒ යටි අරමුණක් තියාගන නෙවෙයිද? එහෙමනම් කතාව බලන්නකෝ. ඒ වගේම මේ පූර්ණ ශෝධනයට මිනිස්සු මුහුණ දෙන්නේ කොහාමද? ත්‍රාසය කුතුහලය සමඟ නරඹන්න දෙවන සීසන් එකේ අවසාන කොටස.
මේ වෙනකන් කතාව එක්ක එකතුවෙලා හිටිය හැමෝටම සහ කතාව මීට පෙර උපසිරැසි ලබාදුන් අයට ස්තුතිය පුද කරමින්ම මේ සීසන් එකේ නිමාව සනිටුහන්කරනවා. ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Colony.S02E13.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.