Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Transporter 3 (2008) with Sinhala Subtitles |ප්‍රවාහකයා 3 [සිංහල උපසිරසි සමඟ] (50)

$
0
0

සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඉතින් මේ වතාවෙ අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු ජීවිතේ කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්, මොකද ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාව බලපු නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ, මේ ට්‍රාන්ස්පෝටර් ෆිල්ම් සඟරාවෙ අවසන් ෆිල්ම් එක, ඒ කියන්නෙ තුන්වෙනි ෆිල්ම් එක තමයි මේ දිග හරින්න උත්සාහ කෙරුවෙ, ෆිල්ම් එකේ මුල සිට අවසානය දක්වාම ලොකු රස වින්දනයක් තියෙන ෆිල්ම් එකක්, බලපු අය දන්නවා සිද්ධිය කොහොමද වෙන්නෙ නියල, ඒ වගේම මේ ෆිල්ම් එක මට වෙන්කරල දුන්නු අසංක සොහොයුරාටත් ගොඩක් ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරනවා.

ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2008 අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 26 වෙනිද, ෆිල්ම් එකට ලැබිල තියෙන IMDB අගය 6.1 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 84% ලැබිල තියෙනවා, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Olivier Megaton කියල කෙනෙක්, ෆිල්ම් තුනේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Jason Statham.

ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම් මේ විදිහට, ජේසන් ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ෆ්‍රැන්ක් කියල, යම් මැර පිරිසක් විසින් ඇවිල්ල එයත් එක්ක ප්‍රවාහන ගනුදෙනුවක් ගැන කතා කරනව, නමුත් ඒකට ෆ්‍රැන්ක් කැමති වෙන්නෙ නෑ, එයා වෙන ප්‍රවාහකයෙකුගෙ ලිපිනයක් එම පිරිසට දෙනවා ඒ වැඩේට එයාව සමබන්ධ කරගන්න කියල, එයාගෙ නම මැල්කම්, නමුත් මැල්කම් ට ඒ වැඩේ කරන්න බැරි වෙනවා, මොකද එම ප්‍රවාහන කටයුත්ත සාමාන්‍ය එකක් නෙමෙයි, ඊට පස්සෙ අර පිරිස කෙලින්ම එන්නෙ ෆ්‍රැන්ක් ව හම්බ වෙන්න, ෆ්‍රැන්ක් ව බලෙන්ම එයාලගෙ තැනකට අරගෙන ගිහින් එයාගෙ අතට යම් වළලු උපරණයක් දානවා, ඒක තාක්ෂණික උපාංගයක්, එම උපාංගයෙත් ලොකු විස්තරයක් තියෙනවා, ඒ ගැන ඔයාලට තේරුම් ගන්න පුලුවන් ෆිල්ම් එක බලද්දි, ඒ වගේම ෆ්‍රැන්ක් ට ලැබෙන ජොබ් එක තමයි, යම් බෑග් වගයක් සහ ගෑනු ළමයෙක්ව ප්‍රවාහනය කරන්න, ඉතින් මේ කටයුත්ත ලේසි පහසු කටයුත්තක් නෙමෙයි, ෆ්‍රැන්ක් ට එම කටයුත්ත අකමැත්තෙන් හරි කරන්න වෙනව, මොකද අර මැර පිරිසගෙ බල කිරීම නිසා තමයි ෆ්‍රැන්ක් ට ඒ වැඩේ කරන්න සිද්ධ වෙන්නෙ, අපි බලමු ෆ්‍රැන්ක් එම ප්‍රවාහන කටයුත්ත කරන්නෙ කොහොමද කියල.

ඉතින් වෙනද වගේම නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

කලින් පළකර ඇති ලිපිය
ට්‍රාන්ස්පොටර් 1 හා 2 වගෙම මේකත් ඇක්ෂන් වලින් අඩුවක් නැති ෆිල්ම් එකක්..නමේ හැටියටම හිතාගන්න පුලුවන්නේ කතාව..බඩුවක් ප්‍රවාහනය කරන්න තමයි තියෙන්නෙ..මේ මම දෙවනියට ආස නලුව රගපාන ෆිල්ම් එක නිසා මම නම් මේ ෆිල්ම් එක ආසවෙන් බැලුව,ෆිල්ම් එකේ වරදක් නෑ ( කතාව නම් එච්චර විශෙෂ එකක් කියන්න අමාරුයි ) හ්ම්ම්..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට හොද ෆිල්ම් එකක් කියන්න පුලුවන්..ඒ උනාට වෙනස් තේමාවන් වල ෆිල්ම් බලන්න ආස අයට මේක අල්ලල යන එකක් නෑ..කොහොම උනත් සාමාන්‍යයයෙන් හොද ෆිල්ම් එකක් ,බලලම තීරණය කරන්නකො කොහොමද කියල..

Transporter 3 (2008) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Transporter.3.2008.720.BrRip.x264.YIFY+HI

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>