කොහොමද කට්ටියට? මෙන්න එහෙනම් තුන්වෙනි කොටසත් ගෙනාවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයාලත් දන්න කියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි දාන සිසිල ප්‍රසාද් සහෝට මේ අලුත් සිතියම හදල දුන්නට. කතාව නොබලන කෙනෙක් විදියට නොදන්න කතාවක තියෙන සිතියමක් හදන්න කිව්වහම අනිවා දෙතුන් පාරක් නෙවෙයි සෑහෙන වතාවක් එක එක දේවල් වෙනස් කරලා හදල දෙන්න කියල මම කියන දේවල් ඒ විදියටම හදල දෙන්න එයා සමත් වුණා.
ඇත්තටම මේ සිතියම් දාන එක මුල ඉඳන්ම කරන්න තිබ්බ නම් තමා වටින්නේ. සමහර අයට මේක නිකන්ම කතාවක් වුණාට හරියටම රසවිඳින රසිකයන්ට නම් අදාළ සිදුවීම් සිදුවුණේ කොයි හරියෙද? ඒක අනික් සිදුවීමට කොච්චර කිට්ටුද කියන එක දැනගන්න එක වටිනවා. කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුවෙන්ද ඩ්‍රැගන්ස්ටෝන් තියෙන්නෙ. ආර්යා දෙවෙනි කොටසෙදි නැවතුන නවාතැන කිංග්ස්ලෑන්ඩින් වලට කොච්චර කිට්ටුද? ඩ්‍රැගන්ස්ටෝන් ඉඳන් කාස්ට්ලි රොක් වලට ගහන්න යන්නෙ කොහෙන්ද? ඇයි ඩෝන් හමුදාව විතරක් නැව් වල ගෙන්වන්නේ? ටයිරෙල් හමුදාව කොහොමද එතකොට එන්නේ? (සිතියම එක්ක බැලනකොට තේරෙනවා කිංග්ස්ලෑන්ඩින් වලට රීච් ඈඳෙන හින්දා ගොඩබිමෙන් රීච් හමුදාව එන්න පුළුවන් කියලා.) අන්න ඒ වගේ දැවෙන ප්‍රශ්න වලට සිතියමක් ඇසුරෙන් පිළිතුරු දැනගන්න තියේ නම් වෙන කාට නැතත් මට නම් වටිනවා.
හරි එහෙනම් අපි මේ අලුත් සිතියම ඇසුරෙන් පහුගිය කොටස මතක් කරගම්මු.
වින්ටර්ෆෙල් හිඳී… ( සිතියමේ අංක 01 )
ජෝන් ස්නෝව්ට සෑම්ගෙන් ලැබෙන පණිවිඩය වෙන මකර වීදුරු ඩ්‍රැගන්ස්ටොන් වල තියනවා කියන දේ මත පදනම්ව ඔහු තීරණය කරනවා උතුරේ පාලනය සන්සා හට බාර දීලා ඩැනේරිස්ගේ පණිවුඩය අනුව ඇයව මුණ ගැහෙන්න යන්න. මේ සතියේ ඔන්න මෙච්චර කාලයක් මුණ නොගැහුණ කට්ටියක් එකට හමුවෙන්නයි යන්නේ. ඒ වගේම ජෝන් තර්ජනය කරනවා පීටර් බේලිෂ්ට සන්සට අතක් හරි තිබ්බොත් ඒ බේලිෂ්ගේ අවසානය කියලා.
රිවලෑන්ඩ්ස් වල… ( සිතියමේ අංක 02 )
පාරවල් හමුවෙන තැන තියෙන තානායමේදී කාලාන්තරයකට ඉහත වෙන්වුන මිත්‍රයාව හමුවෙන ආර්යා උතුරේ සිදුවීම් දැනගෙන තීරණය කරනවා වින්ටර්ෆෙල් යන්න. අතර මගදි ඇයට තම සුරතලා වූ නයිමෙරීයා හමුවුණත් ඌ ඇය කැටුව යන්න අකමැති වෙනවා.
ඩ්‍රැගන්ස්ටෝන් වල… ( සිතියමේ අංක 03 )
ඩැනේරිස් මුලින්ම ලෝඩ් වේරිස්ව අල්ලගන්නවා ප්‍රශ්න කරන්න. තමුන්ව මීට ඉහත මරවන්න හදපු ආකාරය ගැන එහෙම එහෙදි අහනවා. හැබැයි අන්තිමේ ඔහුට සමාව දෙනවා. ඔය අතර මැලිසැන්ඩ්‍රේ එනවා ඇයව හමුවෙන්න. ඇය කියන දේ අහල ජොන් ස්නෝව්ට පණිවිඩයක් යවනවා ඇයව ඇවිල්ල මුණ ගැහෙන්න කියලා. මේ අතර ඔවුන්ගේ යුද සැලසුම් අනුමත කරගෙන ඒ අනුව ක්‍රියාකරන්න පටන් ගන්නවා.
කිංග්ස්ලෑන්ඩින් වලදී…( සිතියමේ අංක 04 )
සර්සි රීච් හී ටයිරෙල් වංශය යටතේ ඉන්න උප වංශාධිපතීන් කැඳවා ඔවුන්ගේ සහය ඉල්ලා සිටිනවා. සෑම්ගේ පියා නම් මුලින් වැඩි කැමැත්තක් පෙන්වන්නෙ නෑ තම ප්‍රධාන වංශයට ද්‍රෝහී වෙන්න. ජේමි ඔහුට පොරොන්දු වෙනව යුද්ධයෙන් පසු ඔවුන්ට ප්‍රධාන වංශය ලෙස උසස් කරන බවට.මේ අතර මකරුන්ට විරුද්ධව කයිබර්න් විශාල දුන්නක් හදනවා.
පටු මුහුදේදී… ( සිතියමේ අංක 05 )
කිංග්ස්ලෑන්ඩින් වැටලීම පිණිස ඩෝන් සේනාව රැගෙන එන්න යන ග්‍රේජෝයි නැව් පෙළට යූරෝන් පහර දෙනවා. අවසානයේ සෑන්ඩ් ස්නේක්ලා දෙන්නෙක් මියයන අතර, එලාරියා සෑන්ඩ් ව යාරා ග්‍රේජෝයිව සිරභාරයට ගන්නවා. තියොන් පැනල යනවා.
ඕල්ඩ් ටවුන් හිදී… ( සිතියමේ අංක 06 )
සෑම් රහසිගතව ජෝරාට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඒකත් කරන්න තහනම් ප්‍රතිකාරයක්.
කතාවේ නියම රස ගැනීමට කියවියම යුතු පසුබිම් විස්තර ලිපි.
01) අදාල භූමියේ සිතියම් සමඟ විස්තරය.
02) මේ වන තෙක් සම්පූර්ණ ඉතිහාස කතාව සරලව.
03) ඇදහීම් හා නයිට්වරු.
04) ප්‍රබල වංශවත් පවුල් – පළමු කොටස.
05) ප්‍රබල වංශවත් පවුල් – දෙවන කොටස.
06) ඓතිහාසික යුද්ධ හා කැරළි – පළමු කොටස.
07) ඓතිහාසික යුද්ධ හා කැරළි – දෙවන කොටස.
08) ඓතිහාසික යුද්ධ හා කැරළි – තෙවන කොටස.
09) රතු දෙවියන් සහ Azor Ahai (අසෝ(ර්) අහායි)
10) ඩෝන් වලට Prince තනතුර ආ හැටි
11) යූරොන් ග්‍රේජෝයි හා Faith Militant
12) Tower of Joy, ඩැනේරිස් ටාගේරියන් සහ දොතරාකි හමුදාව
13) තරිඳු සහෝගේ යූටියුබ් කුප්පි ටික.
14) නෙරංජි නගාගේ සිංහල රිවිව් ලිපි.
Works with – All HDTV & WEB Releases
370 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.